(රංජන් කස්තුරි )
සයිටම් ආයතනය නිතිගත කිරිම ඉලක්ක කරගත් ව්‍යාජ විසඳුමක් තහවුරු කිරිමට බලධාරින් කටයුතු කළහොත් පුර්ව දැනුම්දිමකින් තොරව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් අරගලයට සහයෝගය දැක්වීම සඳහා සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් සිටින වෛද්‍ය උපාධිධාරීන් විසින් ගන්නා තීන්දුවකට උපරිම සහය දක්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (29) පැවැති අතර එහිදී එම තීන්දු තීරණ ගත් බවද ලේකම්වරයා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ රට පාලනය කල යුත්තේ ජනතාවගේ ඡන්දෙන් තේරී පත් වුණු ආණ්ඩුවද? එහෙම නැත්නම්, දොස්තර මාෆියා කල්ලියද? අපිට සයිටම් එකෙන් ඇති වැඩක් නැහැ. පිටරටින් දොස්තරලා ගෙන්වලා මේ රටේ පවතින වෛද්‍ය මාෆියාව තුරන් කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ. මේ මාෆියා කල්ලිය කුමන්ත්‍රණකාරීව මේ රටේ වෛද්‍ය ශිෂ්‍යයින්වත් නොමගට යොමු කරමින් ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස ඉක්මනින් සේවයට පැමිණීමට තිබෙන කාලය පමා කරවනවා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කැමැත්තට හා ඔවුන් පිනවීමට ප්‍රශ්න විසඳුම් ලබා දෙන්න ඕන නැත. රටට අවශ්‍ය, බහුතරයක් වූ මහජනතාවට වැදගත් වන ලෙස ප්‍රශ්න විසඳන්න. ඔවුන් මේ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇති අකමැත්ත මිස, සැබෑ සයිටම් විරොදයක් නොවේ .
ගරු ජනදිපතිතුමනි, රාජිතගේ තීරණයට කඩේ නොයා බහුතර ජනතාවගේ අදහසට හිස නමා සයිටම් අහෝසිකර වේද අධ්‍යාපනය ශක්තිමත් කරන්න. ජාතික අධ්‍යාපනය රාජිතගේ බූදලයක් නොවන බව ඔහුටත් එස් බී වත්, ඕනේ ගොනෙකුට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියන කිරිඅල්ලටත් පහදා දෙන්න. පින් අත්වෙනවා. සයිටම් වසා ජාතික ප්‍රශ්නය විසඳන්න.
ඊසීටීඒ ගිවිසුම වහා අත්සන් කොට, ආසියාතික රටවල වෛද්‍යවරුන්ට ලංකාවේ සේවය කිරීමට ඉඩ දෙන්න. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව ලංකාවේ වෛද්‍යවරුන්ගේ ඇති ඒකාධිකාරයයි.
අම්මේ මාර චන්ඩි. බයේ බෑ නේද? එත් අර හවසට රෑට හොරෙන් ගිහින් හම්බ කරන පුද්ගලික ඉස්පිරිතාලත් වර්ජනය කරනවාද? අපෝ එපා එතකොට හොද්ද නෑනේ නේද? දවසට ලක්ෂ ගණන් සාක්කුවට එන එක...
ලක්සිරි ඔබ ඔය සඳහන් කර තිබෙන්නේ, වර්තමානයේ ආසියා කලාපයේ ඇති දරුණුතම මාෆියා කල්ලිය ගැන වෙන්න ඇති නේද? ඒ කට්ටිය ඉස්පිරිතාලේ ඇතුලෙම පක්ෂ කාර්යාලය දාගන්න ඉඩක් ඉල්ලයි අද හෙටම.. ඔය සයිටම් ආයතනය පටන් ගත්ත කාලේ මාෆියා කල්ලිය හිටියේ නැට්ට බඩ යට ගහගෙන..
රට පාලනය කල යුතු ජනතාවගේ ඡන්දෙන් තේරී පත් වුණු ආණ්ඩුව මේ ප්‍රශ්නයේදී කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා නම් මොකද කරන්නේ! පිටරටින් ගේන වෛද්‍යවරුන්ට ගෙවන්නේ ඔයාගේ පොකට් එකෙන්ද? ලංකාවේ වෛද්‍ය සභාවට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා සයිටම් පිළිබඳව! ඔවුන් එය පිළිගන්නේ නැත්නම් එය පවත්වාගෙන යාම විශාල ප්‍රශ්නයක්! එයට දෙපාර්ශවයට එකඟ වෙන්න පුළුවන් විසඳුමක් දෙන එක අර ඡන්දෙන් තේරී පත් වුණු ආණ්ඩුව සතු වගකීමකි !!!
