( අමල් වික්‍රමරත්න )
ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්‍යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම තහනම් නියෝගය රත්ගම පොලිස් ස්ථානාධිපති කමල් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමක් අනුව නිකුත් කෙරිණ.
බූස්ස බන්ධනාගාර පරිශ්‍රයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් බූස්ස රැදවුම් කදවුර පිහිටි ප්‍රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස්වලින් එල්ලවිය හැකියැයි අපේක්ෂිත තර්ජනයකට මුහුණදීම සඳහා මෙලෙස ආරක්ෂාව දැඩි කර තිබේ.
සංවිධාන කිහිපයක් එම සරණාගත පිරිස්ට යම් බලපෑමක් එල්ල කිරීමට පැමිණෙතැයි සමාජ ජාලාවල සඳහන් වී තිබීම මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට හා උසාවි නියෝගයට හේතු වී ඇතැයි කියැවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ම්ලේච්ජ මිනී කන්නන්ගේ දේශයේ සරණාගතයෙක් වුණත් කමක් නැහැ අතට අහුවුණොත් ඉතින් මරාගෙනම කනවා.. එතකොට කෝ අර ඒ රටේ තිබුණු ධර්මය?
විරෝධතාවය ඉංග්‍රීසියෙන් කරනවා නම් එයට අවස්ථාව ලබා දිය යුතුයි. එතකොට තමයි ලෝකයාට ඇහෙන්නේ. සිංහලෙන් කෑගහනවා නම් දේශපාලන අරමුණක් තියෙනවා.
රෝහින්ග්‍යා සරණාගතයින් 55 ක් 2008 ලංකාවට ඇවිත් 2012 දී පිටත් කලා. ඒ කාලේ ජාතික කැක්කුම තිබුණු බලමුළු නරි රැලක් වගේ හැංගිලා හිටියේ. අද වර්ජන පිකටින් කරන්නේ පවතින රජයේ නොන්ජල්කම හින්දයි..
ඇත්තට අපිට මේ ගැන ලැජ්ජයි. රෝහීන්ග්‍යා සරණාගතයන් දරුවන් 16 වැඩිහිටි 15 යි... මොන ජාතියක මොන ආගමක වුණත් සරණාගතයින්ව භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස්වලින් එල්ලවිය හැකියැයි අපේක්ෂිත තර්ජනයකින් ආරක්ෂා කිරීමට සිදුවීම.... අනේ අපොයි අපේ නිර්මල බුදු දහමට කරන හානියක්...
දෙවියනේ බුද්ධාගමට ගිය කලක් මේ අය නිසා.
2008 සහ 2012 වසරෙත් රාජපක්ෂලා බලයේ ඉන්න කොටත් මෙම සරණාගතයින් මෙම රටට පැමිණියා. එතකොට පාරට නොබැහැපු මේ හිමිවරු දැන් මෙහෙම කටයුතු කිරීම කාගෙහරි පටු අරමුණවල් ඉටුකිරීම සඳහාද?
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න.
බුදු දහම අපකීර්තියට පත් නොකර ඉන්නවා නම් නේද හොඳ හාමුදුරුවරුනේ?
සමන් ධර්මය ආරක්ෂා කරනවා කියන්නේ ධර්මය අනුව හැසිරෙන එකයි. අධාර්මිකව හැසිරිලා එම ධර්මයේ උගන්වන, පටහැනි විදිහට හැසිරිලා කොහොම ද ධර්මය රකින්නේ? ඔය කෑගහන්නේ ජීවන මාර්ගයක් විදිහට සසුන් ගත වූ අය. එයාලා ධර්මය ඉගෙන ගෙන නැහැ.
හාමුදුරුවනේ, මෛත්‍රිය යන වචනයේ අරුත පළමුව වටහා ගන්න. නිර්මල බුදුදහමට අගෞරව කරන්න එපා.
මේ උනන්දුවම ,නැගෙනහිර පන්සල් කඩන ඒවා බේරගන්න තිබුන නම් ,මිනිස්සු ඉස්ලාම් අන්තවාදය ට තියෙන භය නැති කරගනී. කොයි කෙසේ වෙතත් සරණාගතයින් එක්ක අන්තවාදීන් ඇතුල් වෙනවා කියන එක යුරෝපේ වෙන සිද්ධි වලින්ම පැහැදිලි වෙනවා.ආණ්ඩුවට කිසි සුදානමක් නැහැ මේ පිළිබඳව. මිනිස්සුන් ගේ හැසිරීම ආණ්ඩුවේ කල් මැරීමේ ප්‍රතිඵලයක් .නැතිනම් ලන්දේසි සමුලඝාතනය කරන්න ගිය මුස්ලිම් අනාතයින්ට රජ කාලේ සලකු විදියත් අද විදිහත් අතරේ වෙනසක් වෙන්න වෙන හේතුවක් නැහැ....
ධර්මය නම් ආරක්ෂා කල යුතු දෙයක් නොවේ. එය විශ්වාසයක් පමණි.
හුසේන්, ඔයා ධර්මය ගැන අපේ හාමුදුරුවන්ට කියලා දෙන්න කලින්... අර සත්තු වගේ අනිකුත් මිනිස්සු මරණ මරන්න පොලඹවන උගන්වන ඔයාලගේ උන්ට කියන්න. මියන්මාර් වල අහිංසක භික්ෂූන් කපලා කොටලා, මරල වැඩේ වැරදුණාම රටින් පැනල දැන් අහිංසකයෝ වෙන්න හැදුවට එහෙම වෙන්නේ නැහැ. ලංකාව තවත් මියන්මාරයක්, බංගලාදේශයක් වෙනවට අපිත්, බෞද්ධ හාමුදුරුවොත් කැමතිත් නැහැ. වෙන්න දෙන්නෙත් නැහැ. එ්ක හොඳට මතක තියාගන්න.
දැන් බලනකොට අපේ රටේ මනුස්සකමක් ගෑවිලාවත් නැත්තේ භික්ෂූන්ට සහ දොස්තරවරුන්ටනේ! අනේ අනිච්චං!
නමුත් නීත්‍යනුකූල පුරවැසිකම නොලැබුණත් හොර රහසේ මෙරටට ගොඩබසින රෝහින්ග්‍යා සරණාගතයන්ට මුස්‌ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන පළාතක රහසේම ජීවත්වීමේ හැකියාවක් නොමැති ද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වේ. ඇත්තෙන්ම සමාජය තුළ පවතින්නේ එම අනියත බියයි. වර්තමානයේ ලෝකයේ සිදුවන බොහෝ යුද ගැටුම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා දෙස ඇස් ඇර බලන විට කෙනෙකුට එසේ පෙනීම සාධාරණ සිතිවිල්ලකි. මිනිසුන් ජාතියක් හෝ වර්ගයක් ලෙස වෙන් කොට ලිවීමට අකමැති වුවත් අකමැත්තෙන් වුවද ලිවිය යුත්තේ අද ලෝකයේ අැති බොහෝ ගැටම්වලට මුලපුරා ඇත්තේ මූලධර්මවාදී මුස්‌ලිම් ආගමිකයන් වන බවයි. ඔවුහු නිතැතින්ම ආක්‍රමණශීලී ප්‍රචණ්‌ඩ පිරිසක් වෙති. නොසඟවා පවසන්නේ නම් මෙරට ජනතාව තුළ මතුයම් දිනකදී විය හැකි මූලධර්මවාදී ආක්‍රමණයක් පිළිබඳ බියක් තිබේ. ඊට උඩගෙඩි දෙන සිදුවීම් ඕනෑ තරම් පසුගිය දස වසක කාලය තුළ සිට මේ දක්‌වා සිදුවෙමින් තිබේ. විල්පත්තුව වනසා ජනාවාස ඇති කිරීම පිළිබඳවත් අමාත්‍යාංශය තුළ මුස්‌ලිම් පල්ලි ඉදිකිරීමට සැරසීමත් පිළිබඳවත් රිෂාද් බදියුදීන් ඇමැතිවරයාට මෙරට බහුතර සමාජයෙන් චෝදනා එල්ල වන්නේ ඒ නිසයි.
කොහෙද අර කියන ධර්මය...? බුදුන් ගෙනාපු අවිහිංසාව. ධර්මයේ කියන්නේ අන් අයට මෙත් ගුණ වඩවන්න කියලයි නේද?
මියන්මාරයේ මේ මිනිස්සු බෞද්ධ මිනිසුන්ට කරපු වැඩ වලට අපේ රටේ මිනිස්සු නොදැන කතා කිරීම හරිම කැතයි. ලෝකයේ නොව යුරෝපයේ ගැටවලට අහුවෙන වට වඩා ඇත්තට ඉඩ දීම මානව හිමිකමකි අයිතියකි, අපේ හාමුදුරුවරු ඔය සරණාගතයින්ට අවැඩක් කරලා නැහැ, ඔවුන් කියන්නේ වැරදි කරුවන් මේ භූමියේ තිය ගන්න එපා කියලා.
එක්දහස් නමසිය අසුගණන්වල ජවිපෙ භීෂණය නිසා සිංහල බෞද්ධ අය විශාල වශයෙන් බටහිර රටවලට ගොස් දේශපාලන රැකවරණ පතා සරණාගතයින් වුනා. ඔවුන් අතර සාමාන්‍ය ජනතාව මෙන් ජවිපෙ සාමාජිකයින්ද ජවිපෙ නායකයින්ද සිටියා. ඒ අතර මා හොඳින් දන්නා ගාල්ලේ බෞද්ධ පන්සලක වැඩසිටි ස්වාමින් වහන්සේ දෙනමක්ද සිටියා. ඊට අමතරව තවත් සියගණනක් ස්වාමින් වහන්සේලා රටෙන් පලාගියා. සමහරු මේ රටවලට ගොස් සිවුරු විසිකරලා ඩෙනිම් කලිසම් සහ ටී ෂර්ට්ද, සමහරු ටයි කෝට් ද ඇඳගෙන මහණකම හැරගිය අවස්ථාද තිබුණා. ඔවුන් එංගලන්තය, කැනඩාව, ඇමෙරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල සරණාගතයින් වී දැන් එහි පුරවැසියන්ද වී ඉතා හොඳින් වාසය කරනවා දැකීම සතුටකි. සමහරුන් ලංකාවට විදේශ විනිමය ගෙන එන සම්පතක්ද වුනා. LTTE කලබල කාලයේ විශාල වශයෙන් දමිල ජනතාව ඉන්දියාවට සහ විදේශ රටවලට පැනගොස් එහි සරණාගතයින් වුනා. ඒ හැම රටකම ඔවුන්ට හොඳට සැලකුවා. ඉතා මෑතකදී වයස 21ක රෝහින්යා තරුණියක් සිංහල බෞද්ධ පොලිස් නිලදාරියෙක් විසින් අසනීපයකට කළුබෝවිල රෝහලේ නැවතී සිටියදී පැහැරගෙන ගොස් දුෂණ කර ඇති බවද ලංකාවේ සහ විදෙස් මාධ්‍ය මගින් මා දැන දැනගතිමි ...
බෞද්ධයෙක් වන මගේ ගෙදරත් මෙතැන් සිට හාමුදුරුවන්ට තහනම්!සිවුර පෙරවා ගත්ත මෙම ම්ලේච්ඡයන්ගෙන් ආරක්ෂා වී සිටිය යුතුයි. බුදු අම්මෝ, මටනම් මේ භයානක පිරිසගෙන් පාංශකූලයවත් එපා! සිවුරක් දකිනකොටත් ඇඟ හිරිවටෙනවා!අනේ අපොයි, බුද්ධාගමට ගිය කල. බුදුන් වහන්සේ අද පහල වුනොත් උන්වහන්සේ වෙනත් ආගමකට යන්න වුනත් පුළුවනි!
මේ රට ව්‍යසන වලින් රැක ගැනීමේදී එදත් අදත් පෙරමුණේ හිටියේ සංඝරත්නය. අපේ කාදිනල්තුමත් (මම සිංහල කතෝලික බැතිමතෙක්) මේ රටේ හාමුදුරුවරුන්ට තියන අනන්‍යතාව ඉතාම පැහැදිලිව දක්වලා තිබුණා. දේව වචනය අනුව "ඒ කම්මුලට ගහද්දි මේ කම්මුලත් ගහන්න ඇල්ලුවනම්" අද වතිකානුවෙත් ISIS ධජය උස්සලා. මේ සරණාගතයෝ මියන්මාරයේ හමුදාවට ගහන්න ගිහින් ඒ රටෙන් පන්නපු කට්ටියක්. ඒ දවස්වල යුද්දේ තියෙද්දී අපේ රටේ හිටපු "තස්ත්‍රවාදීන්ව" වෙන රටක් බර අරගෙන සත්කාර කරොත් අපිට කොහොමද හිතෙන්නේ? අනික මේ සරණාගත තස්ත්‍රවාදීන් එකට මේ රටේ හිමිකම දෙන්න වෙහෙසෙන්නේ අන්තිම ජාතිවාදී, කැළෑ පාළු මුස්ලිම් දේශපාලකයන් පිරිසක්. ඒක නිසා ඔය දරුවෙක් මල්ලෙක් නැති උදවිය
සිල් රෙදි සොරුන් බේරා ගැනීමට සතියකට පෙර අතට ගත් පාත්‍රය සෝදා වේලා, පත් කඩෙන් පිස දමා නැවත දෝතට ගෙන, මෛත්‍රී සිත් පෙර දැරිව, අප රටට පැමිණි අනාථ පවුල් පහක් වෙනුවෙන් එකම එක ආහාර වේලක් සපයා දීමට පිණ්ඩ පාතේ වැඩියා නම් ඔබ වහන්සේලා වෙනුවෙන් මොන තරම් නම් ලෝක පිළි ගැනීමක් ඇති වෙයිද? ඔය කණ්ඩායමේ සිටින එක පිරිමි දරුවෙකු බුද්ධශාසනයට ඇතුලත් කරගැනීමට යෝජනා කළා නම් දෙවිවරු පවා සාධුකාර නොදෙද්ද? සමහර විට මියන්මාරයේ පවතින ආගමික යුද්ධය පවා නතර වීමට ඒ පිණ හේතු වාසනා නෙවෙයිද?
