( රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කළේය.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ථ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති සඳහන් කරමින් සිල්වා මහතා එම පෙත්සම ගොනු කර ඇත.
ඒ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා පැවැති මැතිවරණ පනත යටතේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියම කරන ලෙසද හිටපු අගවිනිසුරුවරයා ඉල්ලා සිටී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමිජිකයින් ද නම් කරනු ලැබ සිටිති.
මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී පළාත් සභා මැතිවරණ පවත්වා නැතැයිද මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී මැතිවරණ පැවැත්වීමට අපොහොසත්වීමෙන් ජනතාවගේ සර්ව ජන ඡන්ද බල අයිතිය උල්ලංඝණය වී ඇතැයිද සරත් සිල්වා මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු මේ සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් කතානායකවරයාට ඉදිරිපත් කොට ඇති අදහස් හා මතවාද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තියට පටහැනි බවත් එය නීතීපතිවරයා සිය බලඅධිකාරය ඉක්මවා කටයුතු කිරීමක් බවට ප‍්‍රකාශයට පත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
තම මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් වනතුරු අදාළ පණත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද දැනට ක‍්‍රියාත්මන වන නීතීය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලා සිටී.
(ඡායාරූප සහ වීඩීයෝ-ශාන්ත රත්නායක)




COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.