( රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කළේය.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ථ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති සඳහන් කරමින් සිල්වා මහතා එම පෙත්සම ගොනු කර ඇත.
ඒ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා පැවැති මැතිවරණ පනත යටතේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියම කරන ලෙසද හිටපු අගවිනිසුරුවරයා ඉල්ලා සිටී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමිජිකයින් ද නම් කරනු ලැබ සිටිති.
මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී පළාත් සභා මැතිවරණ පවත්වා නැතැයිද මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී මැතිවරණ පැවැත්වීමට අපොහොසත්වීමෙන් ජනතාවගේ සර්ව ජන ඡන්ද බල අයිතිය උල්ලංඝණය වී ඇතැයිද සරත් සිල්වා මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු මේ සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් කතානායකවරයාට ඉදිරිපත් කොට ඇති අදහස් හා මතවාද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තියට පටහැනි බවත් එය නීතීපතිවරයා සිය බලඅධිකාරය ඉක්මවා කටයුතු කිරීමක් බවට ප‍්‍රකාශයට පත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
තම මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් වනතුරු අදාළ පණත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද දැනට ක‍්‍රියාත්මන වන නීතීය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලා සිටී.
(ඡායාරූප සහ වීඩීයෝ-ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට අයාලේ අතහැරිය බල්ලෙක් වෙන තැනක් හොයනවා වගේ.
අද රටේ සිදුවන නීතිය, අවභාවිතා කිරීම් බොහෝමයක නිර්මාතෘ මෙතුමා තමයි ....
ඔබතුමා කල බොහෝදේ අනුමත නොකළත්, රටේ එ්කීය භාවය වෙනුවෙන් උතුර නැගෙනහිර වෙන් කීරීමට දුන් එෙතිහාසික තීන්දුවට නම් අපි ජාතියක් වශයෙන් හැමදාමත් ගරු කරනවා.
රෙජීමය කාලේදී දීපු අද්භූත, පක්ෂග්‍රාහී අධිකරණ තීන්දු තීරණ නිසා මේ මහත්තයාගේ උගත්කම මුළු රටම දැන සිටියා. ඒ නිසා මෙයා දැන් ගහන කයිවාරු ගැන අප වැඩිය කලබල විය යුතු නැහැ.
ගරු නන්ද සිල්වා මහතාණනි, අපිට දැනගන්න හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව ගැන කියමුකෝ...
මෙයා හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව හරියට දුන්නද?
හොඳම දෙය පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණාට පසුවත් යම් සාධාරණ කාලසීමාවක් තුළ එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට හැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඇතැම් පනත් වල කොටස් අධිකරණය මගින් ඉවත් කල අවස්ථා පවා තිබ්බා. නමුත් 1972 හා 1978 ව්‍යවස්ථා වල පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පෙර පමණයි අධිකරණයට යන්න පුළුවන්. ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්...
හෙල්පින් හම්බන්තොට ට ඔහු දුන් තීන්දුව වැරදි බව ප්‍රසිද්ධියේ පිළිගත් නිසා මොහුට විරුද්ධව නඩු දමන්න.
රටේ ජනතවාට ඡන්ද අයිතිය අහිමි කරලා ගිය ආණ්ඩුවට බැන බැන ඉන්නවා. රටේ ප්‍රශ්න එකතැන... ඔබතුමාට අපේ සුබ පැතුම් !!! අප වෙනුවෙන් පෙනී සිටීම ගැන...
ලංකා අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලම ගැන 'උසාවිය නිහඬයි' තුලින් සහ වික්ටර් අයිවන් මහතාගේ රාවය තුලින් අපි හොඳින් වටහා ගත්තා. මෙතුමා මේ විදිහට ඒ අධිකරණයටම එනවා දකින්නත් ආසයි.
ලැජ්ජාවක් නැතිවුණාම මොනවා කරන්න බැරිද?
රටේ නීතිය පහළට දාපු හැටියට, මෙයා ලැජ්ජා වියයුතුයි.. ප්‍රසිද්ධියේ පෙනී සිටින්න.
රෑ දනියෙල් -දවල් මිගෙල් වගේ
ශිරානි ඉවත්කරලා ඔබතුමාට දෙයි කියල බලා ගෙන හිටියට හරි නොගිය නිසා ලොකු හිතේ අමාරුවකින් කතා කළා ඒ දවස්වල. මොනව කරන්න ද මොහාන් පීරිස් ඊට වඩා වැදගත් වුනා නේ රජ්ජුරුවන්ට. දැන් ඉතින් පුරුදු උසාවිය පැත්තටවත් ඇවිල්ල බලන එක හොඳයි.
ඉතා හොඳ ක්‍රියාවක්.. දැන් මේ නඩුව ඉවර වෙනකල් ඡන්දෙ තියන්න බැහැනේ... රනිල් ගාණක් දුන්නද දන්නෑ. මොකද ඕනේ කෙනෙකුට කඩේ යන එක මෙයාගේ සිරිතනේ.. හෙල්පින් හම්බන්තොට ට ඔහු දුන් තීන්දුව වැරදි බව ප්‍රසිද්ධියේ පිළිගත් නිසා මොහුට විරුද්ධව නඩු දමන්න.
