
(අංජුල මහික වීරරත්න)
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දැනට මෙරට වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000කි. නමුත් දැනට නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණි. ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු ලබයි.
මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තට්ටේ පෑදීගෙන එනකොට දැන් තමා මතක් වෙලා තියෙන්නේ?
පොල්වලට හොඳ මිලක් දෙන්න. ආනයනය කරන ආහාරයට ගන්න සෑම තෙල් වර්ගයකටම ඉහල බද්දක් පනවන්න. ටිකක් මිල ඉහල ගියාට කමක් නෑ. දේශීය තෙල් බිත්තර රබර් තේ කර්මාන්ත රටේ සේවා නියුක්තියෙන් විශාල කොටසක්.ඔවුන්ට අවශ්‍ය සහනාධාර නොව ඉහල මිලක්... ජපානය කරන විදිය බලන්න...
ආනයනය කලාම රේගු ගාස්තු ලැබෙනවා නේද? රටින් සල්ලි පිටරට ගියාම මොකෑ ලොක්කා රේගු ආදායම් ලැබෙන නිසා ගේන්න දෙන්න. මම ඇමතිවරයා නම් කරන්නේ පොල් වගාව කෙරෙන ප්‍රදේශවල ගමකට එක් තැනක තෙල් සිදීමට පහසුකම් හදනවා, පොල් වේලීමට හා තෙල් සිදීමට යන්ත්‍ර සවිකර දෙනවා. අඩුම තරමින් ගමේ දෙතුන් දෙනෙක් හරි රැකියාවක් ලැබේවි. රට තෙල් අවශ්‍ය නැහැ. ඒත් සමහරක් රේගු ආදායම් සොයන නිසා ඒක තමයි ප්‍රශ්නයක් වෙන්නේ.