සරණාගතයන් ගැන සිතනකොටනම් දුකකි ..නමුත් අපිවත් කෙමින් කෙමින් සරණාගතයන් වෙන බව තමයි මේ හිමිවරු කියන්නේ ..අපේ රටේ බොහොම සීතල යුද්දයක් තියෙනවා කියල දැනෙනවා ...අපේ ඉඩම් අපිටත් හොරෙන් නොවටින තරම් මුදල්ගෙවා ලබාගන්නවා .විල්පත්තුවට මොකද වෙන්නේ ..???.අපේ මිනිස්සු හරිම පෙරේත, තම ගැන විතරක් හිතන බව මුලු ලෝකයම දන්නවා එක නිසා තමයි මේ හිමිවරු පුනපුනා කියන්නේ මව්බිම රැකගන්න කියල .තාම තේරෙන්නේ නෑ ටිකක් කල් යාවි ..එතකොට ප්‍රමාද වෙලා තියේවි .අපිට යන්නම් තැනක් නැත ..
මේ තමා තිරිසන් බව, සිවුර දාගෙන හිටයත් ලෝගුව දාගෙන හිටියත් එකම තමා, ISIS ලා තලෙයාබාන්ලා මියන්මාරයේ හාමුදුරුවරු අපේ ලංකාවේ සත්තු වගේ හැසිරෙන හාමුදුරුවරු, ඔක්කොම එකම වංසේ අය.
භික්ෂු සංගායනාවක් තියන්න කාලය නැවත උදාවී ඇත
අපේ හාමුදුරුවනේ....ඔය කාලකන්නි ජීවත්වෙන රටේ ඉපදීම ගැන කනගාටුවෙන්න...අපේ රටේ මුස්ලිම් පාලනයක් ගොඩ නගන්න වැඩ කරගන්න, එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔබ වහන්සේලා ජාතිවාදීන්වෙලා ඉන්නේ සිංහල කාලකන්නි වෙනුවෙන් කතාකරන නිසා විතරයි. අපිට අපේ රටේ වැඩ කරන්නවෙලා තියෙන්නේ අනුන්ගේ රටක ඉන්නවා වගේ.
සිංහලයේ අනාගතය, අනාගත සිංහලයාගේ අයිතිය ගැන සටන් කරන අපිට බනින, තමාගේ ඉඩමෙන් අඟලක් හෝ අල්ලපු ඉඩමට යා වුවහොත් මරා ගන්න මේ උපාසකයන් විවාහ වුයේ මන්ද? එතන අය එසේ කරන නිසාද? තම දරුවන්ට අල්ලපු ගෙදර නැතිනම් වෙනත් මිනිසෙකුගේ වාසගම නොතබා තමන්ගේම වාසගම තැබුවේ මන්ද? තමන් ජාතක කල ඒ දරුවන්ට ඉපදුණා නම් ඔහේ කියා නොසකලා හරින්නේ නැතුව ලොක්කෙකු කරන්නට උත්සාහ කරන්නේ මන්ද? තමනේ බිරින්දෑව , බිරින්දෙක් නැති අයෙකු පාමින් ඉල්ලා සිටියහොත් පින් තකා නොදෙන්නේ මන්ද? මෙන්න මේ හේතු නිසා තමයි අපේ වුවමනාවට හෝ වෙනත් කරුණකට හෝ උපදින අනාගත සිංහලයන් වෙනුවෙන් මේ රටේ ඉතිරි හරිය හෝ රැක ගැනීමට අපි උත්සාහ කරන්නේ...