(ජනත් ද සිල්වා )

ඇල්පිටිය වලහේන ප‍්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත‍්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

ත‍්‍රී රෝද රථයේ රියදුරා ඇතුළු සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළ බව ඇල්පිටිය රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.

තවත් දරුවන් දෙදෙනකු එහි ගමන් කිරීමට ඉඩ නොමැති නිසා පාසල් ආසන්නයේ නතර වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත. සෙසු දරුවන් සුළු තුවාල ලබා ඇතැයි ද ඔවුන් ප‍්‍රතිකාර ලබා ගෙන ඇතැයි ද කියැවේ.සිසුන් පස් දෙනකු සහ සිසුවියන් සිව් දෙනකු මෙලෙස රෝහල්ගත කර ඇත.