මහින්දගේ රියැදුරු රිමාන්ඩ් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග කළාය. 13 June 2017
අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 13 June 2017
රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. 13 June 2017
මුහුණු පොතේ කවි ලිව් ගුරුවරයා මාරු තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයා වෙනත් පාසලකට ස්ථාන මාරු කර තිබේ. 13 June 2017
‘සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා‘ 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය. 12 June 2017
උතුරු පළාත් සභාවේ අමාත්‍ය සංශෝධනයක් අතළඟ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එරෙහිවම දූෂන චෝදනා එල්ල විම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවධානය යොමුකර ඇතැයි පළාත් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි 12 June 2017
උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්.කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. 12 June 2017
කොල්ලුපිටියේ දී දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවෙයි කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත. 12 June 2017
අගමැති තේරීමට නව යෝජනාවක් අග්‍රාමාත්‍යවරයකු සෘජුව තෝරා පත් කරගැනීමේ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතේ ඇතුළත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි. 11 June 2017
විගණකාධිපති-සමාගම් රේජිස්ට්‍රාර් හෙට බැඳුම්කර කොමිසමට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා විගණකාධිපතිවරයා සහ සමාගම් රේජිස්ට්රාර්වරයා හෙට දින (12) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 11 June 2017
මැතිවරණ කල් දමන්නේ නැහැ එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. 11 June 2017
විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 10 June 2017
‘කොටි ලේබලය ගසා ප්‍රියයන් සැමරීම වළක්වන්න බෑ‘ තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන කිසියම් පවුලක එම අයිතිය අහිමි කිරීම නොකළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා තිබේ. 09 June 2017
සිඟමනට යොමු කළ දරුවන් 18ක් පොලිස් බාරයට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 09 June 2017
රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි. 09 June 2017
වකුගඩු රෝගය නගරයටත් ග්‍රාමිය පෙදෙස්වලට සීමාවී තිබු වකුගඩු රෝගය නාගරික ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන ආකාරයක් දැකිය හැකියැයි මාළිගාවත්ත ජාතික රුධිර පෙරණ හා කාන්ද්‍රකරණ රෝහලේ අධ්යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි. 09 June 2017
අද පාර්ලිමේන්තුව පැය නවය හමාරක් එක දිගට ආපදා කළමනාකරණය සම්බන්ධ විවාදය පැවැත්වෙන අද(9) පාර්ලිමේන්තුව අඛණ්ඩව පැය නවය හමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය. 09 June 2017
කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක් පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 08 June 2017
ත්රස්තවාදීන්ගෙන් පළිගන්නා බව ඉරාන ආරක්ෂකයෝ කියති ඉරාන පාර්ලිමේන්තුවට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 12 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. 07 June 2017
අවදානම් කළමනාකරුගෙන් සාක්කි විමසීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන් පිටතට යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය. 07 June 2017
‘ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට ගන්නවා‘ - දයාසිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 07 June 2017
පීසීගේ නිවසින් කසිප්පු - ගිනි අවි මතුවෙයි ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කරද්දි ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 07 June 2017
‘එජාපයෙන් සුළු ජාතීන් ඈත් වෙනවා‘ මේ රටේ සුළු ජාතීන්ට වැඩිම වැඩ කොටසක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. 06 June 2017
කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . 06 June 2017
‘ද්විතීයික වෙළඳ පොළේ තොරතුරු දුන්නේ නෑ‘ - හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසමේදී කියයි ද්වීතීයක වෙළඳ පොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන්ද ඉල්ලා සිටියත් ඔවුන් ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(5) බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 05 June 2017
මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ. 05 June 2017
ආපදාවට ලක්වූ මැණික් හා රන් කර්මාන්තකරුවන්ට සහන ගංවතුරින් හා නාය යෑම්වලින් අවතැන් වු හා ආපදාවට ලක්වූ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ පවුල්වලට සහනාධාර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත. 05 June 2017
හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසම හමුවට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 04 June 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආරක්ෂිතයි එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි. 04 June 2017
ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන් මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය. මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක 02 June 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026