
ශ්රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක‍්‍රමයක යෙදී ඇතැයි ද, මෙවැනි අදුරදර්ශී යෝජනා හෙළාදකින අතර, වංචනික ක‍්‍රියාවල නිරත නොවන්නැයි රජයට තරයේ අවවාද කරන බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
තවද ‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය’’ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින වගන්තිය වෙනස් කර ශ්‍රී ලංකා ජනරජය වෙනුවට ශ්‍රී ලංකාව යන වචන ඇතුළත් කර තිබෙන බවද එමගින් බුද්ධාගමට රාජ්‍ය අනුග‍්‍රහය හිමිවීම ඉවත් කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ පිටපත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද යවා ඇත. බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සි නා හිමියන් ද තිරිකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ඉන්තෑපාන ධම්මාලංකාර සහ දොඩම්පහල චන්ද්‍රසිරි යන මහ නාහිමිවරුන් ද බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ද වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරටියේ නන්ද, මාතලේ ධම්මකුසල සහ කොටපොල අමරකිත්ති යන නාහිමිවරුන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන, සිරිවජිරාරාමයේ ඤාණසීහ යන හිමිවරුන් ද, ජගත් සුමතිපාල, සුරේන් අභයගුණසේකර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ප‍්‍රධෑත් අභයසුන්දර, ධර්මවිජය පදනමේ සභාපති එම්.ඞී.ඩබ්ලිව්. ආරියවංශ, තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති එස්.පී. වීරසේකර, ශාසන සේවක සමිතියේ උප සභාපති ආචාර්ය ජයන්ත වත්ත විදානෙ, සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනි ශාන්තා අබේසේකර, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.කේ.බී. දිසානායක, බෞද්ධ නීතිඥ සංගමයේ නියෝජිත ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රයේ සභාපතිනි ආචාර්ය හේමා ගුණතිලක, මහා බෝධි සංගමයේ උප සභාපති වසන්ත ද සිල්වා, ජයග‍්‍රහණය සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, දම්රිවි පදනමේ සභාපති මහාචාර්ය අසංග තිලකරත්න, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභික ජනාධිපති නීතිඥ වරුණ බස්නායක, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ කමිටු සම්බන්ධීකාරක පානි වෑවල යන මහත්ම මහත්මීන් ද අත්සන් තබා ඇති එම නිවේදනය මෙසේය.
1. බුදු දහමට හිමි ප්රමුඛස්ථානය අහිමි කිරීම.
ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අනුබද්ධ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් මස 21 වන දින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. මෙම වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී අගමැතිතුමා ප‍්‍රධාන රජය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය කිසිවිටකත් අහිමි නොකරන බවයි.
එහෙත් මෙම අතුරු වාර්තාවෙන් වර්තමාන 9 වන වගන්තිය වෙනුවට විකල්ප විධිවිධාන දෙකක් යෝජනා කර තිබේ. ඉදිරිපත් කර තිබෙන එකී විකල්ප විධිවිධාන මෙසේය. ශ්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙනෙ අතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’’ හෝ ‘‘ශ්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය.
එහෙයින් සියලූ ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලූම පුද්ගලයන්ට සහතික කරමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’’
ඉහත කී විකල්ප විධිවිධාන දෙකෙන් පළමුවැන්න වර්තමාන 9 වැනි වගන්තියට බොහෝ සෙයින් සමාන නමුත් වර්තමාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ ‘‘ශ්‍රී ලංකා ජනරජය’’ ‘‘ශ්‍රී ලංකාව’’ යනුවෙන් වෙනස් කර ඇත. මෙම සංශෝධනය කර ඇත්තේ යටි අරමුණ ඇතිව බව පැහැදිලිය. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම ශ්‍රී ලංකා ජනරජයේ වගකීමක් ලෙස වර්තමාන 9 වන වගන්තියේදැක්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම සඳහාය.
