
(සුමිත් පොතුපිටිය)
පයාගල පොලිසියේ රථවාහන අංශ නිළධාරින් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.
මෙම සිසුවා මිතුරෙකු සමග ඊයේ (07) පස්වරුවේ පියාට අයත් යතුරු පැදියෙන් අසල ඇති වෙළද සැලකට ගොස් ඇති අතර , මිතුරා හෙල්මට් පැළද සිට නොමැති බව පොලිසිය සදහන් කරයි.
ඒ බව දුටූ පයාගල පොලිසියේ රථවාහන අංශ ජංගම නිළධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ විත් යතුරු පැදිය නවත්වා බැන වදිමින් යතුරු පැදිය අසලට පැමිණ තිබේ. ඒ මොහොත වනවිටත් එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇති අතර , බියටපත් පාසල් සිසුවා යතුරු පැදිය පනගන්වා අසල පිහිටි ඥාති නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සදහන් වේ.
නැවත ඔවුන් ලුහුබැඳ පොලිස් නිළධාරින් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනේ පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාට කනේ පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර ,ඒ මොහොතේ ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර බූට් සපත්තුවෙන් තුනටිය ප්‍රදේශයේ පාගා ඇතිබවද සිසුවා වැඩිදුරටත් පැවසීය .
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව් .ඒ. අසංක යන අය කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීම සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බළධාරින්ගෙන් ඔහු ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් සුනකයන්ට කිසිවකුට පහරදීමට අයිතියක් නැහැ .ඔවුන්ට විරුද්ධව නීතීය ක්රියාත්මක කළයුතුයි.
පොලිසිය ජනතාවගෙන් නීතිගරුකව ජීවත්වීම බලාපොරොත්තු වෙනවා වගේම ජනතාවත් පොලිසිය නීතිගරුකව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. එබැවින් මෙතැනදී වරදක් කලොත් ජනතාව නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලැබෙනවා සේම පොලිස් නිලධාරිනුත් නීතිය ඉක්මවා ගොස් වරදක් කර ඇති නම් ඔවුන්වද නීතිය ඉදිරියට පමුණුවා අධිකරණ ක්රියාමාර්ග වලට ලක් කළ යුතුයි.
මැරෙන්න ඕන එකාට මැරෙන්න දෙන්නේ නැතුව පොලිසියත් දා ගන්න ලෙඩ.
වන්දියක් ඉල්ලන්න
පහර දීම කෙසේවත් අනුමත කරන්න බැහැ... ඒත් අවුරුදු 16 ක දරුවෙකුට රියදුරු බලපත්රය නැතුව මාර්ගයේ රිය ධාවනය සදහාත් හිස් ආවරණ නැතුව යාමට අවසරය දීමට කටයුතු කළ පියා දරුවන්ට ගහන්න එපා කියලා පැමිණිලි කරනවා. දරුවෝ ගුටිකාලා තියෙන්නේ අල්ලාගත්තාට පසුව පැනයාම නිසා පේනවා මෙහිදී පොලිසිය පියාට අවවාදයක් කරන්න ඕනෑ...
ඔහොම තමයි කරන්න ඕනෑ. පාසල් ළමයෙක් වුණත් රටක නිතිය පිලිපදින්න ඕනේ. ඔවුන් රේස් යන්නේ. පොඩි කාළේම හදන්න ඕනෑ. දෙමාපියොත් දැන ගන්න ඕනෑ දරුවන්ට ඕවා නොදී ඉන්න. උසාවි දාන්න තිබුනේ...!
මදාවි ළමයි හැදුවාම ඔහොම වෙනවා. පොලිස් අණට කීකරු වෙලා නැවැත්තුවා නම් ඔහොම ගුටි කන්නේ නැහැනේ...
අම්මට තාත්තට කීවනම් මීට වැඩියේ කන්න වෙයි. හොදවෙලාවට පොලිසියට අහුවුනේ.