
(අමිල චින්තක ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කරන බව යාපනයේ සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ( 8) නිවේදනය කළේය.
ජනාධිපතිවරණයට ද්‍රවිඩ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය හා දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි.
සී.වී විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්,දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, හා සිවිල් සංවිධාන එක්ව මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත.දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය තවම ප්‍රකාශ කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරයි අඩුවකට තිබ්බේ...!
මේ ගොල්ලෝ කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවාද කියලා පැහැදිලි නැහැ. මොනවා වුණත් අරමුණ කාගේ හරි ඡන්ද කඩන එකයි. ඊට වැඩිය දෙයක් මෙයාලාට කරන්න බැහැ...!
මාලිමාවට ජයවෙව්වා !!!
මහජාතියේ කියාගන්නා පිරිස් දැනටමත් 17 දෙනෙක් විතර ඉදිරිපත් වෙන්න සූදානම්ලු. ඔය අතරේ සමගිව රැස්වෙන්න සමගිව සාකච්ඡා කරන්න. සමගිව විසිර යන්න උගන්වමින් හාමුදුරුවෝ දෙනමකුත් ඇප මුදල් තැන්පත් කළාලු... මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින් 17500000/ ක් නම් එයින් 14000000 ක් සිංහල කියමුකෝ එතකොට 14000000ක් 17 න් අවශ්‍ය නැහැ 7 කින් බෙදමු. එතකොට එක් අයෙකුට ලක්ෂ විස්සක් නැත්නම් විසි පහක් පමණ වෙනවා. එහෙම වෙනවාට කියනවා නොවෙයි... ඉතින් එයිනුත් වැඩිම ගත් දෙදෙනා ඉතිරි කර අනෙක් අය අයින් කළොත් කියන්න වෙන්නේ බෙදී ගියොත් රට යයි සුන්වී කියලා නේද? කොහොම වුණත් ඊයේ අනුනායක හාමුදුරුවෝ වදාල ආකාරයට පුද්ගලික වාසි තකා ජනතාව බෙදීගියොත් වෙන්න පුළුවන් දේ උතුරේ සහෝදර ජනතාවත් පෙන්වා දීලා තියෙනවා...
අපරාදෙ යාපනයේ ජනතාවගේ ඡන්දය... මේ වගේ ගොබ්බයින් කට්ටියක් කොළඹිනුත් ඉල්ලනවා. මේකෙන් වෙන්නේ මේ ඡන්ද ඔක්කොම කුණු කූඩෙට යන එකනේ.. මේ අයත් ප්‍රධාන කඳවුරු එක්ක ඡන්දෙ දුන්නා නම් ඒකෙන් යම් වැඩක් වෙනවා. ඔය වියදම් කරන සල්ලිවලින් යාපනයේ ඉන්න දුප්පත් ජනතාවට වැසිකිළි, ගෙවල්, දොරවල් හදලා දුන්නා නම් කොච්චර පිනක්ද?