‘‘ජනරජය’’ යන වචනය මෙම විධිවිධානයෙන් ඉවත් කර ඇත්තේ එම රාජ්‍ය අනුග‍්‍රහය ඉවත්කර ගැනීමට බව පෙනේ. දෙවන විකල්ප විධිවිධානයෙන් යෝජනා කර ඇත්තේ අනෙකුත් ආගම් වෙනස් ලෙස නොසැලකිය යුතු බව සහතික වීමටය. අනෙක් ආගම්වලට වෙනස් ලෙස බුද්ධාගමට නොසලකා බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදිය නොහැකිය. මෙය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන 9 වැනි වගන්තිය අර්ථ ශූන්‍ය කිරීමට ගත් උත්සාහයක් බව පැහැදිලි ය. එහෙයින් වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට හා අනෙකුත් ආගම්වලට අදාළ වන වගන්ති කිසිදු අයුරකින් වෙනස් නොකරන ලෙස අපි දන්වා සිටිමු.
2. ශ්‍රී ලංකාවේ ඒකීය භාවය තහවුරු කරන ව්‍යවස්ථා විධිවිධාන වෙනස් කිරීම
මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ යෝජනා මගින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය විනාශ කිරීමට කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය. 1972 සිට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය තහවුරු කරන පැහැදිලි විධිවිධානයක් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි. 1978 දී දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී පවා කිසිදු වෙනස් කමක් නොකර එම විධිවිධානය එලෙසම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබිණි. මේ වනවිට පුරා අවුරුදු 45ක් ඒකීය රාජ්‍ය තහවුරු කරන මෙම විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතී.
පළමුවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද එම ව්‍යවස්ථාවල දෙවන වග න්තියේ ශ්‍රී ලංකාවේ ව්‍යුහය විස්තර කරනු ලැබූයේ ‘‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි’’ යනුවෙනි.
ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ එය විස්තර වන්නේ ‘Republic of sri lanka is a unitary state’ ලෙසය. මෙම නව යෝජනාවලියෙන් යෝජනා කර ඇත්තේ ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ ඇති ‘Unitary state’ යන පදය ඉන් ඉවත්කොට ‘‘ඒකීය රාජ්‍ය/ඔරුමිත්තනාඩු’’ යන සිංහල හා දෙමළ වචන ඉංග‍්‍රීසි පිටපතට ඇතුළත් කිරීමටය. ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති විධිවිධානයන් මෙසේය.
‘Sri lanka (cyelon) is a free, sovereign and independent Republic which ia an aekiya rajaya/oruminththa nadu, consisting of the institution of the centre and of the provinces which shall exercise power as laid down in the constitution.
In this Article aekiya rajya.orumiththa nadu means a state which is undivided and indivisible, and in which the power to amend the constitution, or to repeal and replace the constitution, shall remain with the parliment and the people of sri lanka as provided in this constitution.
වර්තමාන ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය හා යෝජිත වගන්ති මෙසේය.
වර්තමාන වගන්තිය: ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.
යෝජිත වගන්ති:
‘‘ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක‍්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක්/ඔරුමිත්ත නාඩු වනු ඇත.
‘‘මෙම ව්‍යවස්ථාවෙහි ඒකීය රාජ්‍යය/ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ නොබෙදු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ වන තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත.’’
වර්තමාන ව්‍යවස්ථාවේ දමිළ පිටපතේ ‘‘ඒකීය’’ යන අරුත දෙන ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යන පදය ‘‘ඒකීය’’ රාජ්‍යය විස්තර කිරීමට යොදා ගනු ලැබුණි. රජයේ නව ව්‍යවස්ථා යෝජනාවල එම ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යන පදය යොදා නොගෙන ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනය ඊට යොදා ඇත. ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනයේ අරුත ‘‘එක්සත්’’ (ෆෙඩරල්) යන්නයි. ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යනු ‘‘ඒකීය’’ යන්නයි. තවද මෙහි සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ අනෙකුත් පනත් මෙන් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ පිටපත් අභිබවා සිංහල පිටපත බලාත්මක වන බව ව්‍යවස්ථාවේ සඳහන් නොවීමයි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිංහල පිටපතේ ‘‘ඒකීය රාජ්‍යය’’ යන පදයට නව අර්ථ නිරූපණයක් ලබා දී ඇත.