අපි බය වේවි. බුදු අම්මෝ තියන ගණන්කාරකම.
මහජනතාවට මේ තරම් මේ දොස්තර මාෆියාව හිරි හැර කරද්දීත් නිවටව බලා ඉන්න මේ වගේ ආණ්ඩුවක් කවදාවත් තියෙන්න නැතුව ඇති. මේ ගොල්ල ගන්නෙත් මාෆියාවේ පැත්ත මිසක් දුක් විඳින ජනතාවගේ පැත්ත නෙමෙයි. ජනතාවාදී යයි කියා ගන්න ඊනියා බංකොලොත් කාරයනුත් මාෆියාවට මුක්කු ගහගෙන ජනතාවට පහර දෙන හැටි තමයි පුදුමෙ. ශිෂ්‍ය සංගම්වල බලේ අල්ලගන්න මිසක් ජනතාව ගැන නොහිතන ඔවුන් දෙසන්නෙත් වැදි බණ බව දැන් තේරුම් ගන්න කාලේ ඇවිත්.
ගිය ආණ්ඩුව කාලේ මේ චන්ඩි හිටියේ හික්මීයෝ වගේ... එක අතකට සුදු වෑන් තිබුණා නම් හොදයි කියලත් හිතෙනවා.
දැන් කී සැරයක් වර්ජන කලාද. මොකක්ද ප්‍රතිපලේ ... අහිංසක මිනිස්සු අපහසුතාවයට පත්වුන එක විතරයි. දොස්තරලයි වෙන්ඩ දොස්තරලයි හැමදාම පරාදයි. ආණ්ඩුව හෙලවෙන්නෙ නැහැ. වෙන ආණ්ඩුවක් ආවත් ඔච්චර තමයි.
පව් අසරන ලෙඩ්ඩු නමුත් සම්පුර්නයෙන් ආන්ඩුව වගකිවයුතුය, සයිටම් මුදලාලි වෙනුවෙන් පෙනිසිටින නිසා
මාසෙකට පාරක් පොඩ්ඩක් විසිල් එකක් ගහල වෛද්‍ය සිශ්ශයෝ ටික ගොනාට අන්දන් ඉන්න. දැන් මාස 9ක් ළමයි ගෙදර. වැඩිකල් l නොගිහින් දෙමව්පියෝ GMOA එක වටලලා අල්ලන් අනීවී. එක නම් සුවර්
දොස්තර මහත්තුරු සෙල්ලන් කරන්නේ ළමයින්ගේ අනාගතයත් එක්කයි. දැන් අවුරුද්දක් ගත වුනා. සටනක් කරනවානම් ශක්තිමත්ව දිගටම කරන්න.බැරිනම් අත හැර දාල ළමයි ටික නිදහස් කරන්න.
මෙයාලත් හරියට උතරු කොරියාව වගේ ,,,,,,හැමදාම අනතුරු ඇගවිම්...........
අනේ මහත්වරැනි කරන දෙයක් එකපාර කරලා ඉවරකරන්න.. දැන් නම් මේක ඇතිවෙලා..
ඔවු බහුතර මෝඩ ජනතාව පත්කරන ආණ්ඩුව තමයි අපි පාලනය කරන්නේ. තේරුම් ගන්න අපිට ඕන රටක වැඩ කරන්න පුළුවන් පුරවැසි බව පවා ලැබෙනවා . අපි රකින්නේ හැම දෙනාගේම අයිතිය. මේක අපේ රට . සල්ලි කාරයන්ගේ විතරක් නෙවි. දක්ෂයාට අවස්ථාව ලබා දිය යුතුයි. ලකුණු පිළිවෙලට තමයි වෙන්න ඕන. සල්ලි පිළිවෙලට නොවෙයි. ඔය උඩ අදහස් දක්වපු කවුරුත් තේරුම් ගන්න.
රාජ්‍ය අධ්‍යාපනයෙන් නොමිලේ වෛද්‍යවරුන් වූ අය කාටද මේ චන්ඩි පාට් දාන්නේ? තමන් වෛද්‍යවරු වෙන්න කලින් හිටපු එකම පන්තියේ රටේ අහිංසකයන්ට.... රජයත් එක්ක තරහක් තියනවා නම් ඒක රජයත් එක්ක බලාගන්න. අහිංසකයන්ව බිල්ලට ගන්නේ නැතුව. සයිටම් එක ගිය රජය ස්ථාපිත කරද්දී නිහඬව ඉඳලා දැන් කියන්නේ කාගේ උවමනාවටද කියල මිනිස්සු දන්නවා. වෛද්‍ය සංගමයේ ඉන්න ඒකාබද්දෙට කඩේ යන අය හිතන්නේ හරි ලොකු වැඩක් කරනව කියලා..
වත්පොහොසත් රෝගීන්ට පුද්ගලික ප්‍රතිකාර නොනවත්වා සිදුකරන අතර අසරණ දුප්පත් රෝගීන් පමණක් බිල්ලට ගන්නා මෙම පහත් ක්‍රියාවන් හොඳින් හෝ නරකින් නැවත්වීමට කාලය ඇවිත් . රජයේ දොස්තර වරුන්ට පුද්ගලික සේවය තහනම් කිරීම මේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් .
දැන් ඔය වර්ජන මහජනතාව ගණන් ගන්නේ න එයාලම එකේ අගය නැටි කර ගත්ත
මම හිතන්නේ ඔය උඩ අදහස් දාලා තියන මහත්තුරුන්ට වඩා දොස්තරලයි. සිසුනුයි උගත් මෙන්ම බුද්ධිමත්. එ්කයි ඔබ තුමාලට ඔහොම හිතෙන්නේ ඔබතුමන්ලට මේකේ පේන්නෙ එක පැත්තයි. එ්කයි වෙනස. හැබැයි එ් අස්සෙ බොර දියෙ මාලු බාන වැඩත් කරන්න යනවා. හැබැයි සයිටම් කයන්නේ උපතේ සිටම වංචාව බොරැව මත යැපෙන අවජාතක එකක්. එතනදි දොස්තරලා එක්ක එකඟයි.
මුළු ලෝකයේම දොස්තරවරු අතරින් කිසිම වෘත්තීය ආචාර ධර්මයක් දන්නේ නැති දොස්තරලා ඉන්නේ ලංකාවේ. මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙනගෙන ඒ මිනිස්සුන්ටම දත නියවනවා .පිටරටවල වගේ මොවුන්ට අවුරුදු පතා අලුත් කරන වෘත්තීය බලපත්‍රයක් ලබා දෙන්න කියලා මම රජයෙන් ඉල්ලනවා. එතකොට මේ චන්ඩි කොට්ටාශයට උගත්කමයි නම්බුවයි දෙකම තියන් වැඩ කරන්න පුළුවන්. දැන් වැඩ කරන්නේ ඔය දෙකම නැති ගානට !
මෙම සංගමය ත්‍රස්තවාදී සංගමයකි ඔවුන් සාමාන්‍ය ජනතාවට හානි කරන කටුතු කරන නිසා මෙය වහාම තහනම් කර නිලදාරීන් අත් අඩංගුවට ගත යුතුයි. තවද සිසුන් නොමග යවන පෙරටුගාමී සංගමයද තහනම් කල යුතුයි. මෙහම රටක් පාලනය කල නොහැකි බව ජනපති තේරුම් ගන්නේ නැත්තේ ඔහුට කොන්දක් නැති නිසාද. මේ විදියට ගියොත් අපේ රට හොඳටම අඳුරු වන බවනම් නියති.
කිව්වත් වගේ මොකටද ව්‍යාජ විසඳුම, ජනාධිපතිතුමාට තියෙන්නේ එකවර විසඳුම දෙන එක තමයි දැන් ....
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් අසරණ රෝගීන්ටද?
ඔබ තුන් දෙනා හරියටම හරි. මේ ගොල්ලන්ට නටන්න දෙන්න බැහැ. පිරටින් දොස්තරලා ගෙනා ආ යුතු අතර මෙහෙ අයගේ ලයිසන් එක වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතු වෙනවා. ඒ වගේම ලංකාව පුරාවටම වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කල යුතුයි. මේ වැඩේට කොන්ද පණ ඇති පා.ම. මහින්ද වගේ කෙනෙක් සිටිය යුතුයි. හැබැයි දැන් නම් මේවා කරවන්නේ එයා.
දොස්තර මහත්වරුනි ඔබල මේ කරන වැඩේ හරිද? ඔබලා පෝසතුන් වූ පළියට අසරණ ලෙඩුන් තලන්න එපා. එහෙම කල විට අපිට ඔබලාගේ දරුවන්ට පවා සාප කරන්න හිතෙනවා. මම ලෝකයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙද්දී අැයි ලංකාවේ ඔබ පමණක් විරුද්ධ? සයිටම් වහමු. නමුත් ප්‍රමිතියක් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10 ක් වත් පටන්ගනිමු. ඔබලා සැමදාම වර්ජනය කරනවා නම් පිටරටින් වෙද්‍ය වෘත්තීය ගෙන ඒමට නීතිමය අවකාශය දෙමු. අැයි ඔබලා වෙන රටවලට නොයන්නේ? ඔබලා උපන් දේශයට හතුරුකම් කිරීම නවත්වන්නද? ඔබලාගේ සිත් පැහැදේවා. ආත්මාර්ථ සිතුවිලි දුරුවේවා.!!!
වහාම රජයේ වෛද්‍යවරුන්ගේ පුද්ගලික බෙහෙත් ශාලා අහෝසි කරන මෙන් මහජනයා පාරට බැස රජයට බලපෑම් කල යුතුයි.
වෛද්‍ය සංගමය වහාම තහනම් කල යුතුයි. LTTE එකට වඩා මේ සංගමය භයානකයි කියල පෙනෙනවා.
මේක නම් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. වෛද්‍යවරුම දැන් මේකට බනිනවා බොරු වැඩක් කියලා.
අවශ්‍ය දැඩි තීන්දු තීරණ ගන්න තරම් රජයට කොන්ද පන නැති නිසා, මේ ප්‍රශ්නේ තවදුරටත් ඔඩු දුවනවා මිසක් ස්ථිර විසඳුමක් නැහැ. ඒ නිසයි රජයකට තර්ජනය කරන්න තරම් මේ මිනීමරුවන් ධෛර්ය වෙලා තියෙන්නේ. මේවගේ සුන්දර මටසිලුටු පාලනයන් ලංකාව වැනි රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. වහාම ඉතාමත් දැඩි තීන්දු තීරණ ගන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ. රටේ ජනතාව තුලත් අවශ්‍ය අවේගශීලිත්වයක් නැහැ. චැනල් කඩවලට වග කිව්වනම්.., ඔය ප්‍රශ්නේ කලින්ම විසඳගන්න තිබුනා. ඔහොම්මම තල්ලුවෙවී ඔය මිනීමරු අමනුෂ්‍ය සෙට් එක එන්නේ අන්න එතැනටයි. එතකොට හැමෝන්ටම සොරි කියන්නයි වෙන්නේ. මේ ආණ්ඩුව ආ දා ඉඳන්ම උද්ඝෝෂණ, පෙළපාලි, වර්ජන... මදිවට දැන් තර්ජනත් එනවා. ඔහොම්මම ගියොත් බාගදාවට ජනතාවට ඔය පාණ්ඩුව එපාවෙයි. එතකන්, තොපි ඇස් කන් අරින්නෙපා. ඔහොම්මම යං.
අනේ මුන්ට ගහල එලවල ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වන්න මුන් නිකන් අනතුරු අගවන්නේ කාලගුණ විද්‍යා එකෙන් වැගේනේ මහිදගේ කාලෙ ඕක නවත්වන්න ඔහොම කරන්න තිබ්බනේ පටන් ගන්නකොටම ඇයි නොකළේ අද කෑගහන්නේ මුන් මහින්දට කඩේ යනවා නැතිව ඔය විශ්වවිද්‍යාලෙ නරක නිසා නෙවේ
සහෝදරවරුනි, මහත්වරුනි, දරුවනි, අපි ඔබ එකතු වෙමු. මේ වර්ජන කරන අයට විරුද්ධව ඉදිරියට එමු. සයිටම් වහමු. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියට අනුව පිහිටුවීමට රජයට බල කරමු. විසඳුමක් ලෙස පිටරට ඔස්තාර්ලා 10000 කට අවුරුදු 10 ක් සඳහා ගෙන්වීමට රජයට බල කරමු. වර්ජනය කරන දොස්තර සභාව මාෆියාවට පිළිතුරු දෙන අතර වර්ජන නොකරන වෛද්‍යවරුන්ට පඩිය 50% වැඩිකරන ලෙස ඉල්ලමු.
