
(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශය විවිධ ප්‍රදේශවලදී සොයාගෙන ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ල කා විනාශ කර දමා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනිතබා ඇති බවත් ඉන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය ඊයේ (06) සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත් එම නිවසේ තිබී බංග්ලාදේශය පිළිස්සී ගිය මළ සිරුරු 6ක් සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මුලස්ථානයට ඊයේ (06) ගිනි තබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භවූ ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ විය.
අවසානයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය ඉල්ලා සිටි පිරිදි මහාචාර්ය මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීම සමඟ බංග්ලාදේශයේ සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කළා, අගමැති පැනලා ගියා, 300 කට වඩා මැරුණා.. දේපල විනාශ වුණා. රට ආපස්සට ගියා... ඕන විදියේ ආන්ඩුවක් පිහිටෙව්වා... දැන් තියෙන්නේ අරගල කරුවන්ට පක්ෂයක් හදාගෙන ඡන්දේ ඉල්ලන්න.
අසංවර, අවනීතික මිනිසුන් තමන්ට ඕන විදිහය රට ගනිබත් කරනවා. අහිංසක මිනිසුන් මරා දමනවා. මෙහි විපාක.ඔවුන්.ළඟට නැවත එනවා.
අරගල කාරයෝ හොරු කියලා හිතුනේ මට විතරද?
අපේ සහෝදරවරු වගේමයි... නූගතුන්ගේ කරමතින් ...
ලංකාවෙත් වෙන්න ගියේ ඕකයි .හොඳ වෙලාවට හොර නඩය ඉල්ලා අස්වුනේ