
මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.
මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා යැයි ද ජනපතිවරයා පැවැසීය.
මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ජනපතිවරයා වැඩි දුරටත් පැවැසීය.
මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද පැවැති හමුවකදී මෙම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මම කරලා පෙන්වලා තියෙනවා .." ඔව් ඔව් අපිට අමතක නැහැ, " ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් " කියපු හැටි . මුළු රටෙන්ම ඡන්ද ලක්ෂ 3 වත් ඔබට ලැබෙන්නේ නැහැ.
ඔබට ජයවේවා තව අවුරුදු දෙකක්වත් ඔබතුමා ජනාධිපති වෙන්න ඕනෑ...
ඔබතුමා කරලා පෙන්නලා තියන දේ ගැන හිතුවොත් බුද්ධිමත් සහ රට ගැන හිතන කෙනෙක් නම් ඡන්දයක් දෙන්න හිතන්නේ නෑ. නමුත් ඔබ තුමා බදු සහන සහ වෙනත් වරප්‍රසාද දුන් ගජ මිතුරු කල්ලිය නම් ඔවුන්ගේ පවුල් පිටින් ඡන්දය දෙයි.
අර්ජුන් මහේන්ද්‍රන් හිරේ දාන්න මහත්තයෝ උඩින්ම ඡන්දේ දෙනවා....
කවුරුත් අතීතයේදි මැතිවරණ වේදිකාවෙ කීවේ අපි රට වෙනුවෙන් පෙනී සිටිමින් නාම යෝජනා ඉදිරිපත් කරන බවයි. නමුත් ඔවුන් දුන් පොරොන්දුත් බලයට ඇවිත් කල වැඩත් හාත්පසින්ම වෙනස් ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් ඇත. 2015 දී යහපාලන ආන්ඩුව දුන් පොරොන්දු මොනවද කලේ මොකක්ක්ද යන්න හොඳම උදාහරණයක්.හැබැයි ජනතාව ඡන්දය දුන්නේ දෙන්නේ රට වෙනුවෙන් සංවර්ධිත දියුනු රටක් හදන්න මේ අරමුණු සමපාත වන දේශපාලන ව්‍යාපාරයක් අද මේ රට ඉල්ලයි.
කොහොමත් ස්වාධීන අපේක්ෂකයන්ට තරගයක් නෑ.... තරගය තියෙන්නේ අනෙක් ඡන්ද පදනමක් ඇති අපේක්ෂකයෝ දෙන්නෙක් අතරේයි
ඡන්දය ඉල්ලන්නෙ එකට එකතු වෙලා..එක්ව හොරා කමු..හොරු බෙරමු..තව බදු ගහමු..එක්ව හොරා කමු..හොරු බෙරමු..තව බදු ගහමු.
දැන් මෙතන කොමෙන්ට් කරලා තියෙන අයගෙන් බහුතරයක් හරිම දාර්ශනික බවක් පෙන්වන්න යන බව පෙනෙනවා .නමුත් හදවතට තට්ටු කරල බැලුවොත් පෙනේවී දවස් කියක් බස් එකේ හරි කෝච්චියේ හරි හොරෙන් ගිහින් තියෙනවද කියල . ඒ වගේම ආණ්ඩුවේ කන්තෝරුවෙන් අඩුම ගානේ පෑනක් හරි හොරෙන් ගෙනත් තියෙනවද කියල . ඉතින් කවුරු දිනුවත් මේ මිනිස්සු එක්ක කොහොමද රට හදන්නේ ? ඉස්සරවෙලාම තමන් වෙනස් වෙලා පෙන්වුවොත් හොඳයි .
