ශ්රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගොස් යළි එන අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ.
වෛද්‍ය සභාව අසල උද්ඝෝෂණය කරමින් හූ කියමින් සිසුන් විරෝධය පළ කරද්දී කොල්වින් ගුණරත්න මහතා පිටව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හූ කිව්වට ඔයාලට හම්බවෙයි ඉස්සරහට...
මේ පුද්ගලයාට ලැජ්ජත් නැහැ. රාජිතට ලැජ්ජත් නැහැ. ආණ්ඩුවට ලැජ්ජත් නැහැ. රට නම් ඉවරයි.
වෛද්‍යවරු රට පාලනේ කරන්න ගිහින් දේශපාලකයෝ බෙහෙත් දෙන්න ගියාම මෙහෙම රෝග ලක්ෂණ වෛද්‍ය සිසුන්ට පහළ වෙනවා.
මේක තමයි මේ අයගේ චර්යාව.. මේ වගේ අයද අනාගතේ රට බාරගන්න ඉන්නේ? එක එක්කෙනාගේ වුවමනාවට කඩේ යන අය වැදගත් නිලධාරියෙකුට ගරු කරන්නවත් දන්නේ නෑ. මේවගේ අයද මහජනතාව මුදල් වියදම් කරලා හදන්නේ සයිටම් එක නීතියානුකුල කරන්නම තියෙන්නේ මේ අයට නටා ගන්න කියලා ලංකාවේ දොස්තරලට බැරිනම් ගෙදර යන්න කියලා පිටරටකින් දොස්තරලා ගෙන්වල පුද්ගලික රෝහල් වල සේවයත් තහනම් කරන්නයි තියෙන්නේ....
මම හිතනවා කාලෝ ෆොන්සේකා එතන ඉන්නෙ නැතුව ඇති කියලා. හූ කියන අය පෙන්නලා තියෙන්නේ ඒ ගොල්ලන් කවුද කියන එක. බල්ලෝ බිරුවට කඳු මිටි වෙන්නේ නැහැලු. සුභ පැතුම්!
උඩ බලන් කෙල ගසා ගැනීම ...කොල්වින්ට හූ කියන්න ඔයාලා කව්ද? මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් ගන්න.
තමුන්ගේ රෑනට අයත් තවත් නරියෙක් කියල හිතුවාද දන්නේ නැහැ?
එතකොට එස්.එල්.එම්.සී. සභාපති සයිටම් විරෝධියෙක් වෙන්නම ඕනෑද?
ශිෂ්‍යයින් ප්‍රමිතිය පෙන්වා ඒ ගැන කතාකළ යුතුයි. ඒ ගැන වාද නොකළ යුතයි.
ජීඑම්ඕඒ එකෙයි, කාලෝ මහදුරු තුමාගෙයි උසිගැන්වීමක් වෙන්න ඇති. බලනකොට දැන් පල්ලෙහාටම වැටිලනේ...
මේගොල්ලන් දේශන වලට යන්නෙත් නැති එකේ වැඩක් තියෙන්නෙත් එපායැ.
බුද්ධිමතුන්ගේ හැසිරීම ඕකනම් නුගතයාගේ හැසිරීම මොකක් වුනත් මොකද.
මේ අයගේ නියම ස්වරුපය එලියට එනවා. මේ අය දොස්තරවරු නෙමේ කොන්දොස්තර කමටවත් සුදුසු නැහැ. අනාගතයේදී මේ අයගෙන් බෙහෙත් ගන්න ඉන්න අයට දෙවියන්ගේ පිහිට තමා. පොතේ තියන දේ ඉගෙන ගත්තට මිහිහෙක් වෙන්නේ නැහැ.
ඉතින් මහත්තයෝ නරි හූ කියනවා හැර වෙන මොනවා කරන්නද?
දැන් කාලේ බස්වල සින්දු සමග නැටුනුත් පෙන්නනවනේ. එම සින්දු බොහෝවිට සංගීත සංදර්ශන වලදී සකස්කළ ඒවා එම ස්ථානවල සින්දුවක් පටන්ගන්න අවස්ථාවල අසන්නට ලැබෙන්නේ හොඳ හූවක් කියන්න කියලනේ මේකත් එහෙම එකක්ද
තමන් වෛද්‍ය ශිෂ්‍යයින් පමණක් නොව මෝඩයන්ද බව පෙන්වමින්, තමන් කන් දෙන්නේ රෝගීන් ගසා කන වෛද්‍ය මාෆියාවට සහ බංකොලොත් දේශපාලුවන්ට පමණක් බවද පෙන්වමින් තමන්ගේ සැබෑ ස්වරුපය හෙලිකල පිරිසට මගේ පිළිකුල පල කරමි. මගේ බදු මුදලින් මොවුන්ටත් කොටසක් වෙන්වීම ගැන කනගාටුවෙමි.
