(විනීතා එම් ගමගේ)
මහනුවර ගන්නෝරුව ප‍්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ යැයි කියන සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණය තව දුරටත් පුළුල් කළ බව එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානී සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළ බව ද ඇය කීවාය.
මූලිකවම මෙම ක‍්‍රීයාදාමය හරහා මෙරට අපරාධ නීතිය කඩවීමකට ලක්වී ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂ අවධානය යොමු කර ඇති බවද කී ඇය අදාළ අවස්ථාව සඳහා සහභාගී වූ මුළු සිසුන් ගණන හා ඔවුන්ගේ තොරතුරු,අදාළ අවස්ථාව සඳහා පන්ති භාර ගුරුවරු සහභාගී වී තිබේද? එසේනම් ඔවුන්ගේ තොරතුරු මෙන්ම පන්ති භාර ගුරුවරුන් සඳහා අදාළ අවස්ථාවට දරුවන් සහභාගී කරවන ලෙස නියෝග කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න දැක්වෙන පැහැදිලි ප‍්‍රකාශ සටහන් ආදිය ද එහි දී විමර්ශනයට ලක්වෙනු ඇතැයි කීවාය.
ඊට සහභාගී වූ දරුවන්ගේ දෙමව්පියන්ට අදාළ තොරතුරු හා අදාළ උත්සවය පැවති කාලය, පටන්ගත් වේලාව, අවසන් වූ වේලාව සහ දරුවන් නැවත පාසල වෙත එවන ලද වේලාව ද අදාළ අවස්ථාවේ දරුවන්ට ආහාරපාන ලබාදුන්නේද? දුන්නේ නම් ඒ මොනවාද යන්නත් මෙහි දී සොයා බලන බව ද සභාපතිනිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමටත් අදාළ උත්සවය සම්බන්ධව පාසල් දරුවන් සහභාගී කරවීමට නියෝග කළේද යන්නට අදාළ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ද කටයුතු කරන බව පැවැසූ සභාපතිනිය මෙම අවස්ථාවේදී යම් අසනීප තත්වයට ගොදුරු වූ ළමුන් සිටීද? එසේ නම් ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටත් ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමත් කටයුතු කරනු ඇතැයි කීවාය.
එමෙන්ම මෙම අවස්ථාවේ ළමයින්ගේ තාවකාලික භාරකාරත්වය දරණ ලද්දේ කවුරුන් විසින්ද? මෙම උත්සව අවස්ථාව සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුනේද? ළමයින්ට කොපමණ දුරක් පයින් ඇවිද යාමට සිදු වුණිද? මෙම අවස්ථාව සඳහා ගිලන් රථ යොදාගෙන තිබුණේද? යන කරුණුද විමර්ශනයට ලක්වනු ඇතැයි ඇය පැවැසුවාය.
මේ සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද ඇය තවදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් එහෙම පරීක්ෂණයක් කරන එක හොඳයි. ළමා රක්ෂක අධිකාරිය හරි දේ කරයි කියල අපි හිතනවා.
පරීක්ෂණ පවත්වලා දඬුවම් දීම හෝ චෝදනා ගොනු කිරීම කල යුත්තේ මේකට සම්බන්ධ ඉහලම නිලධාරීන්ටයි. එහෙම නැතිව ගුරුවරු හෝ විදුහල්පති වැනි අයට දඬුවම් කරලා වැඩක් නැහැ. ඔවුන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝග ඉටු කිරීම පමණයි .
එතකොට අර ඒ කාලේ දේශපාලකයන්ගේ රැස්වීම්වල, පිලි ගැනීම් උත්සවවල ළමයි අව්වේ මැරිච්ච මැරිල්ල
මේ වගේ මෝඩ ගොන් අතල් දෙන මගුල් ජෝඩු වලට හොඳ පාඩමක් මේක. කිසිම නිර්මාණාත්මක බාවයක් නැති මේ වගේ වාර්තා නිකන් මෝඩ විහිළු.
එතකොට රෙද්ද අල්ලාගෙන හිටපු මහා ඇමතියගෙන් ප්‍රකාශ සටහන් කරගන්නේ නැත්ද? ආ එයාව ආණ්ඩුකාරවරිය නිදොස් කොට නිදහස් කරානේ. අනේ අම්මපා ඇත්තට මෙහෙමත් රටක්.