එයට අනුව ඒකීය රාජ්‍යයක් යනු නොබෙදිය හැකි රාජ්‍යයක් ලෙස හඳුන්වා දී ඇත. ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයෙන්ම බෙදා වෙන් කළ හැකි රාජ්‍යයක් නොවේ. යම් රාජ්‍යයක් බෙදිය නොහැකි වූ පමණින් එය ඒකීය රාජ්‍යයක් වන්නේ නැත. ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය බෙදිය නොහැකිය. ඒකීය යන පදයට නව අරුතක් එක් කරමින් එහි අදහස බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස පැවසීම
හුදෙක් ‘‘unitary, යන ඉංග‍්‍රීසි පදයේ සම්ප‍්‍රදායික ඍජු අරුත හිතාමතාම අදාළ කර නොගැනීමට දරා ඇති ප‍්‍රයත්නයකි. ව්‍යවස්ථා නීතිය පිළිබඳ සිංහලයෙන් ලියැවී ඇති පතපොත ඉතා විරලය. මේ නිසා ‘‘ඒකීය රාජ්‍ය’’ යන පදයෙහි අරුත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ව්‍යවස්ථා නීතියේ ඉංග‍්‍රීසි පත පොත ආධාර කර ගැනීම අවශ්‍ය වේ. ‘‘‘unitary යන පදයෙහි අරුත ඉංග‍්‍රීසියෙන් ලියැවී ඇති ග‍්‍රන්ථවල මනා ලෙස විස්තර කර දී ඇත.
මෙහි අරුත අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තීරණය ලබා දෙමින් සිය තීන්දුවේ ඉංග‍්‍රීසි බසින් මැනවින් විස්තරකර ඇත. ‘unitary state යන වචනය ව්‍යවස්ථාවේ ඉංග‍්‍රිසි පිටපතෙන් ඉවත් කර ඇත්තේ ‘‘ඒකීය රාජ්‍යය’’ ‘unitary state යන පදයට ඇති අන්තර්ජාතික ලෙස පිළිගැනෙන නිශ්චිත අර්ථයෙන් බැහැරව නව අරුතක් ලබා දීම සඳහාය.
මෙම සංශෝධනවල සමස්ත ප‍්‍රතිඵලය වනුයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය වීමයි. මෙසේ ව්‍යවස්ථාවේ ඇති පද අරුත් වෙනස් කිරීම වංචනිකව කර ඇතිවා පමණක් නොව, සිංහල ජනයා නොමග යැවීමට උපයෝගි කර ඇති අධම උපක‍්‍රමයක් බව පෙනේ.
මෙවැනි අදුරදර්ශී යෝජනා සිංහල ජනතාවගේ බුද්ධියට කරන ලද නිගාවක් බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුයි. විවිධ විදේශීය බලවේගවල වුවමනාවන්ට අනුව යෝජිත ව්‍යවස්ථාවේ නිවැරැදි ස්වභාවයක මුවාවෙන් ව්‍යාජ ලෙස ජනතාව මුලා කිරීමට දරන උත්සාහය අපි හෙළා දැකිය යුතුය. මේ නිසා මෙවැනි වංචනික ක‍්‍රියාවල නිරත නොවන ලෙස අපි රජයට තරයේ අවවාද කරමු.
3. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම හා ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානි කර අනෙකුත් යෝජනා ඉදිරිපත් කර ඇති යෝජනා අතර උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට තනි පළාතක් සකස් කිරීමට කර ඇති යෝජනාව බෙඳුම්වාදීන්ගේ දෙමළ නිජභූමි සංකල්පය නීතිගත කිරීමට දරන වෑයමකි.
සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම, ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම සඳහා නීති පැනවීමට මධ්‍යම රජයට ඇති අයිතිය අහිමි කිරීම, ආණ්ඩුකාරවරයා පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීම, ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාව සතු කිරීම තහවුරු කිරීම, බෙදුම්වාදීන්ගේ වුවමනාව මත සිදුවී ඇති බව ඉඳුරා පැහැදිලිය. මෙම යෝජනා රටේ සුහද සමාජ වාතාවරණයටත්, දේශපාලන ස්ථාවරත්වයටත් අතිශයින්ම හානිකරය. ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ සිටින සෑම තැනැත්තකුම එක ධජයක් යටතේ එකමුතු කිරීමය.
ජාති, ආගම්, කුල භේද පදනම් කරගෙන ප‍්‍රජා සභා පිහිටුවීම ජාතියේ සංහිඳියාවට හිතකර නොවේ. මෙම යෝජනා රට බෙදා වෙන් කිරීමේ මානසිකත්වයක් ඇති බෙඳුම්වාදීන්ගේ ප‍්‍රයත්නයක් බව මොනවට පැහැදිලිය.
කේන්ද්‍ර පර්යන්ත අනු කමිටුවේ සභාපතිත්වය ෆෙඩරල් රාජ්‍යයක් සඳහා කැප වී සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකුට ලබාදීමත්, මෙහෙයුම් කමිටුව මෙන් ම අනෙකුත් කමිටුවල ද, සාමාජිකයන් පත් කිරීමේදී මෙන්ම එම අනු කමිටුවලට අනුබද්ධ විශේෂඥයන් පත් කිරීමේදී ද ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ජාතික මතවාදයක් ඇති විද්වතුන් පත් කර නොගැනීමෙන් පැහැදිලි වන්නේ මෙම සම්පූර්ණ ක‍්‍රියාදාමය බෙදුම්වාදීන්ගේ වුවමනාවන් සපුරා ගැනීම සඳහා අත්තනෝමතිකව සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් බවය.
පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවට ලබාදෙන සහ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට ප‍්‍රතිපාදන සලසන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනට ඇති ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳව අපගේ දැඩි අප‍්‍රසාදය මෙයින් ප‍්‍රකාශ කරන අතර, මෙවැනි විකෘති ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියක නොයෙදෙන ලෙස විවිධ අවස්ථාවල ත්‍රෛනිකායික මහා සංඝරත්නය දී ඇති උපදෙස් මුල සිටම නොසලකා හැර ඇති බව අවධානයෙන් පෙන්වා දෙමු.
එහෙයින් ළඟ නොබලා දුරදර්ශීව බෙදුම්වාදයට නිසැකවම දොර ඇරෙන නවව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළකී, රටේ බහුතර ජනතාව ද නිසි ලෙස නියෝජනය වන යාන්ත‍්‍රණයක් හරහා රටේ උන්නතියට අවශ්‍ය කරන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පමණක් ඇප කැප වන ලෙස රජයෙන් ද සියලූ පක්ෂ නායකයන්ගෙන් ද අපි යළිදු උදක්ම ඉල්ලා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර හොරුන්ට දඩ ගෙවන්න සල්ලි පිණ්ඩපාතේ වඩින එක බුද්ධ ධර්මයට නියම තැන හදලා දුන්නා නේද? අන්න ඒ වෙලාවේ ඔය කටවල් ටික තිබුණේ කොහේද?
ධර්මය රකින්න ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ...... ධර්මානුකූලව ජීවත්වීමෙන් විතරයි ධර්මය රකින්නේ. නමට බෞද්ධයෝ වෙලා වැඩක් නැහැ. විවේචනය කරන්න ඕනේ දේවල් ඕන තරම් මේ රටේ සිද්ධ වෙද්දී ව්‍යවස්ථාව විවේචනය කරන එක විහිළුවක්.
