
(ටී.කේ.ජී.කපිල)
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේවායේ වටිනාකම රුපියල් පන් කෝටි එකොළොස් ලක්ෂ විසි දහසක් බව වැටලීම කළ නිලධාරීහු පවසති.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් ඩුබායි සිට ගුවන් තැපැල් පාර්සල් සේවාව ඔස්සේ , පරිගණක උපාංග 63 ක් සහිත පාර්සල් තුළ සගවා කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd