
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සී දුව පොලීසිය කියයි .
අද 8 අළුයම දොළහයි තිහට පමණ ඇතිවූ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලා වත්ත ශානික දේශාන් නමැති තිස් අට හැවිරිදි පුද්ගලයකු බව හෙළි වී ඇත.
සීදුව දෙස සිට කොටුගොඩ දෙසට මෝටර් රථයක් ධාවනය වී ඇති අතර කොටු ගොඩ මස්කඩේ හන්දියේ තාවකාලික පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත .
පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් පොලිස් නිිිිලධාරින් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇතැයි ද ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීයකු අත තිබූ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියකු හා එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .
තුවාලකරුවන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයා එහිදී මිය ගොස් ඇත .
මෝටර් රථයේ පැමිණි සෙසු පුද්ගලයන් තිදෙනා මේ අවස්ථාවේදී පලා ගොස් ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ පොලිසිය කියන කතාව නේද ?
ඔය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ගිනි අවි ඉවත් කරලා නිවැරැදි ව ක්‍රියාත්මක වන ගිනි අවි ටිකක් පොලිසියට අරන් දෙන්න
ඡායාරූපය මිනිහා කොහොම කෙනෙක්ද කියලා පෙන්වා දෙනවා
අනිවාර්යෙන් පාතාල කේස් තමයි. ඔය මාර්ග බාදකේ වෙන පොලීසියෙ උන් හිටියෙ නෑද මේ තුන්දෙනාගේ ඔලුවට තියන්න පුලුවන් එකෙක්.
හරියට හරි, පාර මැද යුක්තිය හරියටම ඉෂ්ට කරලා වගේ...
සෑම පුරවැසියෙක්ම නීතියට ගරුකළ යුතුයා. නිවැරදි සාමාන්‍ය පුරවැසියෙකුටම නිල ඇඳුමෙන් සිටින පොලිස් හෝ හමුදා නිලධාරීන් දුටුවිට ඇති වන්නේ ආරක්ෂිත හැඟීමකි. රාජකාරියට බාධා කරන්නේ වැරැදි කරන මිනිසුන්ය. නැතිනම් මොකක් හෝ බලයකින් හිස උදුම්මා ගත් මිනිසුන්ය. ඔවුන්ට දඬුවම් ලැබීම සමාජය නිවැරැදි මාවතකට යන පියවරකි...!
මේක ඇත්තක්ද ? වාහනේ සීසීටීවී, කළු පෙට්ටිය පරීක්‍ෂා කළොත් තමයි ඇත්ත එළියට එන්නේ . කාටද පහර දී වෙඩි තියන්න හැදුවේ.