රංජන් කස්තුරි
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.
තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන තිබේ.
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිති. පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරති.
ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164කි. නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 158ක් වන අතර බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 160කි. හම්බන්තොට කඩයිම් ලකුණ 162 වන අතර වව්නියාව කඩයිම් ලකුණ 161කි. අම්පාරේ 159කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක් වේවා
දුවලා, පුතාලා සැමට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.
දූලා පුතාලට සුබ පතමි. කෝ මේ ලොකු ඉස්කෝලවල ළමයි එක්කෙනෙක්වත් නැහැනේ.ශිෂ්‍යත්ව විභාගයේ මුඛ්‍ය පරමාර්ථය කාලයත් සමග විකෘතිවෙලා වගේ.
කඩයිම් ලකුණු 164 ? බොහොම වැඩියි .150 ක් කියන්නෙත් 75% ක්
ගොඩක් සතුටුයි දරුවනේ. මේ මවුබිමේ අනාගතය ඔයාලට බරයි. හදවතින්ම සුබ පතනවා.
දුවලා පුතාලා හැම දෙනාටම සුබ පතනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ කීයද ?
ලොකු ඉස්කෝලවල දරුවෝ මේක ලියන්නේ නැ...... මේක තියෙන්නේ ලොකු ඉස්කෝලවලට යන්න....
එදා ශිෂ්‍යත්වය සමත් අය අද කරන වෘත්තීන් හා සම සම හෝ ඊට වඩා වැඩි දක්ෂතා ශිෂ්‍යත්වය අසමත් අය දක්වා තිබෙනවා. වැඩිහිටි අප අපගේ ළමා කාලය ගැන හා එහිදී සිටි යහළුවන් අද සිටින තත්වය ගැන සිතුවොත් ඒ බව සනාථ වෙනවා, බොහොමයක් ජනප්‍රිය පාසල් වලට බඳවා ගන්නේ ශිෂ්‍යත්වය සමත් ළමුන් පමණයි. එය රටේ සිටින ශිෂ්‍යත්වය අසමත් දරුවන්ට කරන විශාල අසාධාරණයක්. පහේ ශිෂ්‍යත්වය ළමුන් වර්ග කිරීමට යොදා ගැනීම රටේ මානව සම්පත් සංවර්ධනයේ දී කරන වැරදි ක්‍රියාවක්.
කොහොමවුනත් වැඩි ලකුණු ගන්න කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල දරුවන් ඇඹිලිපිටිය සහ ඇහැලියගොඩ ජාතික පාසල්වලට එනවා .........දිස්තික්කයේ අපේ දරුවන්ට ගමේ පාසලේ තැනක් නැහැ............ පසුගිය කාලේ කොළඹ දරුවන් බදුල්ලෙන් විභාගයට ලිව්වා වගේ දෙයක් තමා රත්නපුර දරුවන්ට වෙන්නෙත්