( අජිත්ලාල් ශාන්තඋදය )
පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (26) සබරගමු පළාත් සභාවේ හයවන සහ අවසන් රැස්වීම අමතමිනි.
සබරගමු පළාත් සභාවේ නිල කාලය අද (26) මධ්‍යම රාත‍්‍රී 12.00න් අවසන් වෙයි.
“මේ පළාත් සභාවල බලතල යළි පාර්ලිමේන්තුවට ගන්න හදනවානම් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙසට වඩා පළාත් සභා මන්ත‍්‍රීවරයකු වෙන්න දස දහස්වාරයක් කැමතියි. පළාත් සභාවල පරමාධිපත්‍යට පයින් ගහන යෝජනා ගේන්න ඉඩ දෙන්න බෑ. මාධ්‍යවේදීන්ගේ වත්කම් හොයන්න ඕනෑ කියන මානසිකත්වයේ ඉන්න පිරිස් එක්ක මේ ගමන යන්න පුලූවන්ද කියන එක ගැටළුවක්.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ලංකාවට ඉන්දියාව විසින් බලහත්කාරයෙන් දුන්නු දායාදයක්. රටට ආදරය කරන දේශපාලකයෙකුගෙන් දෙන පිළිතුරක් ඔබතුමා කරලා තියෙන්නේ .පළාත් සභා රටට ලොකු බරක්. රටට ආදරය කරන උගත් මහත්වරුන්ව පත් කිරීම අප සැමගේ වගකිමවේ .
පළාත් සභා යනු රජීව් ගාන්ධි අපේ නායකයින්ගේ අත් අඹරවා බලෙන් අප පිට පැට වූ එකක් බව ජ.වී.පෙ. දිගටම කිව්වා. එක තමයි ඇත්ත. හැබැයි දැන් උත්සාහ කරන්නේ තවත් ඒවායේ සභික සංඛ්‍යාව වැඩිකරන්නයි. දියවන්නාවට යවා ගන්න බැරිවුන කොටසගේ හිත සනසන්න තියෙන තැනක් මිසක් කිසිම වැඩකට ඇති ආයතනයක් නෙමෙයි මේක.