
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
උදය ගම්මන්පිල මහතා මෙසේද සඳහන් කළේය.
අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. නමුත් අරගලයේ හිටපු සමහරු මගහැරිය නිසා ඒ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජවිපෙ අරගලකරුවන්ට හැකි වූවානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලා දේශයේ තත්වයමයි. රට තවමත් ගිනි ගන්නවා.
ලාල් කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංගලාදේශයේ මහපාරේ නඩුව අහනවා. නඩු අහලා මිනිසුන් මරා දමනවා.
අද බංගලාදේශය අරාජිකවී ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳු ගොඩ ගැහිලා
එවැනි තත්වයක් ඇති කිරීමට සිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා. අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන විනාශයක් කිරීමට සූදානම්වූ බව පවසනවා. අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අැමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බය වෙලා.....
තමුන් නීතිඥයකු වශයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඇත්ත දැනගැනීම කාටත් වැදගත්.
මොවුන් වෛරයෙන් ක්‍රෝධයෙන් පැසවමින් ඉන්නේ, ජාතික ජනබලවේගයේ ආණ්ඩූවක් පත්වෙන බව දැනගෙන. ඒ නිසා අත් අඩංගුවට ගන්න බැරි වුනොත් ඝාතනය කරන්න වුණත් උත්සාහ කරයි.
අන්තිම කාලේ වියරුවෙන් කියවනවා මෙයා.
අර ඕස්ට්‍රේලියානු මනුස්සයගේ දේපොළ පිල්ලිගහපු ගම්මන් පිල්ලියාව අත්අඩංගුවට ගන්න එපාද?
ගෙම්බන්පිල...!
බයියෝ ඔක්කොටම දැන් 88/89 මතක් වෙලා , හොරකාල රට බංකොලොත් කරලා රටේ මිනිසුන්ට යන එන මන් නැති කරේ නැත්නම් මේ විදිහට අද බයේ ඉන්න ඕනේ නැහැ නේ
එතකොට අර ඕස්ට්‍රේලියාවේ අයට ඇරපු එකට මොකද කරන්නේ...?
88/89 ඉපදිලා ඉන්න ඕනෑ නැහැ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න සමන් ආතා 88/89 හිටියත් ඉතිහාසයෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ...!
මාලිමාව බිහිකරන්නේ සෑබෑම ජනතා රජයක්. හොරු හැමෝම හොඳින් ඉන්න...
ජනතා විමුක්ති පෙරමුණ යනු මාක්ස් ලෙනින් වාදය මූලික කරගත් කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂයක්; කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි.ලෙනින්, සහ ලියෝන් ට්‍රොස්කිවාදී කොමියුනිට් වාදය මූලධර්මය කර ගත් කිසිදු පක්ෂයක් ප්රජාතන්ත්රවාදය, නියෝජිත පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිගන්නේ නැත. ඒ සියල්ල ඔවුන් දකින්නේ ධනේශ්වරවාදය සෘජුව පෝෂණය කරන අවයව ලෙසයි. ඔවුන් පූර්ණ විශ්වාසය තබන්නේ සන්නද්ධ අරගලය මතයි. හෙවත් විප්ලවයකින් බලය ගැනීමයි. කොමියුන්ට්වාදී පක්ෂයක මූලික න්‍යායාත්මක හරයක් ඇත... එනම්:- 1 ධනේෂ්වරවාදය ප්‍රතික්ෂේප කිරීම; 2. ධනේෂ්වරවාදී දේශපාලන ක්‍රම ප්‍රතික්ෂේප කිරීම. 3. නිර්ධන පන්ති ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබීම, රාජාණ්ඩු ක්‍රමය, ප්රජාතන්ත්රවාදී පාලන ව්‍යූහයන් ඇති පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය, ලිබරල්වාදය, නව ලිබරල්වාදය, ධනේෂ්වර ෆෙඩරල් වාදය, ආදී සියලු පාලන ක්‍රම ප්‍රතික්ෂේප කරනවා ඇත....
