
(ෂේන් සෙනෙවිරත්න)
මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57 ක මුදල් එම ගිණුම් හරහා සංසරණය කරගත් කාන්තාවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කාර්යාල කාර්ය සහායකවරයකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මත්කුඩු ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ .
දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම කාන්තාව කංජිපාණී ඉම්රාන්ගේ කුඩු ජාලයේ සිටින දිලිනි නමැත්තියගේ හෙරොයින් මත්කුඩු මෙරට තුළදී අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මෙම කාන්තාවගේ ගිණුම් වලට බැරවී ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd