ඇළ මාර්ග ඔස්සේ ප්රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි
කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්රවාහන යාත්රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.