(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.
රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.
බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඞ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම් මතය මේ බැඳුම්කර වංචාව සියලු පාර්ශ්ව එකතුවී මාස්ටර් ප්ලෑන් එකක් අනුව සිදු කර ඇති බවයි. සියල්ලන්ගේම දේපල රාජ සන්තක කල යුතුය.
රට මොනතරම් මුලාවක තියලා මේ යහපාලනය කියා ගන්නා ආණ්ඩුවේම මැක්කෝ ටික පොදු ජනතාවගේ මුදල් කොයි තරම්නම් උරා බොන්න ඇතිද? වැරදි කාරයෝ පෙනී පෙනී ඉඳලත් අල්ලන්නේ නැහැ. මෙහෙම රටක වසලා මොකටද කියලයි හිතෙන්නෙම....
කොහොමද රවී හෝරාව බැඳුම්කරෙන් දැනේ නේද? මේ කෙනා කලින් ආණ්ඩුව ගසා කෑ ඒවා අල්ලන්න ඇවිල්ල මේ වැඩත් හොරකලා. වහාම මෙයට නඩු දාලා දඬුවම් කරන්න. අයියෝ බලාගෙන යනකොට හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නේ මේවට තමයි. කලිසමක් ඇඳගෙන ඉන්න පුළුවන්ද මේ කරලා තියන හෙන ගහන ජාතික අපරදෙට... ලැජ්ජයි දැන් ඉතින්...
ආසියාවේ ශ්‍රේෂ්ඨතම මුදල් ඇමති අපේ රටේ බැංකු වලට කෙළවු හැටි මෙයින් හෙළිවේ !
හෝ හෝ හෝ ! ඔය එළි වෙන්නේ ඔක්කොම බලවත්තු එකතු වෙලා නටපු තොවිල් ටික. අපුරු යහ පාලන නායකයෝ! අන්තිමේදී බලනකොට් මේ ගොල්ලොත් රට හූරා කාපු එක තමයි කරලා තියෙන්නේ.
මේකෙන් කිසිම කෙනෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න.. මේවා එසේ මෙසේ සැලසුම් නෙමෙයි හාමු මහත්තයත් එකතු වෙලා කරපු දේවල් ..
රවී මහත්තයා හැමදාම කිව්වේ මම යහපාලනය වෙනුවෙන් එදා සිටම පෙනී සිටිය කෙනෙක් කියලා. මට හිතෙන්නේ මේ බැංකු ලොක්කෝ බොරු කියනවා.
පළමු බැඳුම්කර වංචාව වුණේ 2015 පෙබරවාරි 27දී... එතකොට එජාපෙට තිබුණේ ජනාධිපති පත්කළ ආණ්ඩුව අර දවස් 100 ආණ්ඩුව... ඒක ආණ්ඩු බලයක් අරගෙන මාස 1 1/2යි. මහදවාලේ මේ අපරාධය කළේ.... මොහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකිරීම සඳහා ජාතික උද්ඝෝෂණ පැවැත්විය යුතුය.
"ඉගුරු දී මිරිස් ගත්ත" ලංකාවේ අම්බාරුවෝ....
කාගේ කාගේත් හෙළුව ප්‍රදර්ශනය වෙමින් තිබේ.එත් කවදද ඔවුන්ට දඩුවම් දෙන්නේ?මේ ටික කාලෙට මෙච්චර විපත් ලග කල යමපලනය ඉදිරි ටික කාලේදී මුළු රටම විකුණගෙන කන බව නම් සිකුරුයි.
මිට වඩා සාක්ෂි මොකටද ? අපරාධ නීතිය යටතේ වහාම අත්අඩංගුවට ගන්න බැරිද?
රවි ඇතුළු සියලුදෙනාට විරුද්දව අධි චෝදනා ඉදිරිපත් කිරීම. මුදල් නැවත ලබාගැනීමට කට යුතු කලයුතුය . සියල්ලන්ගේම දේපල රාජ සන්තක කල යුතුය. කඩිනම් කරන්න. මෙවැනි හොරකම් නොකිරීමට ඉදිරියට ආදර්ශයක් දිය යුතුය .
දැනට අවරුදු 3 කට ඉස්සෙල්ල ව්‍යාපාරික සහ නිවාස ණය සඳහා පොලි අනුපාතය තිබුනේ 9 % වැනි ප්‍රමාණයක....දැනට පොලි අනුපාතය 16-17 % වැනි ප්‍රමාණයකට ඉහළ ගිහින් තිබෙන්නේ මේ හොරකම නිසා , රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වීමට මේක බලපෑවා.....කරුණාකර මේ හොරු ටික අත්අඩංගුවට අරන් නඩු පවරන්න.....
වෙන්දේසියේ අඩු මිලට ඉල්ලන්න කියලා ඕනෑම ලොක්කෙක් තමන්ගේ ගෝලයින්ට කියන බව මේ අයට තේරෙන්නේ නැද්ද?. වැඩි මිලට ඉල්ලන්න කිව්වනම් තව මොනවා කියයිද.
අප්පුහාමිට මෙයාට මහත්තයා කියල කියන්නම ඕනනම් මුලට 'හොර' කියල දාන්න
සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට වාහන ලීසිං වලට ණය වලට අසාධාරණ ගිණි පොළියක් ගෙවන්න වෙලා තියෙන්නෙ රවියගෙ මේ ජාවාරම නිසා. මුන්ට හෙණ ගහල මදි.කවදහරි පනුවො ගහල මැරෙන්නෙ.පොල් ගහන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ සාපෙ ඇති.
සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට වාහන ලීසිං වලට ණය වලට අසාධාරණ ගිණි පොළියක් ගෙවන්න වෙලා තියෙන්නෙ රවියගේ මේ ජාවාරම නිසා. මුන්ට හෙණ ගහල මදි.කවදහරි පනුවො ගහල මැරෙන්නෙ.පොල් ගහන්න දෙයක් නෑ.මිනිස්සුන්ගෙ සාපෙ ඇති.
මේ දේශ ද්‍රෝහිි මහා වංචාව හෙළිවී හමාරයි... දැන් මොහු අත්අඩංගුවට ගන්න ඇයි පරක්කු....පස්සේ මිනිස්සු මුගේ ගෙට ගල් ගැහුවම උන්ව අල්ලන්න නම් තදියම තියේවි.....මේ නීච හොරා අතඩංගුවටගැනීම උගේ පරිස්සමටම හොඳය....
යහපාලන ඇමතිවරු මෙවැනි විශාල වංචාවන්ට සම්බන්ධ බව දැන් ඉතා පැහැදිලියි , නමුත් පුදුමේ කියන්නේ ඒකාබද්ද සහ රාජපක්ෂලා සුදනන් සේ මේවා ගැන කෑගහන එකයි. ඔවුන් මීටත් වැඩ සිය ගුණයකින් රට කාපු බව අමතක වෙලා . දෙගොල්ලොම ඩීල් දාගෙන රට කනවා .
නීතියට අනුව මේ සභාපතිවරු 3 දෙනා කරලා තියෙන්නේ ඇති විශාල වරදක් .. වංචාවකට සහය දීමට මුදල් ඇමතිගේ කීමට අනුව රාජ්‍ය ආයතන 3 කට ලබාගත හැකි ලාබය වෙනත් පුද්ගලික ආයතනයකට යන්නට සැලැස්වීම .. අනිවාර්යෙන්ම අලෝසියස්ගෙන් මේ සභාපතිවරු 3 දෙනාටත් ලොකු ගානක් අනිවාර්යෙන්ම ලැබිල තියෙන්න ඕන .. ඒක ස්ථිරයි .. මේ 3 දෙනා කරලා තියෙන්නේ බරපතල වංචාවක් ... දැමිය හැකි ලන්සුව නොදමා මුදල් ඇමතිගේ කීමට අඩු ලන්සුවක් දමා රජයේ ආයතන 3 කට ලබාගත හැකි ලාබයක් වෙනත් පුද්ගලික ආයතනයකට යන්නට සැලසීම .. මෝඩ කමට මුදල් ඇමතිව පාවාදෙන්න කිවුවට වරද මුදල් ඇමති පමණක් අතේ නෙමෙයි .. වංචාවට මුදල් ඇමති සහ මේ 3 දෙනාත් හවුල් වෙලා බව මේ කතාවෙන්ම ඔප්පු වෙලා ඉවරයි ..
ඇයි මොවුන්ව වහාම හිර භාරයට ගන්නෙ නැත්තේ ?
පාදඩ දේශපාලකයන් කියන දේ කළොත් තමන් නසී නොකලොත් අඹුදරුවන් නසී. මේ සභාපතිවරු තිදෙනා කර තිබෙන්නේ කාලෝචිත වැඩක්. එම ඇමැති කියන දේ කරන්න බැහැ කියා බැංකු සභාපතිවරු අස් වුණොත් මේ ඇමතිගේ උපදෙස් භයානක කම බැංකුවලට වුණු පාඩුව රට දැන ගන්නේ නැත. එසේම ඇමති කරන්න පුළුවන් සභාපතිවරු දමා ඔහුගේ වැඩේ කර ගන්නයි. දැන් ජනතාවට තිබෙන්නේ ඉලක්කය බලා ගල් ගැසීමය.