
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සී දුව පොලීසිය කියයි .
අද 8 අළුයම දොළහයි තිහට පමණ ඇතිවූ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලා වත්ත ශානික දේශාන් නමැති තිස් අට හැවිරිදි පුද්ගලයකු බව හෙළි වී ඇත.
සීදුව දෙස සිට කොටුගොඩ දෙසට මෝටර් රථයක් ධාවනය වී ඇති අතර කොටු ගොඩ මස්කඩේ හන්දියේ තාවකාලික පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත .
පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් පොලිස් නිිිිලධාරින් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇතැයි ද ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීයකු අත තිබූ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියකු හා එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .
තුවාලකරුවන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයා එහිදී මිය ගොස් ඇත .
මෝටර් රථයේ පැමිණි සෙසු පුද්ගලයන් තිදෙනා මේ අවස්ථාවේදී පලා ගොස් ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් මාර්ග බාධකයේ කළබලයෙන් වෙඩි වැදි අයෙක් මරුට
ලුම්බිණි Thursday, 08 August 2024 07:37 AM
ඔය කියන්නේ පොලිසිය කියන කතාව නේද ?
පුරවැසියා Thursday, 08 August 2024 07:55 AM
ඔය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ගිනි අවි ඉවත් කරලා නිවැරැදි ව ක්‍රියාත්මක වන ගිනි අවි ටිකක් පොලිසියට අරන් දෙන්න
Chinthaka Thursday, 08 August 2024 08:04 AM
ඡායාරූපය මිනිහා කොහොම කෙනෙක්ද කියලා පෙන්වා දෙනවා
Lakshitha Thursday, 08 August 2024 08:10 AM
අනිවාර්යෙන් පාතාල කේස් තමයි. ඔය මාර්ග බාදකේ වෙන පොලීසියෙ උන් හිටියෙ නෑද මේ තුන්දෙනාගේ ඔලුවට තියන්න පුලුවන් එකෙක්.
CK.Lankaputhra Thursday, 08 August 2024 08:38 AM
හරියට හරි, පාර මැද යුක්තිය හරියටම ඉෂ්ට කරලා වගේ...
රංබොඩ Thursday, 08 August 2024 09:19 AM
සෑම පුරවැසියෙක්ම නීතියට ගරුකළ යුතුයා. නිවැරදි සාමාන්‍ය පුරවැසියෙකුටම නිල ඇඳුමෙන් සිටින පොලිස් හෝ හමුදා නිලධාරීන් දුටුවිට ඇති වන්නේ ආරක්ෂිත හැඟීමකි. රාජකාරියට බාධා කරන්නේ වැරැදි කරන මිනිසුන්ය. නැතිනම් මොකක් හෝ බලයකින් හිස උදුම්මා ගත් මිනිසුන්ය. ඔවුන්ට දඬුවම් ලැබීම සමාජය නිවැරැදි මාවතකට යන පියවරකි...!
Gniljee Thursday, 08 August 2024 12:28 PM
මේක ඇත්තක්ද ? වාහනේ සීසීටීවී, කළු පෙට්ටිය පරීක්‍ෂා කළොත් තමයි ඇත්ත එළියට එන්නේ . කාටද පහර දී වෙඩි තියන්න හැදුවේ.