ආදී සියල්ල ප්‍රතික්ෂේප කිරීම. 4. ආයුධ සන්නද්ධ විප්ලවයක් මගින් බලය ලබා ගැනීම හෝ මහජන කැරැල්ලක ඇති වූ අවස්ථාවකදී එයට නායකත්වය දී බලය ලබා ගැනීම. මෙය ද ආයුධ සන්නද්ධ නොවී කළ නො හැක. කොමියුන්ස්ට් අදහස් අනුව එය ද ප්‍රායෝගිකව කළ නො හැක්කේ පාලන බලය හිමි ධනේෂ්වර වාදී සුළුතර පාලයකයන් විසින් ඔවුන්ගේ ආයුධ සංනද්ධ හමුදා යොදා කැරැල්ල මර්දනය කරන බැවිනි. කාල් මාක්ස්ගේ සහ ප්‍රෙඩ්රික් එංගල්ස්, වී. අයි.ලෙනින් ,ලියෝන් ට්‍රොස්කි ආදි සියලු කොමියුනිස්ට් න්යායාචාර්යවරුන් කියා සිටින්නේ ප්රතිගාමී ධනේෂ්වර සුළුතරය විසින් නිර්ධන පංති සටන් ව්‍යාපාරය ආයුධ බලය යොදා මර්දනය කරන බැවින් එයට විරුද්ධව සංවිධානය විය යුතු බව ය. ආයුධ සංනද්ධ විය යුතු බව ය. කම්කරු පංති සටන් ව්‍යාපාර අනීවාර්යයෙන් ම ආයුධ සන්නද්ධ විය යුතු බව අවධාරණය කර ඇත. නිර්ධන පංති විප්ලයේ යුද්ධ වැඩ පිළිවෙළ ගැන වී අයි.ලෙනින් කියා සිටින්නේ “අපගේ සටන් පාඨය විය යුත්තේ ධනපති පංතිය පරාජය කිරීම, එහි දේපල අසන්තක කිරීම හා එය නිරායුධ කිරීම සඳහා නිර්ධන පංතිය ආයුධ සන්නද්ධ කරනු යන්න ය. විප්ලවවාදී පංතියට අනුගමනය කළ හැක්කේ එම උපක්‍රම පමණය.” මේ ආකාරයෙනි. [ලෙනින් තෝරාගත්
කෘති වෙළුම් 12(4)] , 5. විප්ලවය විසින් කම්කරු පන්තිය බලයට පත් කිරීමත්, සමාජය කොමියුනිස්ට් නිෂ්පාදන ක්‍රමයකට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු උපායමාර්ග ගැනීම සඳහා මූලික අංගය වන දේපලවල පුද්ගලික අයිතිය අහෝසි කොට පොදු අයිතියට පත් කිරීම. කොටින්ම කියතොත් පුද්ගලික දේපල ක්‍රමය අහෝසි කිරීම ය. එය ,ප්රෙඩ්ක් එංග්ල්ස් විසින් කොමියුනිස්ට් මූල ධර්මවල දක්වා ඇත්තේ මෙසේ ය. “නිර්ධනයාට සිය ස්වාධීනත්වය ලැබිය හැක්කේ පුද්ගලික දේපොල අයිතිය පොදුවේ විනාශ කිරීමෙන් පමණි.” එමෙන් ම “කොමියුනිස්ට්වරු සිය ප්‍රධාන ඉල්ලීම හැටියට පෞද්ගලික දේපොළ අහෝසි කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි ලෙස ඉදිරිපත් කරති.” කොමියුනිස්ට්වාදී පක්ෂයක මධ්‍ය කාරක සභාව ඉහත දැක්වූ මාක්ස් ලෙනින්වාදී මූල ධර්ම ඉක්මවා නොයයි. කොමියුනිස්ට් වාදී පක්ෂයක් දේශපාලනය කරන රටේ, භූමියේ ඇති විෂමතාවයන් දෙයාකායකින් ප්‍රයෝජනයට ගනී. 1.රටේ දේශපාලන බලය ඇල්ලීමට, මහජන අරගල හෝ සංනද්ධ ක්‍රියාකාරකම් මෙහෙයවීමට උපායමාර්ගිකව ප්‍රයෝජනය පිණිස, 2. දෙවැන්න නම් රටේ දේශපාලන බලය ඇල්ලීමෙන් පසු රටේ භෞමික සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන, ආර්ථික සංවර්ධන කටයුතු උපරිම වශයෙන් සාධනය කර ගැනීම
මේ නයින් බලන කල ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ මේ කියුම් එතරම් අරුමයක් නො වේ. එසේ වුව ද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලනය හොබවන බැවින් මේ කීම බරපතල ය. ව්‍යවස්ථාදායකය හෙවත් පාරිමේන්තුවට කරන ලද නිග්රහයකි. හෙවත් ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට නො සලකා හැරීමක් බව බැලූ බැල්මට පෙනේ.එසේ වීම නිදහස් නිවහල් රටකට සුදුසු නැත. මේ ප්රවෘතියෙහි ඇති කියා ඇති ඇත්තෝ මේවා හොදින් තේරුම් ගැනීම් වැදගත්. කැලෑ නීතිය ගැන කතා හොඳටම ඇති බව ද නො කියා ම බැරි ය. මේ රටේ ජීවත් වන බහුතර ජනතාව බෞද්ධාගමික සහජීවනය අගයන බොදුනුවන් බව අමතක නොකළ යුතු ය. හීන විසමාචාර බලහත්කාරය ගරු කරන්නේ නැත. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන අපට ගැටලු නැත. ඔහුට ඒ සඳහා ඇයිතියක් ඇත.“ගාලු මුවදොර අරගලය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දැමූ පසු වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද හෙතෙම කියා සිටියි.” මේ වැකියෙහි “ වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද” යන වදන්න් පෙළ අනුව හොඳයි! පාර්ලිමේන්තුවට අරගලය හැරවීම වුණා යයි සිතමු;
එයින් කුමක් ද බලාපොරොත්තු වන්නේ. අපගේ අදහස පාර්ලිමේන්තු බලයට කිසි දෙයක් වන්නේ නැත. හේතුව පාර්ලිමේන්තු බලය ඇත්තේ දියවන්නා ඔයේ පිහිටා ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නො වේ. පාර්ලිමේන්තු බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනුව ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත නියෝජන බල ය. එම බලය ගොඩනැගිල්ලකට අයත් නැත. සභා ගර්භයට අයත් නැත. එසේ වුව ත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස් වීමට සභා ගර්භයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උරුම පාර්ලිමේන්තුවේ සියලු කාර්ය සහ කර්තව්‍යයට කිරීමට සමත් සියලු පහසුකම් සහිත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඇවැසි ය. නමුත් ඒ ගොඩ නැගිල්ල බලහත්කාරයෙන් පිරිසක් අත්පත් කර ගත් පමණින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමි වන්නේ නැත. ගිලිහී යන්නේ නැත. අන්සතු වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්ප්‍රභා වන්නේ නැත. ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල වෙනත් සතුරු හමුදා හෝ ආයුධ සංනද්ධ පිරිස් යුද බලයෙන් රටවල් අල්ලා ගත් පසු ඔවුන්ගේ යුද බලය පා, පවතින පාර්ලිමේන්තු බලය අහෝසි කර වෙනත් පාලන ඒකකයන් ස්ථාපිත කරත්. එය “අවියේ බලහත්කාරය” මිස රාජ්‍යයේ
ස්වාධිපත්‍යය නොවේ. උරුමය නොවේ. යුක්තිය නොවේ. ජන සම්මතවාදය නොවේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අරගල කරුවන් අත්පත් කරගත්තා නම් එහි වූ පාර්ලිමේන්තුව සතු ලිය කියැවිලි ඇතුලු එහි සතු, චංචල නිශ්වල දේපල සම්පූර්ණයෙන්ම හෝ යම් කොටසත් හෝ විනාශයට ලක්වීමට ඉඩ තිබිණි. එසේ වුවත් පාර්ලිමේන්තුවේ ව්‍යවථාදායක බලය අන්සතු නොවේ. අත් නොහැරේ. පාර්ලිමේන්තුව සතු සත්‍ය සටහන් පිටපත් විනශ වීම හේතුවෙන් යම් දුෂ්කරකම්වලට මුහුණ දිමට සිදුවෙති. හොඳයි! ඒ සියල්ල සිදු වුවත් පාර්ලිමේන්තු බලය ද යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් හමුදා, සිවිල් ආරක්ෂක බලකා බලය ද අහෝසි නොවේ. විසිරී නොයයි. කථානායකවරයාට කුමන හෝ ස්ථානයක අරක්ෂක හමුදාවේ රැකවරණ මත පාර්ලිමේන්තුව රැස් කළ හැකිය. එමගින් බහුතර මන්ත්‍රී සංඛාවේ එකඟතාවය මත ජනාධිපතිවරයා ඉවත් වීමෙන් පුරප්පාඩු වූ එම ජනාධිපතිධූරයට අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව මසක කාලයකට පත් වීය හැක. ඊට පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ගේ බහුතර එකඟතාවයෙන් හිස් වූ ජනාධිපති ධූරයේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයෙක් පත් කර ගත හැකිය. නව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව ආණ්ඩුක්‍රම...
ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වැන ව්‍යස්ථාව සහ මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව හදිසි නීතිය පැනවීමත් අවශ්‍ය නම් ඇඳිරි නීතිය පනවා රටේ ආරක්ෂාව සුරක්ෂිත කළ හැකිය. අවශ්‍ය නම් යුද නීතිය Marshall Law පැන විය හැකිය. එයට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අදාල නැත. ව්‍යවස්ථාදායක බලය ඇත්තේ ගොඩනැගිල්ලේ නොවේ. එබැවින් සිවිල් අරගලයන් මගින් දූෂිත පාලකයින් පන්නා දැමිය හැකි වුවද රටේ රාජ්‍ය බලය කැරැලි සංවිධායකයින් අතට පත්වීමට හේතු විරලයි. නැතුවා නොවේ. ශ්‍රී ලංකාව වැනි රටක එය හිතන තරම් පහසු නොවනවා ඇත. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය” කියන පැරණි කියමන මෙහිදී සිහියට නැගීම යහපත් වෙනවා ඇත...
තමුන් බලයේ හිටපු කාලේ කරපු දේවල්වලට අත්අඩන්ගුවට ගන්න තිබුනේ මීට කලින්...!
ගම්මන්පිල කවුද ඇත්තටම දැන් යන්න තැනක් නැතිව කුජීත වෙලා ඉන්න දෙකේ කොලේට වැටුනු නිකමෙක්. දැන් වෛරයෙන් ක්‍රෝධයෙන් පැසෙමින් ඉන්න මිනිහෙක්.