ලබන වසරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ බලාපොරොත්තුව 50%ට වඩා අඩු බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නව පළාත් පාලන මැතිවරණ (සංශෝධන) නීතිය යටතේ කොට්ඨාස සැකසීමේ කාර්යය අවසන් කිරීමට සීමා නිර්ණ කමිටුවට සිදුවනු ඇතැයි ඊට හේතුව ලෙස ඒ මහතා දැක්වීය.ඉන් අනතුරුව සමස්ත ක්‍රියාවලිය සමාලෝචනය කළ යුතු බචත් යම් යම් අඩුපාඩු නිවැරදි කිරීමට හා සංශෝධන ඇතුළත් කිරීමට සිදුවන ඇති බවත් ඒ මහතා පැවසීය.
“එමනිසා ලබන වසරේ මැතිවරණය පැවැත්වීමේ සම්භාවිතාව සියයට පනහට අඩු බව කිව හැකියි“යැයි ඒ මහතා කීය.උතුරු මැද ,සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය මේ සතියේ අවසන් වීමත් සමග ඒ මහතා මේ බව කීය.
කොට්ඨාස මායිම් ලකුණු කිරීමේ කාර්යය ජනපතිවරයා සීමා නිර්ණ කමිටුවට පැවරුවහොත් තවත් සාමාජිකයින් දෙදෙනකු පත් කරන්නට අවශ්‍ය බව සීමා නිර්ණ කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.කේ.එස්.එස් රත්නායක මහතා පැවසීය.
නිල කාලය අවසන්වී ඇති පළාත් සභා තුනෙන් මෙම කාර්යය ආරම්භ කළ හැකි බව ඒ මහතා කීය.අදාළ සාමාජිකයින් පත් කිරීමෙන් පසු යෝජනා ඉදිරිපත් කිරීමට කාලය ලබා දීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කරන බව රත්නායක මහතා පැවසීය.
“විරෝධතා නොපැමිණියහොත් වාර්තාව දෙසැම්බර් මාසයේදී අවසන් කළ හැකියි.අවසන් වාර්තාව මාර්තු වන විට සූදානම් කළ හැකියි.එක් එක් දිස්ත්‍රික්ක සඳහා තාක්ෂණ කමිටුවක් සහ සමාලෝචනය සඳහා කාල සීමාවක් ලබා දිය හැකියි.“යැයි රත්නායක මහතා ප්‍රකාශ කළේය.මෙම ක්‍රියාවලිය අනෙක් පළාත්වල සම්පූර්ණ කිරීමට දිගු කාලයක් ගත වන බව ඒ මහතා කීය.
පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසූවේ මැතිවරණ පැවැත්වෙන තුරු අදාළ පළාත් සභා බලය ආණ්ඩුකාරවරුන් සතුවන බවත් පරිපාලන ප්‍රධානීත්වය අදාළ ප්‍රධාන ලේකම්වරුන් විසින් දරනු ඇති බවත් ය.පළාත් අමාත්‍යවරුන්ගේ වාහන හා නිල නිවාස ආපසු බාරදීමට සිදුවනු ඇති බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංඝනය කරමින් යන ඒකාධිපති ගමනක් මේක..මිනිස්සුන්ට මේ ආණ්ඩුව ගෙදර යවන්න කැරලි ගහන දවස වැඩි ඈතක නෙමෙයි
අපගේ මුතුන් මිත්තන් විසින් කියනලද මෙම කියමනින් " පුතේ අද කලයුතුදේ හෙටට කල්නොදමන්න " ඔවුන් අපව සම්පුර්ණයෙන්ම නොමගයවා ඇත. එලෙස ඔවුන් අපහට බොරු කීමෙන් අප සියල්ලෝම යහමින් පව් පුරවාගෙන ඇති නමුත් අපගේ වාසනාවකට දියවන්නා ඔය මඩවගුරේ අය එය නිවැරදි කර ඇත.
මෙය කපටිකමකි. පළාත් සභා සංශෝධන කෙටුම්පත හොරෙන් ගෙනවා සේ ජනමතවිචාරණයක් පවත්වා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට යොදන උප්පර වැට්ටියකි. අලුත් ව්‍යවස්ථාවෙන් සුළු ජන කොටස්වල කේවල් කිරීමේ බලය වැඩි වූ විට එම ජන කොටස්වල ඇති බහුතරය ජනමතයට පක්ෂ ඡන්දය දෙනු ඇත. (පසුගිය ජනාධිපතිවරණය මෙන්) ප්‍රතිපලය ඔබ හිතාගන්න. එන්.ජී.ඕ. මේ සඳහා ඇති පාදම් මුදල් වියදම් කරනු ඇත. රට ක්‍රමානුකුලව පල්ලම් බසිනු ඇත. අපට රටක් අවැසි වනු ඇත.
මහින්ද දේශප්‍රිය මහතාගෙන් දැන් පිටවෙන්නේ හිස් බෙලෙක්කෙක හඬක්නේ...
පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා මේ ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුය.
සුදු අලියෙක් වෙලා මහජනතාවට කිසිම සෙතක් නොවන මුළු රටටම කොන්දේ අමාරුවක්ව තිබෙන පළාත් සභාව ලංකාවේ දේශපාලනය තුල තබා ගන්නවාද කියා ජනමත විචාරණයක් පැවතිය හොත් සියයට 90% පළාත් සභාව අහෝසි කළ යුතු බවට ඡන්දය දේවි..!!!
නියමයි, සදහටම කල් දානවා නම් හොදයි. සෑම පළාත් සභාවක්ම ප්‍රගතිය පෙන්නුම් කල යුතුය. මෙය වසරක් පාසා විභාග කල යුතුයි. ප්‍රගතියක් පෙන්නුම් කරන්න බැරි සභා විසුරුවා හැර, සදහටම ඡන්දය අත්හිටු වනවා නම් යහපති. මේ පොඩි පොඩි ඡන්ද වලින් ඵල ලබන්නේ සුළු වැඩකට නැති පක්ෂයි.
ඡන්දෙ තියන්න ඕන මහින්දට ඕන වෙලාවට නෙමේ .
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුමැතිවරණය, පළාත් සභා මැතිවරණය, සමුපකාර හා සුබසාධක ආදී ...සියලු මැතිවරණ 2030 දී පැවැත්විය යුතුයි...
දැන්නම් ප්‍රජාතන්ත්‍රවාදය ලොකුවටම වැඩ කරනවා.
2018 අනිවාරයෙන්ම පළාත් සභා සියල්ලෙහි මැතිවරණ එකවර පැවැත්විය යුතුයි .කොට්ඨාශ ක්‍රමය තවත් වැඩිකළ හැකි නම් හොඳයි. මේ සඳහා පොදු ජන පෙරමුණ රජයට සහය දිය යුතුයි.
මේ ආටක නාටකද?
දැන් පොහොට්ටුවට.... ලංකා අයට වහබොන්නයි වෙන්නේ...
පවතින රජය ඉතිහාසයේ මීට පෙර සිදු නොවූ අයුරින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්ධනය කරමිනුයි ඉන්නේ...