IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පිරමීඩ ලොක්කෙක් ඉඩම් 16ක් අරන්

(රෝෂන් තුෂාර)

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරනු දක්වමින් අද (07) පැවසීය.

සැකකාර  අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් දාසයෙන් ඉඩම් 12 ඕපනායක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අලෙවි කර ඇති බවත්, එකම දිනයකදී රුපියල් මිලියන ගණනක් යොදවා ඉඩම් 12  මිලදී ගත් වෛද්‍යවරයා පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් සැබවින්ම මෙම වෛද්‍යවරයා ඉඩම් මිලදී ගැන ඇතිද? එම ඉඩම් මිලදී ගත්තේ නම් ඔවුන්ට එම මුදල් ලැබුණේ කෙසේද? යන්න විමර්ශනය කරන බවත් රහස් පොලිසිය පැවසීය.

රහස් පොලිසිය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර අධ්‍යක්ෂකවරයාට විවෘත වරෙන්තු  නිකුත් කළ අතර,වෛද්‍යවරයාට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනමක්ද  නිකුත් කළේය.



අදහස් (1)

පිරමීඩ ලොක්කෙක් ඉඩම් 16ක් අරන්

Lalla Thursday, 08 August 2024 07:27 AM

ඇයි ඇමතිලා මන්ත්‍රීල බහුතරය සල්ලි හොයන විදිය හොයන්න බැරි ඔය ක්‍රමයටම. රාජපක්ෂ සනුහරේ ඇතුලුව.... ඇමරිකාවේ පෙට්රල් පොම්පකරුවා, පරිගණක දත්ත ඇතුලත් කරන්නා වගේ වෘත්තීන්වලට ඩොලර් කෝටිගනන් වැටුප් ගෙවනව ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site