ඔයා කොරලා පෙන්නුව ඒවා ඉතිහාසය පුරාවටම තියෙනවා, ස්ත්‍රි දූෂණ කරලා වරදකරු වෙලා හිටිය ගෝනවල සුනිල් නැමති මැරයට සමාව දීලා මුළු රටට බලපාන සමාදාන විනිශ්චයකාර තනතුරක් දීලා තමන්ගේ බොඩි ගාර්ඩ් හැටියට තියා ගත්ත, අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනල්ලා නිදහස් අධ්‍යාපනය වළලන්න උත්සාහ කෙරුවා, ආසියාවේ ලොකුම පුස්තකාලය වෙන යාපනය පුස්තකාලය අලු බවට පත් කෙරුවා, 83 කලු ජූලිය ඇති කරලා දෙමළ ජනතාව දහස් ගණනක් ගාතනය කරන්න සම්මාදම් උනා, බටලන්ද වධකාගාරයේදී ඕ.අයි.සී හැටියට වැඩ කෙරුවා, එල්.ටී.ටී. එකට පෙඩරල් දෙන්න වලිකෑවා, රටේ සම්පත් කුණු කොල්ලයට විකිණුවා, මහ බැංකුව මංකොල්ල කෑවා තව කෝටියක් දේවල් තියෙනවා ලියන්න, ඒ නිසා ඔයා කෙරුවා හොදටම ඇති. දැන් චුත වෙන්න දෙයියෝ.
ඇත්ත . තුන් වෙනි තැනට තරගයක් නැහැ .
ජය නියතයි ජනාධිපතිතුමනි. ඔබ රජපක්ෂලා වට්ටපු රට ගොඩ ගත්තා.
අම්මප ඇත්ත මචං, පැරදීමේ තරගය කියල එකක් නැහැනෙ කොල්ලෝ....!
අහවල් එක තමයි ඔයා කරල පෙන්නුවෙ.
පහුගිය කාලේ අනේක දුක්, වද, වේදනා විඳපු ජනතාව කල ගුණ නොසලකා හරින්නේ නෑ. ඔවුන් සියළුම දෙනා ඔබතුමා වෙනුවෙන් තමන්ගේ චන්දය පාවිච්චි කරයි.
රටේ සම්පත් විකුණන්කන, ණයටකන, ලැබෙන දේත් හොරාකන එක හැර මෙච්චර කාලෙකට මොනවද රනිල් කරලා තියෙන්නේ මේ රටට? සටනක් නැත, මේ ක්‍රමය 2024 සැප්තැම්බර් 21 අවසන්...
හරි හරි හාමු මහත්තයා මුලින්ම ඡන්දෙ තියන්ටකෝ. අපි ඉතුරු හරිය බලගන්නන්කෝ.
නාකියා හිරේ යනවා කට නිසාම.
වසර 45කට ආසන්න කාලයක් කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රට බන්කොලොත් කරන්න තමුනුත් දායක වුණා...
දැන්නම එහෙම කියලා තිබුනාම පැරදිලා සව්ත්තු වෙන්න ඕන නැ නේ.. අනික එහෙන් මෙහෙන් කුලි හේවායෝ අරන් කොහොමද සටන් කරන්නේ
අපි පව් කරලා තියන තරමක් ... දැන් ඉති 21 වෙනකල් මේ කතා අහන් ඉන්න එපැයි
බත්තරමුල්ලේ සීලරතන එක්ක නම් සටනක් තියෙයි කොහොමත්..!
මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන් සැබෑ යහපත් දේශපාලනය කරන්නෙකුට පමණයි. ඉතිහාසයේ කවරදාකවත් පවුල් වාදීන්ගෙන්වත් රාජපක්ෂ අවස්ථා වාදීන්ගෙන්වත් මාක්ස්වාදී බලපෙරේතයින්ගෙන් වත් මේ වගේ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බෑමයි. මොකද ඔවුන් ළඟ තියෙන්නේ වාචාල කමත් නූගත්කමත් තණ්හාවත් පමණක් නිසායි. රනිල් නැති දා ලංකාව තවත් හිඟන දූපතක් වීම නියතයි. රනිල් අපට දැනට ඉන්න වටිනාම දේශපාලකයකු වන්නේ ඒ නිසායි.
