
(ආරියරත්න රණබාහු)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ සවස (06)පැවැත්විණි.
මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් තිබෙන ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කෙරිණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යය සංජීව තෙන්නකෝන් සහ ප්‍රධාන ලේකම වෛද්‍ය ප්‍රභාත් සුඛ දාස ඇතුළු විධායක සභාවේ නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන මහත්වරුද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඩීල් එකක්ද දන්නේ නැහැ... මේ මොහොතේ වැඩියෙන්ම පිටරටවලින් සල්ලි ගලාගෙන එන අපේක්ෂකයෙක්නේ.
බලලා මල්ලෙන් එළියට පනී.
කියන දේවල් අහන්න ගියොත් ගෝඨාභයට සිද්ධ වුනු දේ තමයි අනුරට වෙන්නෙත්
හොඳ හමුවක්... හැබැයි සෞඛ්‍ය සේවය, වෛද්‍ය වරුන්ගේ පාලනයට සහ ග්‍රහණයටම පමණක්ම නතු විය යුත්තක් නොවේ. වෛද්‍යවරුන් තම උතුම් අරමුණු සහිතව ලෙඩුන් සුවකිරීමේ පරමාර්ථයෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. හැබැයි සෞඛය සේවයේ වෙනත් විශේෂඥයින් (උදා; IT , ජීව රසඥ වැනි) කළයුතු වැඩවලට යාමෙන් වළකින්න. එවිට ලෙඩුන් සුවපත් කිරීමට අවශ්‍ය වෛද්‍යවරු ගනනත් වැඩිවේවි. බොහෝ රෝහල් වල පරිපාලනය දුර්වලයි. සමහර වෛද්‍ය වරු PP වැඩ කිරීම සඳහා කනිටු වෛද්‍ය වරුන්ට වැඩ පටවා මාරු වෙති. කනිටු වෛද්‍යවරුන්ට ඇතිවන ආතතිය නිසා ඔවුන්ද සේවයෙන් ඉවත් වීමට පෙළඹේ. පාලනය කරන ඉහළින් ඉන්න වෛද්‍යවරු ඒවා පාලනය කරන්නේ ඉතා අඩු වශයෙනි...
අනුර කුමාර කියන්නේ බුද්ධිමත් නායකයෙක් නම් ඔහු විසින් පළමුව කළ යුත්තේ රටට මෙතරම් වින කළ මෙවැනි ත්‍රස්තවාදී සංගම් රටින් තුරන් කිරීම සහ රටේ සියලු වෘත්තීන්ට සාධාරණ අයුරින් සැලකීම...
තමන් ගැන විටහ්රක් හිතන තිරිසන්නු සෙට් එකක් .වෙන රටවල් වගේ මුන්ගේ පර්මිට් කැන්සල් කරලා ,ප්‍රයිවට් බෙහෙත් දෙන එකත් කැන්සල් කරන්න ඕනේ . ඩොක්ටර්ස්ලා ප්‍රයිවට් කැම්පස් වලිනුත් බිහි කරන්න ඕනේ
කෝ අර කාබනික විශේෂඥ පාදෙනිය උත්තමයා ඔතැන නෑ නේද? එතකොට ස්ත්‍රී සර්වාංග ශාස්ත්‍ර විශේෂඥ තුමා. එයා තමා. එතුමා නැති වෛද්‍ය සමිති සාකච්ඡාව පරිප්පු නැති හෝටල් වගේ නේද...?
මේ අයට මොනවද දන්නේ නැහැ තියන ප්‍රස්න? කෝමත් මේ අය තිස්සේම අහින්සක ලෙඩ්ඩු අනාථ කරලා පාරට බහින්නේ අනුරලා කියන විදිහටනේ...