ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ.
මෙරට ජනතාවට ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බව ඔවුහු කීහ.
සමාගමට සිදුවන පාඩුව ඉතාමත් ඉහළ හෙයින් සමස්ත වශයෙන් අලාභ ඇතිවීම වැළැක්වීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් මිල අවම සීමාවකට ඉහළ දමන බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා කීවේය.
2015 ජනවාරි සහ 2016 සැප්තැම්බර් සිට ලංකා අයිඕසී සමාගමට සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩු සිදුවිය.
පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි.නමුත් විකුණුම් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීය.වර්තමාන ජාත්‍යන්තර මිල අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 17 ක පාඩුවක් හා ඩීසල් ලීටරයකට රුපියල් 14ක පාඩුවක් විඳිමට තෙල් සමාගම්වලට සිදුවෙන බවට පවතින වාර්තා අනුව පෙනී යයි.
2016 ජූනි මාසයේදී හා 2016 අගොස්තු මාසයේදී ඩීසල් මත බදු වැඩි කිරීම හේතුවෙන් තෙල් සමාගම්වලට ඩීසල් සඳහා පැවති ධනාත්මක තත්ත්වය ද සොදාගෙන ගොස් තිබේ.රුපියලේ අගය අවප්‍රමාණ වීමද මෙයට හේතුවී ඇත්තේ එම සමාගම් තෙල් ඇමෙරිකානු ඩොලර්වලින් මිලදීගෙන දේශීය රුපියල්වලින් විකිණිම නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් තෙල් සමාගම් අවස්ථා රැසකදී බලධාරීන්ට බල කළද මේ වන තෙක් මිල සංශෝධනය නොවීය.නිලධාරීන් මේ සම්බන්ධයෙන් සංවේදී වූවද මේ වන තෙක් මිල වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති හේතුවෙන් එම සමාගම් අපහසුතාවට පත්වී තිබේ.
පවතින මිල නියම කෙරුණේ 2015 ජනවාරි මාසයේදී වන අතර ඉන්පසු මේ වන තෙක් මිල ගණන් සංශෝධනය නොකෙරිණ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.