ව්‍යවස්ථාදායකයට මැදිහත් වීමට අධිකරණයට බැරි බව නොදැන ද මෙතුමා අධිකරණ කටයුතු කරලා තියෙන්නේ. ලෝකේ හිනස්සන වැඩනේ...
යකුනේ නැතිවෙන්නේ ඔබේ ඡන්දේ. මේ මනුස්සයාගේ ජාතකේ පස්සේ හොයන්න. ඔබට නැතිවෙන ඡන්ද බලේ ගන්න.
ඔබතුමා හොඳ තීන්දු දීලා තිබුණා නම් අපි ඔබතුමාට හිස නමනවා. ඔබතුමා කල නොකල දෑ ඔබතුමාට දන්නවා නේ. ඔබ අකමැතිද එකම දිනක මැතිවරණය පවත්වනවට? කාන්තා නියෝජනය වැඩි කරනවට අකමැතිද? කරුණාකර රජයට බලකරන්න 2018 අවසානයට පෙර සියළුම පළාත්සභා එකම දිනක පවත්වන්න කියා. අපට නිතර මැතිවරණ එපා. හෙල්පින් හම්බන්තොට ඔබ කියන පරිදි වැරදි තීන්දුවක් වේ.
ඔවා දෙනු පර හට ... තමා සම්මතයෙහි පිහිටා සිට කියලා එකකුත් අපි අහල තියෙනවා. වැද්දන් බණ කියනවා ඔබතුමා අහල තියෙනවා ද? මේ ඒක නෙවෙයි ..., මේ වැඩේ හරි ගියොත්, අරගොල්ලන් බලයට ආවොත්, ඔබතුමාට මොකක් හරි දෙනවා කිව්වා ද? හා... ඇත්ත කියන්න මහත්තයෝ.
ඔව්නේ, ඔබතුමා බස්නාහිර මහඇමැතිකමත් ඉල්ලන්නකෝ. අපේ සම්පුර්ණ සහයෝගය ඔබ තුමාට.
මෙතුමාගේ ක්‍රියාව අගය කරනවා.
පාර්ලිමේන්තුවේ 100% ඡන්දයෙන් අනුමත කල 17 සංශෝධනය බලරහිත කර ස්වාධීන කොමිසන් සභා අහෝසිකර ධුර කාලසීමා ඉවත්කර සැකසුනු 18 සංශෝධනයට අත උස්සන්න මුදල්දී පැති මාරු ක්‍රමය ඇතිකලේ මෙතුමා. 1977 ව්‍යවස්ථාවේ පැතිමාරු තහනම් කර තිබුණු එක වෙනස් කිරීම, උසාවි පද්ධතිය කාබාසිනියා කර කාන්තා දූෂකයන්ට නඩුකාර තනතුරු දීම කලෙත් මෙතුමා. ඒ වුණාට බෞද්ධාගම ගැන මෙතුමාගේ දැනීම නම් ඉස්තරම්. මෙතුමාගෙන් රටට වූ හානිය කියා නිම කරන්න බැහැ. එකම හොඳ දේ උතුරු නැගෙනහිර ඒකාබද්ධය කැඩීමයි.
හිර ගෙදර යැවිය යුතු පුද්ගලයාව රජ ගෙදර යැව්වා.. කිව්වේ ඔබතුමාද? අර සුනාමි කේස් එකට
ලංකාවේ හිටපු අපකීර්තිමත් අගවිනිසුරු තුමා.. අධිකරණ පද්ධතියම දූෂණය කරපු පුද්ගලයා. ඇතෙන්ම අගවිනිසුරු තුමා සිටිය යුතුවන්නේ බන්ධනාගාරයේ...
ලංකාවේ හිටපු අපකීර්තිමත් අගවිනිසුරු තුමා.. අධිකරණ පද්ධතියම දුෂණය කරපු පුද්ගලයා. ඇතෙන්ම අගවිනිසුරු තුමා සිටිය යුතුවන්නේ බන්ධනාගාරයේ.
තව ටික දවසකින් කියාවි " සමාවෙන්න මට " " සමාවෙන්න මට " කියල. ඒ එයාගේ හැටි.
මෙයත් හිරේ ඉන්න ඕන මිනිහෙක්. ලංකාව නිසාම හොඳයි.
පාලකයන්ගේ ඕනෑ එපාකම් සපුරගන්න මෙවැනි පුද්ගලයන් අගවිනුසුරු තනතුරු වලට පත්කරනවා . එම තනතුරට සුදුසු චරිත වත් බව හෝ මානසික යෝග්‍යතාවය සලකන්නේ නැත. මේ චරිතය අනුගේ බිරිද වරුන් තම අඹුවන් හැටියට යොදාගත්තා . යතුරු ලේකිකවනට ලිංගික හිංසනයන් කලා. ඒ අනුව තමන්ට ඕනෑ එපාකම්වලට නඩුතිරණ වෙනස් කලා . කියවන්න රාවයේ වික්ටර් අයිවන්ගේ මෙය සම්බන්ද ගිය ලිපිපෙළ. අදිකරණයට කරනලද හානිය ඉතා විසාලයි. මේ අදිකරණයේ විනාසයට පාලකයන්ද වගකිවයුතුයි .