
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ.
ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින් මෙම නව සන්ධානය එළිදැක්විණ.
ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී එල් පීරිස්, අර්ජුන රණතුංග, වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුලු විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තක්කඩ් ටික කොහොමත් සජබ ගුබ්බෑයම ඇතුලේ හිටි අය තමයි.
සජිත්ට ජය වේවා. රටට ජය වේවා. නියත ජනපති සජිත්.
මෙවර තනිකර සිංහල ඡන්ද පදනමෙන් කාටවත්ම දිනන්න බෑ. අඩුම තරමීන් මිලියන එකහමාරක් සුලු ජාතික ඡන්ද ඕන... උතුර නැගෙනහිර කඳුකර ප්‍රදේශ සහ කොළඹින්.....
පුතානෝගේ සංධානය නගර සභාවේ කුණු ට්‍රෑක්ටරය වගේ හැමෝම විසි කරන කුණු ඇහිදගෙන යනවා. මෙයා හදයිද රට ?
රනිල් එජාපයේ වෛරක්කාරයින් එකතුකර ගනිද්දී සජිතුත් ඒ දේම කලාම එජාපයේ පාක්ෂිකයන්ට වෙන්නෙ මොකක්ද. 88-89 කාලයේ ජෙප්පො එජාප සාමාජිකයන් මරාදැමීමට කටයුතු කලා. දැන් පක්ෂයේ නායකයො හිටපු නියෝජ්‍ය නායකයො පාක්ෂිකයන් මානසිකව වදදී නොමරා මරනවා. ඉතින් අපි මොකද කරන්නෙ කියලා හිතාගන්න බැහැ
සමගි ජන සන්ධානය දැන් සමගි ජන බලවේගය නොවේද
ගෙදරම හිටපු අය ගමනක් ගිහිල්ල ආවම රතිඤ්ඤා පත්තු කරල පිළිගන්නව වගේ ෂෝ එකක්. දයාසිරි එක්ක ඊයෙත් මොනවද අත්සන් කලා අදත් අත්සන් කරනවද? සජිත් වගේම අදෝවාත ෂෝ තමයි.
සමහර පක්ෂ වල සේරම අය ත්‍රීවීලර් එකක තමයි එන්න ඇත්තෙ
සජිත්ටයි රනිල්ටයි නාමල්ටයි එකම බෙහෙත මේ පාර මිනිස්සු දෙන්නෙ
හල් අකුරකින් නම අවසන් වන එක අසුබයක් බව දැනේ.