(ජනත් ද සිල්වා )
ඇල්පිටිය වලහේන ප‍්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත‍්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
ත‍්‍රී රෝද රථයේ රියදුරා ඇතුළු සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළ බව ඇල්පිටිය රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.
තවත් දරුවන් දෙදෙනකු එහි ගමන් කිරීමට ඉඩ නොමැති නිසා පාසල් ආසන්නයේ නතර වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත. සෙසු දරුවන් සුළු තුවාල ලබා ඇතැයි ද ඔවුන් ප‍්‍රතිකාර ලබා ගෙන ඇතැයි ද කියැවේ.සිසුන් පස් දෙනකු සහ සිසුවියන් සිව් දෙනකු මෙලෙස රෝහල්ගත කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රී රෝද රථයේ සිසුන් 13 ක් ගියේ කෙසේද?
බස්, ට්‍රක්, මෝටර් සයිකල්, ත්‍රී විල්, ගැන මොනවට කතාද? එයාලගේ ගමන මුළු රටක් වගේම මෙහි එන විදේශිකයෝත් මෙයාලගේ නොහික්මුණු ගමනට දොස් කියනවා. නමුත් පොලිසිය නිසි ක්‍රියා මාර්ගයක් නොගෙන අහක බලා ගන්නේ ට්‍රක් අයිති කරුවන් ආණ්ඩුවේ බලධාරීන් නිසාද?
ත්‍රි රෝද ලංකාවේ තහනම් කිරීමට දැන් කාලය පැමිණ ඇත. ඉන් සියයට 80ක් අනතුරු වළකා ගනිමු.
මීටර් හයි කලාට මොලේ හයි කරන්න බෑනේ ...
මේක ත්‍රීවීල් එකක්ද? පොඩි වෑන් එකක්ද?
ත්‍රී වීල් සඳහා තව නීති සකස්කළ යුතු අතර මෙම කටයුතු සඳහා කුඩා මෝටර් රථ සඳහා බදු අඩු කලයුතුයි. ත්‍රී රෝද රථ හරි අවදානම්....
මේ දරුවන්ගේ දෙමව්‍පියන් මුලින් පාසල් යවන්න.. දෙමුපියන්ගෙ වරදින් වන්දි ගෙවන්නේ අසරණ දරුවන් ස්තුති .
මේ ළමයි ටික කොහෙද හිටියේ? 13 ක් ගෙනියන්න නම් ඩ්‍රයිවරයගේ කරේ දෙන්නෙක්වත් ඉන්න ඕනේ.
ඉස්සර මාටින් අයියා , සයිමන් අයියා දෙකේ තුනේ පන්තියට ඉගෙනගෙන බොහොම ලස්සනට නීතියට අනුකුල විදිහට කාර් , ලොරි , බස් එලෙව්වා. දැන් කාලේ උදවිය කීයට ඉගෙනගෙනද මන්දා විභාගයකටත් ලියලයි ලයිසන් ගන්නේ. ත්‍රීරොද රථ , ලොකු ලොකු බස් , ලොකු ලොකු ට්‍රක් පදවන කීයෙන් කීදෙනෙක්ද සාමාන්‍ය පෙළ සමත් ? මේ අය හිතන්නේ, හැසිරෙන්නේ තමන්ගේ වාහනේ පාරට දමන්න ලයිසම තිබුන තරමින් නීති අවශ්‍යත් නැහැ, කන පැලෙන්න හෝන් එක ගහගත්තම තමන්ට අනික් අය පාර ඉඩ දෙන්න ඕනෑය, අනික් අය කවුද, තමන් විතර ලොක්කෙක් පාරේ ආයේ නැත , ඇරලා යන්න හැකිය යන සිතිවිලිවලි භරිතව බව පැහැදිලිය. මොවුන්ගේ මහමග හැසිරීමේ ක්‍රියාකලාපය පාලනය කිරීමට තදබල නීති ගෙන ඒමටත්, ඒවා අකුරටම ක්‍රියාත්මක කිරීමටත් කාලය එළඹ ඇත.
ළමයි 13 දෙනෙක් දාගෙන මේ ත්‍රීරෝද රථය පාරේ යනකොට අඩුම ගන්නේ එකම පොලිස් නිළදාරියෙක්වත් දැක්කේ නැත්ද? මෙච්චර ළමයි ගොඩක් ඉන්නවා කියලා. අනෙක ටිපර් රථයේ පිටිපස්සෙලුනේ හැප්පිලා තියෙන්නේ ඒ කියන්නේ පිටිපස්සෙන් ගිහින් හප්පගෙන මෙච්චර ලොකු හානියක් වෙන්න ත්‍රී රෝදේ මොන තරම් වේගයෙන් එන්න ඕනද?ත්‍රීරෝද වල ළමයි අරගෙන යන අය වටේ තියන හයර් ඔක්කොම ටික ගිහිල්ලා අන්තිම තත්පරේට තමයි පාසල් ළමයි අරගෙන යන්න එන්නේ.... අන්න ඒ නිසා තමයි අධික වේගයෙන් යන්නේ පාසැල පටන් ගන්න කලින් ළමයින්ව ඉස්කෝලෙට ඇරලවන්න ඕන නිසා. පුදුමේ කියන්නේ මේ දේවල් කාටවත්ම පෙන්නේ නැති එක. කොහොමත් තව සතියක් යනකොට මේ සේරම අමතකයි ආයෙත් පරණ විදියටම යාවි.
