ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ.
මෙරට ජනතාවට ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බව ඔවුහු කීහ.
සමාගමට සිදුවන පාඩුව ඉතාමත් ඉහළ හෙයින් සමස්ත වශයෙන් අලාභ ඇතිවීම වැළැක්වීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් මිල අවම සීමාවකට ඉහළ දමන බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා කීවේය.
2015 ජනවාරි සහ 2016 සැප්තැම්බර් සිට ලංකා අයිඕසී සමාගමට සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩු සිදුවිය.
පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි.නමුත් විකුණුම් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීය.වර්තමාන ජාත්‍යන්තර මිල අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 17 ක පාඩුවක් හා ඩීසල් ලීටරයකට රුපියල් 14ක පාඩුවක් විඳිමට තෙල් සමාගම්වලට සිදුවෙන බවට පවතින වාර්තා අනුව පෙනී යයි.
2016 ජූනි මාසයේදී හා 2016 අගොස්තු මාසයේදී ඩීසල් මත බදු වැඩි කිරීම හේතුවෙන් තෙල් සමාගම්වලට ඩීසල් සඳහා පැවති ධනාත්මක තත්ත්වය ද සොදාගෙන ගොස් තිබේ.රුපියලේ අගය අවප්‍රමාණ වීමද මෙයට හේතුවී ඇත්තේ එම සමාගම් තෙල් ඇමෙරිකානු ඩොලර්වලින් මිලදීගෙන දේශීය රුපියල්වලින් විකිණිම නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් තෙල් සමාගම් අවස්ථා රැසකදී බලධාරීන්ට බල කළද මේ වන තෙක් මිල සංශෝධනය නොවීය.නිලධාරීන් මේ සම්බන්ධයෙන් සංවේදී වූවද මේ වන තෙක් මිල වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති හේතුවෙන් එම සමාගම් අපහසුතාවට පත්වී තිබේ.
පවතින මිල නියම කෙරුණේ 2015 ජනවාරි මාසයේදී වන අතර ඉන්පසු මේ වන තෙක් මිල ගණන් සංශෝධනය නොකෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්ථාවේ කල යුතුයි. තෙල් මිල රුපියල් 5 අඩු කොට..., බදු අඩු කිරීමට ක්‍රමයක් සේදීමයි. විදුලි වාහන සඳහා 90% ක් බදු සහනයක් දිය යුතුයි.
බදු අඩු කරන්න බැරිද? මහජනතාවට දැනට තියෙන මිලටම දෙන්න. වැඩි කරන්න එපා...
ලෝක වෙළඳපොළේ තෙල් අඩුයි කියලා අඩු වෙන්නේ නෑ. චුට්ට වැඩි වෙච්ච ගමන් ඔන්න වැඩි කරනවලු. පොල් ගෙඩිය 110යි. හාල් එහෙමත් හෙන ගණන්. මොනවා වෙනවද ඉන්දියන් ඔයිල් නේ..? කට්ටිය කීවේ සිපෙට්කෝ ඉන්ඩියන් ඔයිල් වගේ ප්‍රයිවට් කරනවා කියලා.... මොන දේ ප්‍රයිවට් කලත් වෙන්නේ මේකයි කියලා අපි තෙරුම් ගන්න ඕනෑ.
පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළඳපළේ තෙල් මිල වැඩිවුණාට, ගබඩා කරලා තියෙන්නේ කලින් අඩුමිලට ගෙන්නපුවනේ. දැන් අයි.ඕ.සී. වැඩිකළා නම් තෙල් සංස්ථාව නිකන් ඉඳීවිද? ඉතිහාසය එහෙමයි.
ඉතුරු සිපෙට්කෝ ටිකයි, තෙල් ගබඩා සංකීර්ණයයි පෞද්ගලික අංශයට දෙමු.
මේ ලාභ කාක්කන් මහජනතාව හූරා කන අයයි. මෙහෙම තෙල් මිල වැඩි කිරීමට ඉන්දියන් කාරයන් තීරණය කලොත් බස් ගාස්තු වැඩි කරනවාමයි. අනෙකුත් ව්‍යාපාරිකයනුත් තේ කෝප්පයේ සිට ආප්පය දක්වාත් මිල වැඩිකිරීම ගැන සැකයක් නැත. ඔවුන්ට වූ පාඩුව සාධාරණය කිරීම සඳහා ඉන්ධන මිල වැඩිකර මහජනතාව කොල්ල කෑමට රජය ඉඩ දිය යුතු නැත. උද්ධමනය වැඩිවන විට මහජනයා දේවාලවල පොල් ගසමින්, දෙස්දෙවොල් තබමින් පාරවල් ගානේ පෙළපාලි යන්නේ රජයට එරෙහිව මිස ධනපති තෙල් කොම්පැනි කාරයන්ට විරුද්ධව නොවේ....