(චමිල් රුපසිංහ )
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි.
මේ සම්බන්දව තමන්ට ලිඛිතව දැනුම්දී තිබෙන බවද ඒ මහතා පවසයි
ලොව දිගම ඔසරි පොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පී.බී විජයරත්න මහතා වෙත චෝදනා එල්ල කළාය.
මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවැසුයේ ජනපති ලේකම් කාර්යාලය මගින් සිදුකර තිබෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දැනුවත් කර නොමැති බවත් පරීක්ෂණයේ ඉදිරි පියවර සම්බන්ධව දැන්ම ප්‍රකාශයක් කළ නොහැකි බවත්ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.