චාමර, බැංකු ඇතුළු පුද්ගලික ආයතනවල උදවිය නිදහස් අධ්‍යාපනය අරන් උපරිම ඵලදායිතාවයකින් සේවා ඉටු කරන බව අමතක කරන්න එපා. දොස්තරලාගේ රජයේ සේවා කාලයවත් නියමිත අයුරින් වැඩ කරනවාද? පුද්ගලික අංශයේ උදවිය අයිස් ගැහුවොත් කෙලින්ම ගෙදර. !
අද ලොකු වීරයෙක් වගේ කතා කරන කාලෝ ෆොන්සේකා එදා කිවුවේ මොකක්ද කියල හොඳින් අහන්න. යූ ටියුබ් එකේ අහන්න. ජීවත කීයක් අමාරුවේ දැම්මද? මොවුන් සේරටම ඕනෑ කේපී පෙනෙන්න. වෙන කිසි දෙයක් නොවෙයි. රටේ ජන ජීවිතය කඩා කප්පල් කරනා සෑම කෙනෙක්ම ත්‍රස්තවාදීන් රජයකට තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ නොවේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. ජනතාව ඔවුන් පත්කළේ රට ඉදිරියට ගෙන යාමට මිසක්... මේ අයට ඕනෑ විදියට ජනතාවට කරදර කරන්නට නොවන බව දැනගන්න.
ඔබට රටහැර ගිය හැකියි. රටේ නීතියත් අනුව වැඩ කරන්ඩ බැරි දොස්තරලා රට හැර ගියාට කමක් නෑ.
මේකේ පෞද්ගලික සේවයේ යෙදෙන දොස්තරලට බැනලා තියනවා දැක්කා. මතක තියා ගන්න පුද්ගලික දොස්තර කෙනෙක් නම් සයිටම් අපායක් කියලා... මොකද මෙයාට පෞද්ගලික රෝහලක්ම තිබ්බා. නිකං පොඩි පොඩි ඒවා නෙවෙයි ඒකේ නම ආශා සෙන්ට්‍රල්.. ඒක විකුණල තමයි සයිටම් එක අටවා ගන්නේ... සයිටම් එකෙන් අවුරුද්දකට ලාබේ මිලියන ගාණක්... හැබැයි රෝහල පාඩු ලබනවා. ඉතිං පාඩු ලබන එක රජයට දෙනවා. ලාභ ලබන එක නෙවිල්ට දෙනවා මාර ලොජික් නේ මේවා...
"සයිටම් ආයතන 2011 වසරේ දී ආරම්භ කළා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාග වුණා. ඒ කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවශ්‍ය තරම් කාලය තිබුණත් ඊට මැදිහත් වූයේ නැහැ."මෙහෙම කියන්නෙ නීතිපති. නමුත් දැන් වෛද්‍ය සභාවත්, දොස්තරලත් වීරයෝ වෙලා....
දැන් සයිටම් දොස්තරලා ආපු දවසට පාන්දර 4ට ඇවිල්ල අපිට බෙහෙත් දෙයි. හවසට චැනල් සෙන්ටර් එකක් දාල අපිට නොමිලේ බෙහෙත් දෙයි. උදේට, හවසට පාරේ බස් එකේ වැඩට යාවි... ඒවි... පර්මිට් එකත් එපායැයි කියයි. හුරේ...
ජය වේවා වෛද්‍යවරුනි, ඔබගේ සාධාරණ සටනට. ඔබට අපගේ පූර්ණ සහය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකිවේවා. ජය වේවා වෛද්‍යවරුනි ඔබගේ සාධාරණ සටනට. ඔබට අපගේ පූර්ණ සහය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකිවේවා.
රාජිත ඇමතිතුමාගේ අවදානයට වසර තුනකට අසන්න කාලයක් ඉවසුව ඇති. ඕනෑම රජයකට රජයේ බලයට තර්ජනයක් වෙන ජනතාව පීඩාවට ලක්වන ආයතන බිහිවීම අනතුරු දායකයි. මහජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන මේ දොස්තර මාෆියාව ජනතාවට කරන හිරිහැරය වහාම නැවත් විය යුතුයි . ඒ සදහා කෙටිකාලින හා දිගුකාලින යෝජනා ඉදිරිපත්කරමි. 1.A සාමාර්ථ තුන ලබාගත් රසායන,ජීව විද්‍යා සිසුන් සියලු දෙනාම වෛද්‍ය පීඨයට බදවා ගන්න. 2. යුද හමුදා කොතලාවල, පීඨයට වෛද්‍ය සිසුන් බදවගන්න. 3. නව පත්වීම් දීමේදී වසර 5 ක් යනකල් වර්ජවලට සහභාගි නොවන බවට ලිකිත සහතිකයක් ගන්න. 4. රජයේ වෛද්‍ය වරුන්ට පෞද්ගලික සායන පවත්වා ගැනීම නීති විරෝධී කරන්න. 5. විදෙස් රටවල ඉන්න ශ්‍රී ලංකික වෛද්‍ය වරුන්ට ලංකාවේ සේවය කිරීමට අරාධනා කරන්න ඔවුන්ට නොමිලේ වීසා ලබාදෙන්න. 6. වසර 10ක පළපුරුදු හෙද හෙදියන්ට වෙදනළාව භාවිතා කිරීමට අනුමැතිය දෙන්න 7 .අපොතිකාරී සේවය නැවත නාග සිටුවන්න. 8 .වර්ජනය කරන දිනවලදී වැටුප් කපා හරින්න. වාහන බලපත් අවලංගු කරන්න. රෝගීන් පීඩාවට පත් කිරීම, කලයුතු සේවාව නොකර සිටීමෙන් රෝගීන් මරණයට පත්වීම වෙනුවෙන් දැඩි නීති සම්පාදනය කරන්න.
දක්ෂයාට අවස්ථාව ලැබෙන්න ඕන. ලංකාවේ වෛද්‍ය වෘත්තිය ඇරෙන්න හැම වෘතියක්ම රැකියාව ලැබෙන්නේ වෘත්තීය දක්ෂතාවය මත. උදාහරණයක් ලෙස ඉංජිනේරුවන් බිහිකරන රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල තියන නිසා වඩා හොඳ රැකියාව ලැබෙන්නේ දක්ෂම ඉංජිනේරුවට මිස උසස්පෙලේ දක්ෂම සිසුවාට නෙවෙයි. මන්දයත් කෙනෙක්ගේ වෘත්තීය දක්ෂතාව උසස් පෙළ විභාගයෙන් මනින්න බැරි නිසා. සයිටම් වගේ ආයතන වලින් වෛද්‍ය අතිරික්තයක් ඇති කරන්න පුළුවන් උනොත් නියම දක්ෂයාට උසස්ම රැකියාව ලැබෙයි. ඒ වගේ අවස්ථාවකදී උසස් පෙලේ දක්ෂයින් කිහිප දෙනෙක් රැකියා විරහිත වෛද්‍යවරුන් උනොත් පුදුම විය යුතු නැහැ.
ඔබගේ දැඩි ක්‍රියා මාර්ගයට චැනල් නැවැත්වීම අදාල නැද්ද? රෝහල් වැඩ වැරීමට පෙර එය කරන්න....හුග දෙනෙකුගේ අදහස කීයටවත් එය නොකෙරෙන බවයි .... එයත් අසාර්ථක නම් විතරක් අඛන්ඩ වර්ජනයට යන්න....රජය තවමත් ප්‍රමාණවත්ව ශක්තිමත්, ඒක නිසා කල් යල් බලා තීරණ ගන්න.... ඔබ පුද්ගලික සේවාව වර්ඡනය නොකරන්නේ නම් වෛද්‍ය ශික්‍ෂ පංති වර්ජනය ගෞරවනීය අයුරින් අවසන් කර ගන්න, ළමුන් දෙමව්පියන්ගෙන් තවමත් යැපෙන හා අවනත වෙන වයසේ අය නිසා ඔවුන්ට බළපෑම් කරන්න දෙමවුපියන්ට පුලුවනි....