
(විමුක්ති එස් රුද්‍රිගු)
නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද(08) රාත්‍රී 8ට දිවුරුම් දෙනු ඇතැයි එරට හමුදා ප්‍රධානි ජෙනරාල් වකර් උස් සමාන් ප්‍රකාශ කළේය.
මහාචාර්ය යූනුස් සමඟ නව අන්තර්වාර රජය ද දිවුරුම් දෙනු ඇතැයි ඔහු පැවැසුවේය.
සාධාරණ මැතිවරණයක් පවත්වා බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පත්කර ගැනීම ප්‍රධාන කාර්යභාර්ය කරගත් 15 දෙනකුගෙන් යුත් උපදේශක සභාවක් මෙලෙස අන්තර්වාර රජය ලෙස පත්කරන බවත් එහි ප්‍රධාන උපදේශකවරයා මහාචාර්ය මුහම්මද් යූනුස් වනු ඇති බවත් ජෙනරාල් සමාන් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සඳහා මහාචාර්ය යූනුස් අද(08) ඩුබායි සිට බංග්ලාදේශය බලා පියාසර කරනු ඇති බවද ජෙනරාල් සමාන් පැවැසුවේය.මහාචාර්ය මුහම්මද් යූනුස් අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමග බංග්ලාදේශය සන්සුන් වීමට පටන්ගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් පත් කිරීමට කටයුතු යෙදුණේ, විරෝධතාවලට නායකත්වය දුන් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්" ව්‍යාපාරය ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.
ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවය. කෙසේ නමුත් විරෝධතාකරුවන් ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන් එක් හඬින් කියා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස මහාචාර්ය මුහම්මද් යූනුස් පත් කළ යුතු බවය.
ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් සහ ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පාර්ශ්වයන්ගෙන් කැමැත්ත ලබා ගත්තේය.
ආර්ථික විශේෂඥයෙක් වන මහාචාර්ය මුහම්මද් යූනුස් සිවිල් සමාජ ක්‍රියාකාරියෙක්ද වේ. බංග්ලාදේශ දිළිදු වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින්, ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්ප හඳුන්වා දීම සම්බන්ධයෙන් මහාචාර්ය මුහම්මද් යූනුස්ට නොබෙල් සාම ත්‍යාගය 2006 වසරේ දී හිමිවූවේය.
බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් සහ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ රජය එළවා දැමීම සඳහා පැවැති විරෝධතවලදී 455 කට වැඩි පිරිසක් මියගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය නමින් බලයට පත්වී අධිකාරිවාදී පාලනයක් ගෙන ගිය අගමැති ෂෙයික් හසීනාට අවසානයේ අගමැති ධුරය හැරදමා රටිනුත් පිටවන්න සිදුවුනා. හසීනා යටතේ රට දියුණුවූවත් ඒ දියුණුවේ ඵලය බහුතර ජනතාවට අත්නොවීමේ ප්‍රතිවිපාක රජයක් පෙරලීමට තරම් ප්‍රබල විය...
මෙන්න මෙතැනදී තමයි මෙහෙ අරගලය එහෙ අරගලයෙන් වෙනස් වෙන්නේ. මෙහෙ අයට පැන්නුවාට පස්සේ පත්කරගන්නේ කවුද කියලා අදහසක් තිබ්බේ නෑ. කොහේවත් ඉන්න කෙනෙක් නිකන්ම රජ වුණා.
බුද්ධිමත් තීරණයක්. එරට සමෘද්ධිමත් කිරීමට ශක්තිය ධෛර්යය එතුමන්ට ලැබේවා...!
ඉස්සර ආර් ප්‍රේමදාස අගමැති කාලයේ පටන්ගත්ත ඇඟලුම් කම්හල් දෙසීයක ව්‍යාපෘතිය හරියට පවත්වාගෙන යාමට චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව පියවර ගත්ත නම් අද බංග්ලාදේශය ලබන ආදායමෙන් ලොකු කොටසක් ලංකාවට එන්න තිබුණ. අනික ජවිපය ඇතුලු වාමාංශික කෙනෙහිලිකම්. කම්හල්වලට සගයො රිංගවල වර්ජන කරවල වට්ටවන ජරා වැඩේ.... අතයට මුදලට කරපු දේවල්...