මෙයින් පෙනෙන්නේ පොලීසියේ නිවට බවයි. මෙයා අද විතරක් 13ක් දාගෙන ගියා කියන්න බැහැනේ...
ළමයින්ට නොගැලපෙන සිංදු මහ හයියෙන් දාගෙන කනේ කරාබු දාගනිපු අයියල තමයි මේව එලවන්නේ... ඌරන් වගේ වෙන කිසිම කෙනෙක් මේ අයට කිට්ටු වෙන්නේ නැහැ. මේ විකාර රූපි වාහනය තහනම් කරන්න. නැතිනම් වේග සීමා 30 නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මගී සීමාව වගේම...
මේ වගේ අය මැරිලා යනවා නම් ලොකු දෙයක්... මේ රටේ නීති දාහක් ගෙනාවත්, ඒ ඒ අයමයි...
පාසලක් ඉවරවෙලා යනකොට දන්නා කෙනෙක් වහනයක් නතරකරොත්, ඉන්න ළමයි ඔක්කොම කොහොමහරි නගින්නයි බලන්නේ. ඒක ළමයින්ගේ සමගිය. මෙතනත් නගින්න බැරිවුන කිහිපදෙනක් ඉදල නේ. මෙතන ප්‍රදානම වරද රියදුරාගේ . ඔහු දැනගත යුතුයි වාහනයේ තරමට මගීන් දාගන්න. අනවශ්‍ය බරක් වහනයට දරාගන්න බැහැ. ළමයි මොනාද ඒගැන දන්නේ. මේකේ සමහර කමෙන්ට් වලින්ම තේරෙනවා මිනිසුනට හරි දේවල් හරියට හිතන්න , දකින්න බැරිබව. එහම අය කොහොමද හරි දේවල් කරන්නේ.
ටිපර් කාරයෝ හිතෙන උපරිම වේගයෙන් යනවා. යන්න පුළුවන් වේගය පැයට කිලෝමීටෙර් 32. ඒ වුනාට යන්නේ 90 ට විතර. කිසිම නීතියක් නැහැ. බස් ඒවගේම තමයි. අධික වේගයෙන් තරඟෙට රේස් යනවා . කිසිම නීතියක් නැහැ.
මේවගේ අටපට්ටම් වෙන කුණුගොඩවල් ලංකාවට ගෙන්වන එක නවතන්නේ කවදාද ???
මේ ළමයින්ගේ දෙමව්පියෝ මේ ළමයින්ව පාසලට ගිහින් දාන්න බැරි තරම් බිසී අයද, බැලුවොත් වැඩිහිටියෙක් ගෙදර ඇති වෙන වැඩක් නැති ,සුළු මුදල් වාසියකට කගේ හරි ඇගේ වගකීම ගහල මාරුවෙන්න බලන දෙමව්පියෝ ටිකක්
ලෝකයම වාහන ගෙන්වද්දී ආරක්ෂාව ප්‍රමිතිය අනිවාර්යෙන් බලනවා....අපේ රටේ විතරක් අඩු මුදලට මහමග මිනීමරන ලෝක ප්‍රමිතීන්ට අහලකින්වත් නොයන ත්‍රිවිල් කටු තොග පිටින් ගෙන්නලා රටේ ඉහල ලොක්කෝ කීපදෙනෙක් කෝටිපතියෝ කරලා අනික් මිනිස්සු මරාගන්නවා
13 ක් ගියේ කොහොමද? ත්‍රීවීල් රියදුරා ළමයින්ව කරෙත් එක්කගෙන ගියාද? රියදුරාට ලයිසන් හම්බ වුණේ කොහොමද? මේ වගේ ඕනෑම එකක් ලියන්න පුළුවන්. නමුත් මේ තමයි ගම්වල සැබෑ තත්වේ. මේ හැප්පුනේ එකයි. ළමයි දහය දොළහ පටවන් යන ත්‍රීවීල් තව ඕන තරම් තියෙනවා. ළමයි වැඩිවෙන්න වැඩිවෙන්න එක ළමයෙක් ගෙවන ගාන අඩුයි. එ් නිසා දුප්පත් අම්මලා, තාත්තල අකමැත්තෙන් වුණත් ළමයින්ව මෙහෙම යවනවා. මේවා ගම්වල දැවෙන ප්‍රශ්න. ඔවුන්ට වෙන විකල්ප නැහැ. මේවට තමයි ආණ්ඩු ඕනෑ. නමුත් අපේ අගමැති සිහින දකිනවා ළමයින්ට ටැබ් දෙන්න. අධ්‍යාපන ඇමති සිහින දකිනවා නිල ඇඳුමේ පාට වෙනස් කරලා පෙළ පොත් වෙනුවට CD එකක් දෙන්න.
ඕක මොකක්ද හැමදාම මගේ වීල් එකේ ළමයි 15ක් ගෙනියනවා....
ඕකනේ කියන්නේ 13 අසුභයි කියල. ගමරාල
ඔයවගේ දේවල් ඉදිරියට තව ගොඩාක් සිද්ධවෙයි. අර අසරණ සරණාගතයින්ට කළ අසාධාරණයටත් දෙවියනුත් කෝප වේවි..