(තරිඳු ජයවර්ධන සහ රොමේෂ් මධුශංක)
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය.
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වූ අතර එම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් විත්තිකරුවන් හත් දෙනෙකු එම සිද්ධියට වැරදිකරුවන් බව තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය.
අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.
යාපනය පුංකුඩුතිව්හි නව වැනි පටුමෙඟ් පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්‍යා දැරිය 2015 මැයි 13 වැනි දා පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දමා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්විණි.
විත්තිකරුවන්
1 බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර්
2 බුබාලසිංහම් ජෙයකුමාර්
3 බුබාලසිංහම් තවකුමාර්
4 මහාලිංගම් ශසිදරන්
5 තිලේනාදන් චන්ද්‍රහාසන්
6 ශිවදේවන් දුෂාන්ත්
7 පලනි රූපසිංහම්
8 ජෙයදරන් කෝකිලන්
9 මහාලිංගම් ශෂීකුමාර් (ස්විස්කුමාර්)
ඔවුන් අතරින් 1වැනි හා 7වැනි විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කෙරුණු අතර ඉතිරි 7දෙනාට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ලෝක පාලක දේවතාවුන්ගේ උදහස ලැබී මේ මිනීමරුවන් මහා පොළොවෙන් දුරු වේවා.
මහජනතාවගේ පැතුම නම් පොලිසියේ සිට උදවු කල ලොක්කා ඇතුළු සැමට උපරිම දඬුවම් ලැබෙනු ඇත යන්නයි. තව පැය කිහිපයකින් එම සුබ පණිවිඩය සැමට අවවාදයක් ලෙසින් ප්‍රකාශ වනු දැක්ම අපගේ පැතුමයි. එවිට තංගල්ල පැත්තේ තියෙන විදේශියන් සම්බන්ධ නඩුත් විසදෙනු ඇති.
හොඳ නඩු තීන්දුවක්
තීන්දුවෙන් පමණක් ප්‍රශ්නය විසදේද?
මරණ දඩුවම පැන වූවත් එය කි‍්‍රයාත්මක නොවීමයි කණගාටුව. එල්ලා මරණ දිනය නියම කරන්නෙ ජනාධිපතිතුමානෙ . ජනාධිපති වරු කිසිම කෙනෙක් මේ තාක් කල් මරණ දඩුවම නියම වූවෙකුගේ දඩුවම කි‍්‍රයාත්මක කර නැහැ. ඒ නිසා 78 ව්‍යාවස්ථාවට පෙර තිබූ අන්දමින් විනිසුරු විසින්ම දඩුවම කි‍්‍රයාත්මක කරන දිනය ප‍්‍රකාශයට පත් කෙරෙන පරිදි ආණ්ඩු ක‍්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය කළ යුතු බවයි මගේ අදහස. එසේ කළහොත් මේ අපරාධ රැල්ල නිකම්ම අඩුවෙලා යන බව නම් ස්ථීරයි.
වැඩක් නැහැ, විද්‍යා දැරියට යුක්තිය ඉස්ටවෙන්නේ නැහැ - මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැති නිසා.
හොඳ තිර්නයක් සුබපතුම්!
සියලු ලෝක පාලක දේවතාවුන්ගේ උදහස ලැබී මේ මිනීමරුවන් මහා පොළොවෙන් දුරු වේවා. මේ රට පාලනය කරන ජනපති හා අගමැතිතුමන්ලාට යලි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ශක්තිය ලැබේවා... රටේ අවනීතිය දුරලීමට එල්ලුම් ගහ නැවත ගෙන ඒමට හැකිවේවා !!!
සමාජ සාධාරණත්වයේ ජයග්‍රහණයක්. දඬුවම් දීමෙන් අපරාධ අඩුකළ හැකිය..
නැවත ඇපෑලක් එවලා නඩුවක් තියලා නිදහස් කරන්න. අපේ රටේ නඩු තින්දුනේ...
ලෝක පාලන දේවතාවුන්ට නොවෙයි මොවුන්ව මේලෝකයෙන් තුරන් කිරීමේ බලය සහ හැකියාව තියෙන්නේ ! ලංකාවේ යහපාලන ජනාධිපති තුමාටයි .
බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ වරදකරුට මරණ දඬුවම ලබාදීමේ දී අතීතයට බලපාන පරිදි නීතිගතකොට ඔහුව එල්ලා දමනු ලැබුවා. අපේ රටේ දැනටමත් නීතිය තියෙනවා. ඒ වුනාට මානව හිමිකම් කට්ටිය කෑ ගහයි කිය කියා ඒ නීතිය පුස් කන්න ඇරලා තියෙනවා. එහෙම කරන්නේ කුඩු මහත්වරුත් එල්ලන්න වෙන නිසාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වුනත් ඔන්න දැන්වත් ඇස් ඇරියොත් හොඳයි.
සාධාරණ ලෙස නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරන් ඇතුළු සියලුදෙනාට ප්‍රණාමය .. තීන්දුවෙන් නතර නොවී මුන්ව එල්ලන්නත් ඕන
බොහෝ විට ඇපීල් කරනු ඇත. ඇපීල් උසාවියෙන් නිඟා නොකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උගත් මහතුන් ක්‍රියා කරනු ඇත.
යාපනේ එහෙම උනාට, කොළඹදී නම් එහෙම වෙන්නේ නැහැ. ඔය වැනි අපරාධ කාරයෝ කොච්චරක් නම් නිදැල්ලේ ඉන්නවද..? ඔය වගේ සමාජ සාධාරණ තීන්දු ජනතාවට කොච්චරක් නම් සතුටට කරුණක්ද..? ඔය ගොඩක් දේශපාලුවෝ සංහිඳියාව සමබන්ධව මාධ්‍ය සංදර්ශන තිබ්බට, කරන්නෙම ඊට පටහැනි දේවල්. තනිකරම දෙබිඩි චරිත. මුනිච්චාවට හිනාවුනාට කතා කරාට .., ජාතිවාදය කුලවාදය ආගම්වාදය ධනවාදය සහ පන්තිවාදය යටින් දෝරේ ගලනවා.
දකුණට ආදර්ශයක් . 2015 මැයි 13 සිට අවුරුදු 2 මාස 4. කෙටි කලකින් තීන්දුව දීම නීති සංගමය වැරැද්දක් ලෙස අගවිනිසුරුට කීමට ඉඩ තිබේ. නීති සංගමය මෙය හොඳ දෙයක් ලෙස දකීද? රන්ජන් රාමනායකට මෙය හොඳ උදාහරණයකි. දකුණේ ඉඩම් නඩු කල්දමා පෙරකදෝරුවන් පොහොසත් කරවති.
දැන් ඉතින් රජගෙදර බෝඩිමේ කකා බිබී ඉඳීවි කවදාහරි සමාවක් ලබා ගෙදර යනකන්. මේ රටේ නීතිය විහිළුවක්.
ගරු අධිකරණයෙන් මරණ දඬුවම දුන්නා නම්, ආයේ මොකටද ඉතින් ජනතාවගේ මුදලින් කන්න බොන්න දීලා රැක බලා ගන්නේ? පුළුවන් තරම් ඉක්මණින් එල්ලලා මරනවා මිසක්. නමුත්, පෝරකයෙන් වැඩක් නොගෙන මරණ දඬුවම නාම මාත්‍රිකව දීම නම් විහිළුවක්?
අර 9වැනි විත්තිකරු බේරගන්න දඟලපු පොලිස් ලොක්කට දඬුවමක් නැද්ද...?
මෙම ඝාතකයන්ට නිදහසේ යාමට ඉඩදුන් පොලිස් නිලධාරින් සම්බන්ධව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් චෝදනා පත්‍ර නිකුත්කර තිබේද? විනය පරීක්ෂණ ආරම්භ කර තිබේද? එසේ නැතිනම් එයට ඇති ප්‍රමාදය කවරේද? පොලිස් කොමිෂම වහාම රටට හෙලි කල යුතුයි. කොමිෂම තිබෙන්නේ එවැනි වැරදි යළි ඇති නොවීමට වග බලා ගැනීමටයි. වහාම රටට හෙළි කරන්න මාධ්‍යය මගින් බලපෑම් කළ යුතුයි.
100 දුෂණය කරලා පාටියක් දමපු මන්ත්‍රීට මොකද වෙන්නේ
මේ විහිළුව කවදද නවතින්නේ? නමට එල්ලුම් ගස් යැවීම, හෙට අනිද්දා ඇප සමග මුදා හැරියා කියයි. වැඩේ වෙච්ච දවසෙත් මහා ජනතාව අල්ලලා දීලත් පොලිසියෙන් සල්ලි අරගෙන මුදා හැරියා තව මොන නීතියක්ද මේ රටේ...
තවත් මේ අපරාධකාරයන්ට ආණ්ඩුවේ බෝඩිමේ කන්න දෙන්න ඕනෑ නේද? මරණ දඩුවම අනිවාර්යෙන්ම දෙනවා නම් මේ වගේ අපරාධ කරන්නේ නැති වේවි !!!
පොලීසියෙන් ලබාගත්තු ප්‍රකාශ ඇත්තද? බොරුද? කියලා හොයන්න ඕනෑ. නැත්තම් කොණ්ඩය ඇල්ලුවා වගේ අහිංසකයෙක් අල්ලලා තියෙයි.
පොලීසියෙන් ලබාගත්තු ප්‍රකාශ ඇත්තද? බොරුද? කියලා හොයන්න ඕනෑ... නැත්තම් කොණ්ඩය ඇල්ලුවා වගේ අහිංසකයෙක් අල්ලලා තියෙයි.
මරනවට වඩා මැරී මැරී ඉන්න වෙන එකත් හොඳයි
1 සහ 7ට දෙවියන් දඬුවම් දේවි !!! එයා නුදුරේ ආරංචි වෙයි. නමුත් යහපාලනයේ කටයුතු අනුව එය ක්‍රියාත්මක වෙයිද?
ස්විස් කුමාරව ආරක්ෂා කළා කියපු විජය කලාට මොකද වුණේ? ලලිත් ජයසිංහට මොකක්ද වෙන්නේ? වරදට අනුබල දෙන අයටත් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. මෙවැනි වරද කරුවන්ට දිය යුත්තේ රජකාලේ දඬුවම්...
නීතියෙන් මරණ දඩුවම නියම වුවත්, පොදු ජනතාවගේ මුදලින් කාල බීල ඉන්න පුළුවන්නෙ. නමුත් ස්වභාව ධර්මයෙන් මේ ආත්මයේදිම ඔවුන්‍ට අසරණ කෙල්ලට දීපු වද වලට විපාක ලැබේවා.