මාතර බන්ධනාගාර රැදවියෙක් උණ රෝගයෙන් මිය යයි මාතර බන්ධනාගාරයේ රදවා සිටි උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් ඊයේ (22) රාත්‍රී දින මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය. 23 December 2023
වාර අවසානය ලබන මස අග පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 23 December 2023
අස් වැසුමේ ප්රතිලාභ පවුල් ලක්ෂ හතරකට අස් වැසුම ප්රතිලාභ ලබන ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. 23 December 2023
දහම් පාසල් අවසානය මේ මස අග බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 23 December 2023
පළාත් සහ දිසා කීපයකට අදත් සවස වැසි උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 December 2023
තහවුරු නොවූ කෝටි තුනක වත්කම් බෙම්මුල්ලෙන් අල්ලයි බෙම්මුල්ල ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 22 December 2023
ඉඩම් කොමිෂමේ නිලධාරින් වගේ ගිහින් මාට්ටු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් අද (22) පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසයි. 22 December 2023
බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා ජනාධිපති රනිල් ප්රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 22 December 2023
’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පැවසීය. 22 December 2023
බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් පෙන්වීම 24 -25 බන්ධනාගාරගත රැඳවියන්ට නත්තල් උත්සවය සහ නව වසර වෙනුවෙන් විවෘතව අමුත්තන් පෙන්වීම සියලුම බන්ධනාගාරවලදී මේ මස 24 සහ 25 දෙදින ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 22 December 2023
මාතර බන්ධනාගාරයේ උණ රෝගයක් පැතිරෙයි මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී. දිසානායක මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 December 2023
ඉම්රාන්ට ඇප රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. 22 December 2023
ඉන්දියානු නව මහකොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාර දෙයි ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ අක්ත පත්‍ර බාර දුන්නේය. 22 December 2023
කුඩ්ඩන්ට අයත් කෝටි 13ක දේපල පොලිස් බාරයට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි 13 කට වැඩි දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) බාරයට ගනු ලැබීය. 22 December 2023
කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. 22 December 2023
ලැගුම්හලක සිටි මධූෂ්ගේ හොර බිරිය පොලිසිය එද්දී පැන ගිහින් ප්‍රබල පාතාල ක්‍රියාකාරියකුව සිට වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි බව කියන නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, දෙස් සහ විදෙස් ගත මුදල් විශාල ප්‍රමාණයක් සහ ඔවුන් පැමණි සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි. 22 December 2023
මත් කුඩු සමග සරසවි සිසුවා මාට්ටු හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. 22 December 2023
එස්.එස්.සී. තහනම ඉවත් කිරීමෙන් ධනුෂ්ක හෙට නැවතත් පිටියට ඕස්ටේ්රලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසර තුනකට අධික කාලයකට පසුව පළමු පෙළ තරගයකට හෙට (23) සහභාගි වීමට නියමිතය. 22 December 2023
මැරෙන දවස කියන්න පුලුවන් ඩූම් කැල්කියුලේටරය මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. 22 December 2023
කෝටි 12ක රන් රේගුවේ හිරවෙයි රුපියල් කෝටි දොළහක් වටිනා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක් අද (22 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 22 December 2023
දින පැන්න කිරිපිටිවලින් රසකැවිලි හදන්න හදලා කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825 ක තොගයක් විකිණිමට සුදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් සොයාගත් බවත් විවිධ ප්‍රදේශවල අයිස්ක්‍රීම් සහ රසකැවිලි නිෂ්පාදකයන්ට මෙම කල්ඉකුත් වූ කිරිපිටි අළෙවි කරන්නේ යැයි හෙළි වූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 22 December 2023
දුම්රියක ගැටී අයෙක් මරුට රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී අද (22) පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 22 December 2023
රිය අනතුරින් පෞද්ගලික සරසවි සිසුවා මරුට ගම්පොල මහනුවර ප්‍රධාන මාර්ගයේ වැලිගල්ල නගරයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබෙමින් සිටි සිසුවකු මිය ගොස් බරපතළ තුවාල ලැබූ තවත් අයකු ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි දවුලගල පොලිසිය පවසයි. 22 December 2023
’’සාක්ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා’’ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 22 December 2023
ලංකාවේ කුළු බඩු රස බලන්න චීනයේ පනහක් එති ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. 22 December 2023
උත්සවය සමයට පෞද්ගලික බස් සූදානම් උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 22 December 2023
වයින් නිෂ්පාදනගාරයක් වටලා අයෙක් අත්අඩංගුවට මොරටුව උයන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිශ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමගින් වයින් නිශ්පාදන තොගයක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි. 22 December 2023
පොලිස් ඇමතිට මරණ තර්ජන දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයකු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ. 22 December 2023
මනුෂගෙන් මහින්දට මුද්දරයක් කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය. 22 December 2023
ශ්‍රී ලන්කන් ගුවනට නව සාමාජිකයෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිගයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර, එම ගුවන් යානය මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (21) සවස රැගෙන විත් තිබේ . 22 December 2023
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026