රටේ ජනාධිපති තරග හරියට තිබුණා. ඉස්සර ඉඳන්ම මෝඩ මිනිස්සු. පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට ඡන්දෙදී... එකම හොරාව ගෙනාවා. මිනිස්සුන්ට තේරුමක් නැහැ මේ වටිනා ඡන්දය දෙන්නේ තමන් සාගින්දරේ ඉඳලා සුරසැප විඳින්න හොර තක්කඩි මිනිමරුවෙක්. එන්නේ කියන්න. නමුත් දැන් ඒකාලේ මෝඩයෝ ටිකක් ඉන්නවා තවම තප්පුලන. අනිත් සේරම උගත් පරම්පරාව. මෙදාසැරේ කට්ටිය බයවෙලා ඉන්නේ. මොකද ජනතාවගේ ඇස් ඇරිලා මොලේ පෑදිලා. කාලයක් තිස්සේ හොරා කාපුවාට පවුල් පිටින් වන්දි ගෙවන්න වෙනවාට. පිස්සුවෙන් වගෙ ජනතාවට පොරොන්දු දෙන්නේ. රට හිගාකන තත්වයට පත්කරලා නාකි නූගත්.... රැල දැන් වලපයයි, ගොඩ පයයි. රට ගැන හිතනවාලු. මේ අයට සුද්ද සින්හලත් හොඳ මදි. මේ කියන දේවලට... තරුණ පරපුර තවත් ධෛර්යමත් වෙන්න ඕනෑ. තරුණ ජීවිත මහ පාරට දාලා මුන් සුර සැප විඳින්න තවත් සැරසෙන එක නතර කරලා මුන්ගේ කොඳු ඇට කඩලා හිරේ දාන්න ඕනෑ. නාකි මයිනාව රෝද පුටුවත් එක්ක තල්ලු කරන්න ඕන හිර ගෙදරට. තරුණයින්ට බාරයි මෙදා සැරේ.
අනේ රනිල් රට ගැන හිතලා එනවනම් ,මුලින්ම පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු එකා ,කිසිම දෙයක් දන්නේ නැති ගානේ ඉන්න හිටපු ජනාධිපති ,බැංකු හොරා ,එකී මෙකි නැති උන් ඔක්කොම දාපන් හිරේ .එතකොට පුළුවන් උඹ රට ගැන හිතලා තමයි ඉදිරිපත් වෙන්නේ කියලා . ලංකාවේ මිනිස්සු පව්.
අපිට සටනක් තියෙනවා ඔබව එළවා දමන්න.
පිම්පියෝ එක්ක මොන සටන්ද?
රට වෙනුවෙන් කියලා, දින්නාට පස්සේ යහළුවන් ගැන තමයි බලන්නේ., මතකයිනේ මහ බැංකුව, හොඳම යහළුවා කොල්ල කාගෙනම ගියානේ?
අද රනිල්ගේ වටිනාකම වඩා හොඳින්ම දැනෙන්නේ බංගලාදේශෙට වෙලා තියෙන දේ දැක්කම. එදා අරගලේ මැදට පැනලා ඒකේ බලේ අල්ලගත්තු ජේවීපී කාරයොත් අපේ රටට කරන්න ගියේ ඒ දේම තමයි. ඔවුන් පිටුපස හිටියේ තානාපති කාර්යාලයක් බව ලාල්කාන්තම කියනවා. මාධ්‍ය වලින් බංගලාදේශේ තත්වය දකින මෙරට බහුතර ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වටේ එක රොක් වෙනවා නියත වශයෙන්ම.
අරවින්ද මොනරවිලගේ කතාවෙන් වක්‍රාකාරව ඔප්පු වෙන දේ තමයි එදා ජේවීපී එක විසින් මොන වගේ භීෂණයක් රටේ ඇති ඇති කරලා තියෙන්න ඇද්ද කියන එක. මහ බැංකුවක් ගැන අඬන එයා එදා ජේවීපී එක විසින් රට පුරාම බැංකු කඩලා මංකොල්ල කාපු එක ගැන මීක් නෑ. ඒ කරපු ආර්ථික හානිය අවුරුදු 30 ක් කොටිවත් කරලා නෑ මේ රටට.කොටින්ට ෆෙඩරල් දෙන්න ගියා නම් කොටි ඇයි 2005 දී රනිල්ව පැරැද්දුවේ. ඇන්ටන් බාලසිංහම් රනිල්ව ඇමතුවේ කපටි නරියා කියලා. අරවින්ද මොනරවිල දන්න ඉතිහාසේ. හිනා යනවා.