නාමල් පෙරේරාට පහර දුන් බුද්ධි අංශ කෝප්‍රල්වරු හඳුනා ගැනෙති ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහර දී පැහැරගෙන යෑමට තැත් කළැයි සිද්ධියට අදාලව පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට නාමල් පෙරේරා මහතා සමත් විය. 12 April 2017
මේ ආණ්ඩුවෙනුත් අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නෑ - සම්පන්ධන් ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙතෙක් වත්මන් ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකී වී ඇතැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියයි. 12 April 2017
ජොන්ස්ටන් ප්‍රනාන්දු ආසන සංවිධායක ධුරයෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කරනු ලැබ තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 April 2017
දයාසිරි පඬුවස්නුවරට, ධර්මසිරි බිංගිරියට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ. 11 April 2017
රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක් හරි දෙන්න කියලා. මේ තමයි අපේ සමාජය අද හැඩ ගැහිලා තියෙන හැටි. නමුත් හොඳ ව්‍යපාරයක් කරගෙන, හොඳ ව්‍යවසායකයෙක් වෙලා ඊට වඩා යමක් උපයන්න පුළුවන් බවත් රටට සේවයක් කරන්න පුළුවන් බවත් අපේ අය තේරුම් නොගැනීම කණගාටුවක්.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අඟහරුවාදා (11) ගාල්ලේ දී කීවේය. 11 April 2017
සුදු වෑන් රියකින් පැමිණ කැකිරාවේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිහින් කැකිරාව ඉපලෝගම ව්‍යාපාරිකයකු(38) ඉරිදා (09) පෙරවරුවේ සුදුපැහැති වෑන් රථයකින් හා කැබ්රථයකින් පැමිණී සන්නද්ද පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹූ බව ඉපලෝගම පොලිසිය කියයි. උදෑසන 7ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් සුදුපැහැති වෑන් රථයකින් තම නිවසට පැමිණී බව පැහැරගැනීමට ලක්වූ බව කියන පුද්ගලයාගේ බිරිය පවසයි. 10 April 2017
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ යෝජනා ප්‍රතික්ෂේප කරයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම් ආයතනය) පිළිබඳ ප්රශ්නය විසඳීමට රජය විසින් ගෙන එන ලද යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. රජයේ එම යෝජනාවල පිටපතක් තවමත් ලැබී නැතැයිද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. 09 April 2017
නියඟෙන් පීඩාවට පත්වූ ගොවීන්ට කෝටි 700 ක් වෙන්කළා - ජනාධිපති නියගයෙන් පිඩාවට පත්වු ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන හත්දහසක මුදලක් ලබාදි ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. 09 April 2017
උදයංග වීරතුංගගේ ගිණුම් 16 කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ 08 April 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. 07 April 2017
96 ජයග්‍රහණයේ 25 වැනි සැමරුමට දැවැන්ත ගොඩනැඟිල්ලක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය. 06 April 2017
බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 55 කට සීමාවෙයි කල් තැබීමේ යෝජනාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද (6) විනාඩි 55කට සීමාවිය. 06 April 2017
ජනාධිපති බලතල තවදුරටත් ඕනෑ යයි මහ නාහිමිවරු ජනපතිට ලියති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද ලිඛිතව දන්වා තිබේ. 05 April 2017
මාලබේ තිබුණ අස්ථි කොටස් තාජුඩීන්ගේ නොවන බව තහවුරු වෙයි මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය අද(05) අධිකරණයට දැනුම් දුන්නේය. 05 April 2017
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මැඩපවත්වන ඖෂධය හිඟයක් රට පුරා මේ දිනවල පැතිර යන ඒඑච්වන්ඒවන් ඉන්ෆුලවන්සා වෛරසය ආසාදිත රෝගීන්ට දෙන ටැමිෆ්ලු ඖෂධයේ දැඩි හිඟයක් ඇතැයි රෝහල් ආරංචි පවසයි. 05 April 2017
ගෝනාවලදී බසයක් ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප්‍රදේශයේදි අඩි තුන්සියක ප්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්යක්ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි. 05 April 2017
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවෙන් අත්අඩංගුවට ගනී ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවක් හා එහි සිටි ධීවරයින් 07 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි. 05 April 2017
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ණය ගෙවීම පැහැර හැරලා බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය. 04 April 2017
සිරියාවේ රසායනික ප්‍රහාරයකින් 58 ක් මරුට සිරියාවේ ඊසාන දිග පිහිටි කැරලිකරුවන් යටතේ පවතින කාන් ෂෙයිකුවාන් නගරයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයකින් 58 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය සංවිධානය පවසන්නේ සිරියානු රජයට හෝ රුසියාවට අයත් ජෙට්යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. 04 April 2017
ඒ.එස්.පී.ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකළ අයිපී මාරු කේරළ ගංජා ජාවාරමකට සැකපිට අත්අඩංගුවට ගත් වෑන් රියක් මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියