(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) නියෝගයක් නිකුත් කළාය.
බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති හෙයින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් රටින් පිටවිය හැකි බැවින් ඔවුන්ට රටින් පිටවයෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලද්දේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එහි ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු සහ එහි ප්‍රධාන තාක්ෂණ විධායක නිලධාරී සචින් දේවතන්ත්‍රී යන සිව්දෙනාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළු කතා. කොමිසමකින් දඬුවම් දෙන්න බැරිලු .1972 සිරිමා රජය අපරාද යුක්ති කොමිසම මගින් විජේවීර ඇතුළු විත්තිකරුවන් ජීවිත කාලයටම හිරේ යැව්වෙ කොමිසමකින් නොවේද ?
වැඩක් නෑ. පනින්නේ මේ හතරදෙනා නොව .අර්ජුන මහේද්‍රන්. එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවෙයි නිසා එයා පනින එක නවත්වන්න කාටවත් බෑ. මිනිහා පැන්නාට පස්සේ මිනිහා තමයි වැරදිකාරයා කියලා ඔප්පු කරනවා. ඉන්පසු ඔක්කොම නිදහස්. ඔය සැලසුම මත තමයි මෙයාව පත්කරේම.
මේ ප්ලෑන් ක්‍රියාත්මක කරපු අය විතරනේ. ප්ලෑන් හදපු මාස්ටර් මයින්ඩ් සෙට් එකේ තාම කෙස් ගහක්වත් හෙල්ලුනේ නැනේ.
දැනටමත් පැනලද දන්නේ නැහැ.