ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි පවසයි.
අද(29) පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී ඇත.
පෞද්ගලික හේතුවක් මත ඔහු එසේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්දෙයිනේ ඉල්ලා අස්වෙන හැමෝම අසූහාරදාහේ පෞද්ගලික ප්‍රශ්න තියෙන නිලදාරීන් ????? දැන් බලනකොට මෙම නිළධාරීන් මෙතෙකල් මෙවැනි පෞද්ගලික ප්‍රශ්න තබාගෙන රජයේ සේවයේ කෙසේ කළාද යන්න අපට නම් විශාල ගැටලුවකි.අපට නම් හොදින් වැටහෙන එක දෙයක් ඇත සත්‍ය කතාකිරීමට අධික බයක් දක්වනවා නැතිනම් මෙම නිළධාරීන් සියල්ලෝම "වංක" නිළධාරීන්.
හේතුව කව්රුත් දන්නවා.
පෞද්ගලික ප්‍රශ්න හිසේ තියාගෙන නිළතල දරන්න ගියාම අවුල් වෙන්නෙ අනිත් අයගෙ ඔලු ඒ නිසා අයින් වුන එක හොදයි.
ඇමතිතුමා එක්ක කචල් දාගෙනද මෙහෙම වුණේ? එහෙම නම් එකත් "පෞද්ගලික හේතුවක්" තමා කියලයි අපට හිතන්න වෙන්නේ ! ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනධිපති තුමාගේත් කට්ටිය කීප දෙනෙක්ම මේ විදියට "ඉල්ලා අස් වුණා"පිට පිටම" .....
ඇත්ත කියලා යනවා නම් නිලධාරීන්ට හොද හයියක්....
ඇමතිතුමා කෙසෙල් ගෙඩියක්වත් කන්න කියලා කතාකළාද මන්දා...
රජයේ නිලධාරියෙක් ඉල්ලා අස්වෙන්නේ රාජකාරිය තව දුරටත් කරගෙන යන්න බාධා එනකොට. ඒක ඇමතිගෙන් එන බලපෑම් වෙන්න පුළුවන්, උසස් නිලධාරීන්ගෙන් එන බලපෑම් වෙන්න පුළුවන්, පාතාලයෙන් එන බලපෑම් වෙන්න පුළුවන්... නමුත් ඒ හේතු කියන්න යන්නේ නැහැ ඔවුන්. සම්ප්‍රදායක් හැටියට පෞද්ගලික හේතුවක් කියලා අයින් වෙන එක තමයි කරන්නේ. මතකද ඒක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් හිටියා වතුර පවා ගෙදරින් ගෙනත් බීපු. හේතුව? වහ දාලා දෙයි කියන බයට. එතුමාම ඒක කියලා තිබුණා.
මෙයාට පන්දම් අල්ලලා, ගතු කේලම් කියලා අනිත් සේවකයන්ට උගුල් ඇදපු අයට මොකද වෙන්නේ?
මෙහෙම කරපුවාම ආතතිය හැදුනේ නැත්ද?