මෙහි නම සඳහන්වී ඇති ස්වාමීන් වහන්සේලා කිසිවෙක් අගමැතිගේ දානයට වැඩියේ නැද්ද ?
ඔබ වහන්සේලා මේ පිළිබදව නැගීසිටීම ලක්මවගේ දුදරුවන් වන අප අගයකරන්නෙමු. දේශපලාඥයා යනු " බලය රැකගැනීම වෙනුවෙන් " තමන්ව මේ ලෝකෙට බිහිකළ තම ආදරණිය මෑණියන්ව වුවත් පාවාදීමට සැමවිටම සැදී පැහැදී ඇති " අම්බරුවන් " බව ඉතාමත්ම පැහැදිලිය. තවද "නොබෙල් තෑග්ග නැමැති " අසුචි මුට්ටිය ලබාදීමට " අපගේ මුල් පුරවැසියාගේ නම යෝජනා වනබව මාධ්‍යවල පලවන්නෙත් මෙහි අතුරු ප්‍රතිඵලයක් විය හැක. තම මවුබිම පාවාදී ලබාගන්නා මොන ඔටුනත් අසුචිවලින් පරිපුර්ණ බව මුන්දලට අමතකවී ඇත.
මේකට නේද පහුගියද අරලිය ගහ මන්දිරේට ගෙන්නලා දානයක් දුන්නේ.මුන්ට මොකක්ද මේ සිංහල බෞද්ධයත් එක්ක තියෙන මේ තරම් තරහ..
අපිට අලුත් ව්‍යවස්ථාදායකයක් ඕනෑ... නැහැ.මේ රජයට අවශ්‍ය බලය රැක ගන්න පමණයි. ඒ සඳහා ඔවුන් ඕනෑම දෙයක් කරයි...අපි හැමෝම මේක පරාජය කරන්න එකතුවෙමු...
තවම රටේ පාලන බලය තියෙන්නේ සිංහල දේශපාලකයන්ට. තමන් විසින් කුඩාකල හෝ ඉගෙනගත්ත බුදු දහමට රටේ ව්‍යවස්තානුකූල බලය ලබාදීමට මැලි වන්නේ කවර හේතුවක් නිසාද යන්න සිංහල අප විසින් සොයාබැලිය යුතුයි. යම් හෙයකින් බහුතර සිංහල වෙලා දේශපාලකයන් ගෙන් මෙවැනි දේ සිදු නොවිය යුතු දේවල් සිදුවන්නේ නම් අප සුළුතර වූ විට සරණාගතයන් තත්වයට පත්වෙනු නොඅනුමානයි.
ගරුතර හාමුදුරුවනේ රටේ ඒකීයභාවය ගැන මෙතරම් කටක් අරින්න වෙහෙසෙන ඔබ වහන්සේලාට අඩු තරමේ සංඝ සමාජය එක්සත් කරන්නත් බැරි හැටි.....තියෙන වැඩ රාජකාරී කන්දරාව නිසා නේද?..අනේ හාමුදුරුවනේ අපේ ජනතාව මුලා නොකර පළමුව සංඝ සමාජය එකමුතු කරන්න....ඉන් පසුව එකම ධර්ම රාජ්‍යක් බිහි වේවි...
ගරුතර හාමුදුරුවනේ, රටේ ඒකීය භාවය ගැන කතාකරන්න වෙහෙසෙන ඔබවහන්සේලා අඩුම තරමේ සංඝ සමාජය එක්සත් කරන්නවත් වෙලාවක් නැතිහැටි, තියෙන වැඩරාජකාරි කන්දරාව නිසා නේද? අනේ හාමුදුරුවනේ පළමුව සංඝ සමාජය එකම මතයකට, එකම ධර්මයකට ගන්න බලන්න.
