(බුද්ධික කුමාරසිරි)
රවී කරුණානයක මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
‘‘රවී කරුණනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ තරුණ කොටස් එකතු කරගෙන තමන් සතු වත්කම් සහ දක්ෂතා උපයෝගී කර ඉතා පැහැදිලි ලෙස අභියෝගාත්මක වැඩපිළිවෙළක් කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයට අලුත් තරුණයින් එක් වී නායකත්වයට බලපෑමක් ඇති කිරීමට කටයුතු කිරීම ඉතා හොඳ දෙයක්‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රාජිත ට මොකද වෙන්නේ ?
ඔබලා අනුන්ගේ කුණු හොයන්න නැතුව ඉස්සා වගේ තමන්ගේ කුණු ටික සුද්ද කරගත්ත නම් තමයි හොඳ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසගේ පක්ෂයක්. ඔවුන් කිසිවකුවත් රජ කරවන්න දඟලන පිරිසක් නොවන බව දැන්වත් තේරුම් ගැනීම ගැන ඔබට ස්තූතියි.
මෙයාලට වෙන වැඩ නැතිද හැබෑටම? කොහේ ගියත් කියන්නේ මේ වගේ බොලද කියුම්නේ, හරියට කුඩා ළමුන් වගේනේ!
මහත්මයා මෙදා ඔබතුමාලා බලයට ආවොත් රුපියල් 2500 කින් ජීවත්වීමට ක්‍රමය හදනවාද? මගේ ඡන්දය ඔබලාට.
බන්දුල ඉස්සර එක්සත් ජාතික පක්ෂේ හිටිය දැන් මහින්දගේ කටු කනවා