
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවද හර්ෂ ද සිල්වා මහතා කීය.
"රෝයල් තෝමියන් මැච් එකේදිත් අපා හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා ඉන්නවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.
හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් තමයි ප්‍රශ්නෙ තියෙන්නේ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.
"මේ අය" සමග එකතු වී ඉදිරිපත් කර තිබෙන මොඩලයට විරුද්ධ බව කී හර්ෂ ද සිල්වා මහතා "ඒ කට්ටියත්" ඒක තේරුම් අරගෙන නැතැයි ද කොළයක් බලාගෙන නොම්බර වගයක් කියවනවා පමණක් බවද පැවසීය.
තේරෙනවා නම් කොළ බලාගෙන කියවන්න වැඩක් නැතැයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔයාට උගන්නපු සර් කෙනෙක් ගෙදරට පැනලා ඔයාගේ සල්ලි හොරකම් කළොත් ඒ එයත් එක්ක බියර් බොනවාද? නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්න මනුස්සයෝ...
එයත් අත අල්ල ගන්න වගේ හදන්නේ
පරණ යටගියාව මෙහෙම කියලා.තියෙන එක.හොදා.මොකද බෝට්ටුව කොයි පැත්තට පෙරලෙයි ද දන් නැති නිසා.ඒ නිසා බෝට්ටුව කොයි අතට පෙරලුණත් ඔයාලට බියර් එකක් ගහලා ආතල් එකේ ඉන්න පුලුවන්.
පනින්න හදන්නේ මෙයාත්?
අනේ ඉතින් පුතානෝ දන් දීලා පෙරුම් පුරලා පෙරුම් පුරලා බැරි වෙලාවත් දින්නා වුණත් වැඩක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරනෙනුත් දිනුවා වුණත් අන්තිමට වැඩක් වෙන්නේ නැහැ. මේ ගොල්ලෝ හදන්නේ පුතාව දාලා අයෙත් රෝයල් තුමා ගාවට ගිහින් අර පොහොට්ටුකාරයෝ කරපු දේම රිපීට් කරන්න. මේ ගොල්ලෝ පිටට නොපෙන්නුවත් හිත ඇතුලේ ඉන්නේ රෝයල් තුමා ගාව. මිනිස්සු අයෙත් පාරක් අවුරුදු ගාණක් ගොඩ එන්න බැරි වුණ විදිහටම තව වලක වැටෙනවා.
රනිල්ගේ ගුණ වැයීම, රනිල්ගෙන් විමධ්‍යගත අයවැය මුදල් ලබා ගැනීම, රනිල් සමග එකට බියර් ගැසීම, ඔයාට කිසිම අවුලකුත් නැහැ. රනිල් මුදල් ඇමතිකම දූන්නා නම් ඔයත් යනවා.
මෙයා දහ අතේ රනිල්ගේ ගුණ කියනවා. ඒත් රනිල් ගණන් ගන්නේ නෑ. පව්.
මිනිස්සුන්ට වැලේ වැල් නෑ, මර දොඩෝනවා...
ඒකම තමයි අපිට තියෙන භයත්
කෙකර බානවා...
ඒක දේශපාලනය නෙමේ මහදවල් මංකොල්ල කෑම... ජීවිත පිටින් විකුණා මංකොල්ල කෑම මිනී මැරීම.. හරිම නම...!