ජනපති මැදුරේ දානේ දුන්නේ මේකට තමයි.
මමත් හොඳ බෞද්ධයෙක්, බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී ඉතා සංවර නිහතමානී ධර්මයක්, බුද්ධාගමට ව්‍යවස්ථාවකින් ස්ථානයක් නම් කළ යුතු නැහැ. එය අනිවාර්යෙන්ම රටේ සියලුම බෞද්ධයෝ හිස් මුදුනින් ප්‍රමුකත්වයක් සේ සලකනවා. නමුත් දැන් දැන් අපගේ ස්වාමින්වහෙන්සේලා හැසිරෙන දරදඬු විලාසය එතරම් යහපත් නොවේ. අවශ්‍ය, අනවශ්‍ය හැමදෙයටම දේශපාලන ගැත්තන් සේ ඉදිරිපත්වීම නිසා බුද්ධාගම දැන් හෑල්ලුවට ලක්වෙමින් පවතිනවා.
රට ගැන නොහිතන නිවට පාලකයින්ට ඇත්තේ බලය සහ බඩ වඩා ගැනීමය. රටට සහ ජනතාවට හෙන ගැහුවත් කම් නැත. නමුත් මේ රටේ වැඩ වසන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අතීතයේ පටන් මේ රට, දැය, සමය වෙනුවෙන් ක්‍රියා කරන බව රටට ආදරය කරන සෑම කෙනෙක්ම හොඳින් දන්නා කරුණකි. එනිසා අපගේ නමස්කාරය මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුදමු.
අර සරණාගතයින්ට හිරිහැර කරපු ස්වාමින් වහන්සේලා ගැනත් යම්කිසි අදහසක් පලකරනවද? මොකද අවිහිංසාවාදී බෞද්ධයින්ගේ තරම මුළු ලෝකයම දැක්ක .
ජයම්පති, කියන බෞද්ධයා වෙතටයි. බුද්දාගම හිස් මුදුනින් පිළිගන්නවා නම් ඒක දැනට තියෙන ව්‍යවස්ථාවෙන් අයින් කරන්නේ බම්බුවටද? ඔහෙටත් ඩොලර් කුටියක් ලැබිලා වගේ. ඔහේ බෞද්ධයෙක් ද කියන එක අපිට හොඳට පැහැදිලියි. මොනවා කිව්වත් අපේ හාමුදුරුවරු ඔය වැඩේට ඉඩ තියන්නේ නැහැ. අහුවෙන්නෙත් නැහැ.
රජය කල යුත්තේ මහජනතාවට නිදහසේ ආගම ඇදහීමේ අයිතිය තහවුරු කර දීම පමණයි. අද වෙලා තියෙන්නේ හාමුදුරුවරු රට පාලනය කරන තත්වයට පත්වීමක්...
කුම්බලා මාළු ගන්නටත් පෙර අපි මතක් කළා.....
'සෙකියුලර් ස්ටේට් ' වචනය නොයොදා සූක්ෂම ලෙස අන්‍යාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රමුඛතම අරමුණයි. ගබ්සාවත් නීතිගත කෙරුමේ යෝජනාත් එන්නේ මේ පසුපසයි. කාදිනල් රන්ජිත් අගරදගුරු තුමත් මෙය හොදින් වටහාගෙන තිබෙන බව පෙනී යනවා. මේ කෙටුම්පත් කමිටුව දෙස බැලූ පමණින් පෙනෙන මුලිකම කරුණ තමා, එය 'ෆෙඩරල්' මතවාදය දෙසට ධ්‍රැවීකරණය කර ඇති බව. මෙයට මුල්වූ චන්ද්‍රිකා, රනිල්, මංගල ත්‍රිත්වයෙන් මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ කෙසේද? එදා චන්ද්‍රිකාගේ 'පැකේජයට' විරුද්ධව, මොරටුව සරසවියේ 'ඒකීය ලංකා ශිෂ්‍ය සංවිධානය' සංවිධානය කල සම්මන්ත්‍රණ වල ප්‍රධාන දේශකයකු වූ පා. ච. රණවක, ඇමති මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් කවර අදහසක් දරා ඇතිද? එය විරෝධතාවක් නම්, එහි තීරණාත්මක භාවයේ තීව්‍රතාව මේ තත්වය පාලනය කිරීමට තරම් අසමත් වීද? එය එසේ වී ඇති බව ඉතා පැහැදිලිය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සංඝයාවහන්සේ භේද කිරීමේ ව්‍යාපාරයක්ද අරඹා ඇත්තේ හැකි උපරිම අයුරින් ෆෙඩරල් අරමුණ කරා ළඟා වීමේ අටියෙනි. මහා සඟ රුවන එය තේරුම් ගෙන තව දුරටත් මෙසේම කටයුතු කරත් නම් එය මේ රටේ නූපන් පරම්පරාවල පරම භාග්‍යයයි.
