
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ උත්සවයේදී ඒ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව එම එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනය කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර කීපයක කටයුතු කළේය.
තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙක් වන නාමල් රාජපක්ෂ මහතා දක්ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරිය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලයක් තියන එකෙක්වත් මූට චන්දෙ නොදෙන එක ස්ථිර වේ
රාජපක්ෂ නාමයක්වත් මේ රටට එපා.මුලු පරපුරක් එකතුවෙලා මේ රට විනාස කලා.මේ රට මෙ තත්වයට වැටිල තියෙන්නෙ මේ හැතිකරේ නිසා.රටේ සල්ලි ,බලය මුන් පාව්ච්චි කලෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ.හොරකම වංචාව තුලින් මෙ හැත්ත අපේ රට විනාස කලා.මුන්ට චන්දෙ දෙන්න ලන්කාවෙ නම් මිනිස්සු නෑ
ජන්ද ලක්ෂ 5 ගන්නේ නැහැ! මේ වගේ අයට ජන්දේ දේන්න එපා!
සුබ පැතුම්! තාත්තා මෙන්ම රටට වැඩදායී නායකයෙක් වේවා!
බලයට කෑදරකම හොඳට පේනවා. මේක නාමල් ගේ වෙලාව නෙවි. බාප්පට වෙච දෙයක් තම වෙන්නෑ. දම්මික ට වෙන්නේ ලලිත් කොතලාවලට වෙච දැයි තම
රාජපක්ෂ පාලනයේ අවසානය. අවුරුදු 2කින් කඩා වැටුන එක ගැන ගොඩක් සතුටුයි.
නාමල් පුතේ, ඔබ ඔබේ පියා කල වැරදි , නයින්ව අයින් කර, සාටකය ඉවත් කොට, මින් ඉදිරියට වැරදි කාරයින්ට අච්චු කොට වෙච්ච දේ පාඩමක් ලෙස ගෙන ,ඔබගේම දේශපාලන මගකට පිවිසෙන්න. ඔබේ ජයග්‍රහණය ඇත්තේ එතන. තවමත් අවන්ක කමට සිහලුන් ගාව ඉඩක් ඇත .
ජීවිතයේ කිසිම නඩුවක් කථා නොකල අති දක්ෂ නීතීඥයෙක් ලෙසද එතුමා ප්‍රසිද්ධය.
පොහොට්ටු රග දැක්වු නාඩගමේ අවසන් ජවනිකාව විකාරරූපී උනා. නංගිව පෙන්නලා අක්කව නොවෙයි ආච්චිව දෙන්නයි රාජපක්ෂ කල්ලිය ට්‍රයි එක දැම්මේ.
ලංකාවෙ රට මීහරක් කීයක් ඉන්නවද කියල දැං හරියටම ගනංකරතෑකි.
පොහොට්ටුවේ චන්ද නාමල්ටම තමා
නාමල් පිපෙයි.හැබැයි කල් යයි.
හැම දේටම ඉතිහාසය අරගෙන කෑගහන්නේ වයිෆ් ල. එහෙම නොවී මේ මනුස්සයටත් ඇහුම්කම් දෙන්න බලන්න. හැම දේම කඩා වැටුන වෙලාවේ මේ වගේ ඉදිරිපත් වෙන්න තියන මානසික ශක්තියවත් අගය කරන්න.
22 බලමු % කීයද ප්‍රතිශතය කියලා .මම හිතන්නේ 5 %
මේක ජනාධිපතිවරණය නෙමෙයි මහ මැතිවරණය ඉලක්ක කරගත් දේශපාලන තීරණයක් වගේ. මහ මැතිවරණයේ ආසන පහක් ගත්තත් ඒක තීරණාත්මක වෙන්න පුළුවන්.
මහා චෞරයාගෙන් පොඩි චෞරයාට
රනිල් සීයාට වඩා චන්ද ගන්න සුදු පුතේ .ඔබව දාලා ගිය ගුණමකු මිනිස්සුන්ට අඩෙන්න
මේක දැක්කම මට හිතුනා රැපියල් හැත්තැදාහක් දීලා පොල් කරැවවත් ඉදිරිපත් කරන්න. ඌටත් මෙයාට වැඩිය ලයික් තියෙනවා.
දක්ෂතම රග්බි ක්‍රීඩක සම්මානය.... මැරයෝ දමා විරුද්ධවාදී කණ්ඩායම භීතියට පත්කර බලෙන් ජයග්‍රහණය කල අති දක්ෂ කණ්ඩායම....ජනපතිවරණයත් එහෙම කරන්න උත්සාහ කරයිද?
ඔච්චරද එයා ගැන කියන්න තියෙන්නේ ?
අනාගත ජනපති ඔබයි රජුණි
හරි සන්තෝසයි
රටට අබ සරණයි
සරණාගත වීසා ඉල්ලන්න වෙන්න ඇති. ඒත් වෙලාව මදි වෙයි ....
ඡන්දය පාවිච්චි කරනකොට ඉතා සුළු පිරිසකට අත් වැරදීම් වෙනවා.. ඒ වගේ ඡන්ද තමයි මේ සැරේ නාමල්ට සහ අනෙකුත් ත්‍රීවිල් අපේක්ෂකයන්ට ලැබෙන්නේ... පුළුවන් නම් ඡන්ද ලක්ෂයක් අරන් පෙන්වන්න.
මොන නාට්‍යයක්ද? මේ
21 වෙනිාට දෛවයේ සරදම් බලන්න පුලුවන් ....
අරගලේට ගහන්න ප්ලෑන් කලෙත් මේ අය මේ විදියටමයි. මෙතනින් වැඩි හරියක් ළගදීම හිරේ යනවා….
නාමල් පුදුම බල තණ්හාවෙන් මත්වෙලා... අනේ මෙහෙමත් තණ්හාවක්. මැරෙන්නේ නෑ කියලා හිතාගෙන මේ බලයට පොරකන්නේ බැරි බව දැනගෙනත්...
ඔබට ජය නියතයි.... කැප කිරිම් කරන්න....
මේක තමයි මේ ඡන්දේදි එළිදක්වන රාජපක්ෂ පැරා මීටරය. එළහරක් ගණන හරියටම සංගණනය කරගත්තෑකි...
දැක්කහම වෙලාවකට දුකත් හිතෙනවා. පව් අප්පා පව් පුතා කියල. තමන්ට බලය තිබ්බ කාලේ හරි පාරේ හරි විදියට අවංකව ප්‍රතිපත්ති ගරුකව වැඩ කරන්නේ නැතුව කරන්න පුළුවන් තරම් හැම ජවුසමක්ම නටලා ගහන්න පුළුවන් හැම ගැහිල්ලක්ම ගහලා හොඳට ජොලියේ ඉඳලා දැන් තෙල් ඉවර වෙලා නිමෙන්න යනකොට නිකම් නන්නත්තාර වෙලා බුහුත නාඩගම් පෙන්නනවා. මිනිහෙක්ගේ ඉරණම තමා මේ.
දැන් අඩුගානේ බය නැතුව ඡන්දේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අනිත් අය රට බෙදන්න ඉන්දියාවට පොරොන්දු වෙලා නේ ඉන්නේ.
නොදකින් කාලකන්නියා.
රටේ ඉතිරි වෙලා ඉන්න සොච්චම් ගව සම්පත දක්කන්න ගොපළු පියා විසින් ගොපළු පුතාට කෙවිට බාර දුන් වගයි
ආයේ කවදාවත් රාජපක්ෂ පවුලට සම්බන්ද කිසිම කෙනෙක්ට මගේ ජන්දේ දෙන්නේ නෑ. නමුත් මම හිතන විදියට නෙමේ රටේ අනිත් මිනිස්සු හිතන්නේ එක නිසා මෙදාපාර නාමල් ජන්දෙට ඉදිරිපත් වෙලා පරාජෙකින් ගමන ආරම්භ කරන එක මෝඩ තීරණයක්
ආ.. ඔය කපුටු රජාත් මොකවත් නොවුනා සේ, කල එලි බැහල ඉන්නේ!
