(ඡායාරූප - ගයාන් අමරසේකර)

වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි.
 
කොල්වින් මහතා ඒ කාලයේ සිටම සයිටම් පක්ෂපාතියකු බව ද ෆොන්සේකා මහතා පවසයි.
 
ඔහු සයිටම් පක්ෂපාතියකු වුවද වෛද්‍ය සභාවේදී බහුතරයේ මතයට එකඟත්වය පළ කරමින් කටයුතු කළ බව ද කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරයි.
 
හිටපු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර් විශ්ව විද්‍යාලය මගින් කොටුව දුම්රිය නැවතුම්පොළ අසල ඉදි කර ඇති අට්ටාලයට පැමිණි අවස්ථාවේදී ය.