තව වසර 4න් සයිටම් හොර උපාධි කඩෙන් පිටවන දොස්තරලාගෙන් බෙහෙත් ගන්න යන උදවියට... මිනීපෙට්ටියක් නොමිලේම හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
කොයි දේටත් සීමාවක් තියෙන්න ඕනෑ. විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම වතාවට උපාධිය ලබා පිටවන ඉහලම මට්ටම යයි සිතන, කියාගන්නා වෛද්‍යවරු හා වෛද්‍ය ශිෂ්‍ය පිරිස පත්ව ඇති ඉතාමත්ම රස්තියාදුකාර, මදාවි, පහත්ම, අනුන්ට කඩේ යන තත්ත්වය මැනවින් ඔප්පුකර ඇත. වෛද්‍ය සිසුන් කාගේවත් අතකොළුවක් නොව අපේ මුදලින් තවමත් නිදහස් අධ්‍යාපනය ලබන, රැකියාවක් නොකරන, සිසු පිරිසක් බව සිහියේ තබාගෙන ඉගෙන ගත්තොත් ඇඟට ගුණදායක වෙයි. මහජනයා නීතිය අතට ගන්නා තත්ත්වයට වැඩ දිග්ගසා නොගත්තොත් හොඳයි. මහ ජනතාවගේ යහපත උදෙසා රජයේ පාලන කටයුතු හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම් ආදියට බාධා පමුණුවමින් සිසුන් පොළඹවන්නේ මිනිස් බිල්ලක් අපේක්ෂාවෙන් බව මේ උගතුන් යයි සිතාගෙන අනුන්ගේ පදයට නටන මේ උදවියට නොතේරීම කණගාටුදායකය. දොස්තරලා හා දේශපාලකයින් ගොඩ ගිහින්ය. රේල්ලුවට බෙල්ල තබන්න වෙන්නේ කාටද ?
මේ පෙන්නුවේ කවරෙකුගේ හෙදියවද? මේ නම් දොස්තරවරු වෙන්න බැහැ.
මම උසස් පෙළට ලොජික් කරන කොට මේ වගේ පාඩමක් තිබුණා. වෛද්‍ය සිසුන් හූ කියති. හූ කියන්නේ නරියෝය. එමනිසා වෛද්‍ය සිසුන් නරියන්ය. මේක අදට හරියටම හරි නේද?
මෙරිට් එකෙන් ගං කබරයෝ කොළඹ ඇවිල්ලා ඊට පස්සේ මුළු රටම විනාශ කරනවා. මේක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක.
තම වෘත්තියේම උගත් මහාචාර්යවරයකුට වෛද්‍ය සිසුන්ගේ සැලකීම මෙබඳු නම් ඔවුන් වෛද්‍යවරුන් වූ පසු සාමාන්‍ය මහජනතාවට ඔවුන්ගේ සැලකීම කෙබඳු වෙයිද? මෙවැනි තත්ත්වයක් තුළ සමාජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලා සිටීම වැරදිද.
රටට හෙණ ගැහුවත් තාම තනතුර රැකගන්න තරමට රට පත්වෙලා... අහෝ රටට ගිය කල ... තනතුර රැකගන්න...
වෛද්‍ය වෘත්තියට නිගාදෙන මේ අයද අනාගතයේදී ලෙඩ්ඩුන්ට සත්කාර කරන්න ඉන්නේ?
පසුගිය කාලයේදී එස්.එල්.එම්.සී මොනවද කලේ කියල හිතෙනවා . බලන්න ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල 400 න් එකක්වත් ඔවුන් එස්.එල්.එම්.සී අනුමත වෛද්‍ය විද්‍යාල හැටියට පිලි අරන් තියෙනවද? ඔවුන් කරලා තියෙන්නේ තිබිච්ච ලිස්ට් එකත් අඩුකරන එක. ඉතින් කොහොමද සල්ලි සහ උවමනාව තියෙන ලංකාවේ ජීවත් වෙලා වෙදකම කරන්න කැමති කෙනෙක් පිටරටක ගිහින්වත් ඉගෙනගෙන එන්නෙ .
හරියට ඉගෙන ගන්න, අනුන්ට උගන්නන්නේ නැතුව. ඒ නිසා තමයි රජයේ රෝහල් වල හරියට ප්‍රතිකාර නොකරන්නේ . පුද්ගලික කඩේ බෙහෙත් දෙනවා .
රට විනාශ නොකර රටේ දියුණුව වෙනුවෙන් යමක් කරන්ඩ? ලෝක තත්ත්වය තුළ මෙරටට පෞද්ගලික වෛද්‍ය ආයතනවල අවශ්‍යතාවය දැඩිව දැනෙනවා.පටු දේශපාලන අදහස් මෙහි පල කරන්ඩ එපා.මධ්‍යස්ථව හිතන්න.මහාචාර්ය කොල්වින් මැතිතුමා මහාචාර්ය කළෝ තරම්ම වැදගත් මහත්මයෙක්.
සභාපති පත්කරන්න ව්‍යවස්ථාවෙන් බලතල තියෙන්නෙ ඇමතිට නම් පත්කරනකෙනා ගැන ජී එම් ඕ එකෙන් අවසර ඕනද? එයා හිතුවක්කාරි විදියට කටයුතු කරනව නම් වෙනම ක්‍රියා මාර්ග ගන්න එයාට වඩකරන්න දීල . කොහොම උනත් ඔය සටන මුල් අල්ලන සටනක් නෙවෙයි. ඇදිල යන කාලය අනුව පරාද වෙනව දොස්තරල කුහකයො බව රටම දන්නව ඒකනේ කාර් පාස් එක මහපාරේ ගහගෙන යන්නෙ.....
මෙතන ගයාන් විතරයි හරිම දෙයක් දාලා තියෙන්නේ.