එතකොට උන්වහන්සේලා හිතාගෙන ඉන්නේ බුද්ධාගම එක රටක, ජාතියකට අයිති දේශපාලන පක්ෂයක් කියලද?
ලංකාවේ දෙමල ජනයාගෙන් 40% ඉන්නේ අපිත් එක්ක... දකුණේ එයාලා අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. උතුරේත් සාමාන්‍ය ජනතාවටත් එහෙමයි. ප්‍රස්නේ තියෙන්නේ දකුණේ දේශපාලකයන්ට උතුරු නැගෙනහිර ඉන්න දෙමල දේශපාලකයන්ට විතරයි. එ්කයි සත්‍යය. දේශපාලකයන්ගේ පැවැත්ම සඳහා ප්‍රශ්න ඇති කරනවා. ප්‍රශ්න තියනවා නම් 40% දකුණේ ඉන්නේ කොහොමද?
ව්‍යවස්ථා සංශෝධනයෙන් බුද්ධාගම ට නිසි තැන දෙන්න යනවා කියන කතාව පිටුපස ඇත්තේ වෙනත් දෙයක්.... ආධ්‍යාත්මික ශක්තියකින් හෙබි බුදු දහම රකින්න ලෞකිකයෙහි අන්තයටම ගැලුණු පාර්ලිමේන්තුකාරයින්ට කරන්න පුළුවන් දේකුත් නොවෙයි. අයිතියක් ඇති දෙයකුත් නොවෙයි. මෙය කලයුත්තේ සිල්වත් භික්ෂුන් සහ යහපත් පැවතුමක් ඇති ගිහියන් අතර වර්ධනය විය යුතු කතිකාවක් හා හැසිරීම් රටාවක් පදනම් කර ගෙනයි. අවාසනාවකට වගේ ශ්‍රී ලංකාවේ නිකාය භේදයට අමතරව පක්ෂ භේදයද භික්ෂුන් අතර උග්‍ර වී තිබෙනවා.
මේ රටේ සිංහලකම රැකගත් බුදු දහම,බොදු අයිතිය විනාශ කිරීමට එදා සිටම ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵල. මහා නායක හිමිවරුන්ට පිරිත් නූල් සහ පිරිත් කීම නවතා මහපාරට වැඩම කිරීමට කාලය පැමිණ තියෙනවා. මගේ එකම පැතුම සිංහලයට වින කරන හැම එකෙකුගෙන්ම පලි ගැනීමට... හැකි ආත්මයක් මේ නාකි මගේ මරණින් පසු ලැබේවා යන්න පමණි....
ස්වාමීන් වහන්සේලා අපේක්ෂා කරන්නේ කෙසේද? ඒ ආකාරයට ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවට ඇතුළත් කරන්න. ප්‍රශ්නය අවසන්, ඒ වාගේම සාමනේර ස්වාමීන් වහසේලගේ ප්‍රශ්නය ගැනද සැලකිල්ලක් දක්වන්න.