මහා ලොකු අපරාදයක් ලෙස මේ දිනවල සෑම මාධ්‍යකම මේ ගැන පල වෙනවා. ඇත්තටම මෙය බරපතල වරදක්ද? මේ අයට ඇස් ඇරෙන්නේ නැද්ද කොපමන දේශපාලන හා වෙනත් පාසල් කටයුතු වලට දරුවන් අව්වේ වේලි වේලී, වැස්සට තෙමී තෙමී අවස්ථාවන්වල.
එම අදාල දරුවන්ට හෝ දෙමව්පියන්ට වඩා වෙනත් අයටයි කැක්කුම තිබෙන්නේ. දරුවන් ඇති දෙමව්පියන් අවංකවම සිතා බලන්න නැතිනම් දරුවන්ගෙන් අසා බලන්න දවසට පීරියඩ් කීයද උගන්වන්නේ කියා. බොහෝවිට පාසල් ගියාට සියලුම පීරියඩ් වල උගන්වන්නේ නැති බව ඔබ දන්නවා නේද? ඇයි ඒ පිලිබදව කතා නොකරන්නේ. ඇයි මෙපමණ ටියුෂන් යවන්නේ අමාරුවෙන් ගෙව ගෙවා පලවන වසරේ සිට. ඒ අයිතිවාසිකම් ගැන කාටවත් කතා කරන්න බැරිවීම කණගාටුවට කරුණක්. නව යුගදිවියට පත්වී ලෝකයා ඉදිරියේ සුන්දර ලෙස තබන්නට ගත් උත්සාහය බොහෝ අය එක්වී ජීවිතයේ අමතක නොවන අමිහිරි සිදුවීමකට උදාකර දෙනවා සිත්පිත් නැතිලෙස
අනේ අනේ මොන පරික්ෂණද කරන්නේ, වැරදිකරුවො ගොඩයි සියල්ලට දඩුවම් දෙනු
මේ වගේ මෝඩ දේවල් වලට තමා අද ලංකාවේ සම්මාන දෙන්නේ, අද ඉතින් ඉන්න තරමක් ඉන්නේ මානසික පිස්සෝනේ, අනික මේ පාසල් දරුවෝ අරගෙන තියෙන්නේ වහල්ලු වගේනේ නොමිලේ, මේකට කුලියට මිනිස්සු ගත්තනම් කීයක් ගෙවන්න ඕනෙද ?? විදුහල්පති සම්පුර්ණ වැරදි වැඩකට අවසර දීල තියෙන්නේ, දෙමාපියෝ නිදාගෙනද ඉඳල තියෙන්නේ ?? හිතන්න ඇති ඩ්‍රීම් ස්ටාර් කරන්න අරන් යනවා කියල.
මෙයත් හුදෙක්ම එක් දවසේ පුවතක් පමණයි. ලබන සතියේ වෙනකොට මේ කිසිම දෙයක් ගැන කාටවත් මතක නැහැ. මේ සම්බන්ධව සිදු වෙන පරික්ෂණත් ඒ වගේමයි.
ඕන ඔට්ටුවක් අන්තිමට මේ සිද්ධියට වැරදිකාරයා වෙන්නේ සාරිය මෙච්චර දිගට වියපු මනුස්සයා!
සමන් , පාසල් උත්සව වල ළමයි අව්වේ වේලෙන එකෙයි පුද්ගලික උත්සව වල අපයෝජනය වෙන එකයි වෙනස්. මේක සුන්දර යුගදිවියක ආරම්භයක් කියලා ඔබතුමා කියන කොටත් අපිට හිනා යනවා. ප්‍රසිද්ධ වෙන්න උත්සහ කරන එකේ කිසිම වරදක් නැහැ එත් ඔය සාරි පොට අල්ලන වැඩේට හතර වරිගයේම නෑදෑයන් ටික යොදවාගෙන , පාරවල් අවහිර නොකර ප්‍රසිද්ධ ක්‍රීඩාංගනයක් බදු අරගෙන ලෝක වාර්තාව තියා ගන්න තිබුනා .