තාත්තගෙන් පුතාට යන දේශපාලු ක්‍රමය අවසන් කළ යුතුමයි.
නාමල් ජනාධිපති කරලා තිස්සකුට්ටියා අගමැති කරමු.
මේ පාර ඡන්දෙන් හරියට කියන්න පුළුවන් බුරුවෝ ලංකාවේ කී දෙනෙක් ඉන්නවාද කියලා
දැක්කද බොලව් මගෙ පොහොට්ටුවෙ බලේ. මල්ලිට කෙලියා. අයියට කෙලියා. අයියගේ කොල්ලට කෙලියා. තව කාටද කෙලවගන්න ඕන.
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ... ජරාපක්ෂලා රටට සාපයක්..
ආයෙත් කොළඹ රේස් පදිමු මචන්
පවුලේ ජන්ද ටික හරි තැනට වැටෙන්න වැඩ කලානම් හොදටම ඇති.
හොර පෙරකදෝරුවෙක්.මස් මාලු නොකන කෙනෙක්ලූ.ඒ උනාට ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කෑවා. මෙයා කරපුවා දන්නෝ හොන්දාකාරවම දනිති .
ශ්රී ලංකා පොදුජන පෙරමුණ යැයි පක්‍ෂයක් නැත. ඇත්තේ රාජපක්‍ෂලාගේ පවුලේ යහපත පිණිස අටවා ගත් එකතුවකි. එහි පැවත්ම උදෙසා ඔවුන් රට,ජාතිය ආගම කෙරෙහි ජනතාව තුල ඇති භක්තිය තම පැවැත්ම උදෙසාම යොදාගැනීමේ දී ඉදිරියෙන් සිටී. එහෙත් ඇත්ත දන්නෝ දනිති.
රටට සිංහල බෞද්ධ නායකයෙක් අවශ්‍යයි. තරුණ කමත් ඉතා වැදගත්. රජ පෙළපතකින් පැමීනීමත් හොඳයි . මේ අවස්ථාව සුදුසුද කියා නොදනිමි. නමුත් අනාගතයේ මොහු ජනපති වේවි.
අපේ ගොනා අපිට හොඳයි.
මේ වගේ එකෙක් ජනාධිපති කරන්න. මිනිස්සු මේ වගේ හරක් කියලා හිතන් ඇති. මොවුන්ගේ පව්ලේ රෙකෝඩ් එක ගත්තාම. තාත්තා මහ හොරා. බාප්පලා ලෝක හොරු... මුලු ලෝකෙම හිනස්සලා කෙනෙක් පුටුවත් දාලා ගියා. අම්මන්ඩි මුදල් රත්තරන් වන්චා... නැන්දලා, මාමලා... නම ගිය හොරු බේබි ජනාධිපති ඇතුලු අනික් දෙන්නා. නම ගිය පුත්තු ඉගෙනීමක් නැහැ. පියාගේ බලෙන් රටේ ඉහළ පුටුවල වැජඹුනේ ඒ රැකියා සේරම. පියත් එක්කම ඉවරයි. ඛෙත්තාරාමේ විදුලි බල්බ් හොරකම බලහත් කාරයෙන් මොවුන් සේරම හිරේ ඉන්න ඕනෑඅය. තවත් තප්පුලන ටිකකුත් එක්ක හුරේ දානවා. අනුර එනකම් ඉන්න සාදකේ. හරියට බෙල්කට් කරලා අන්දයි..
ප්‍රතිචාර බලන්න ආපු අය මේ කොනට...
වමනෙට එනවා මූන දැක්කහම! මහින්දව කෑවේ මේ අමනයා!
ස්ථිර පරාජය තවත් ඉක්මන් විය...!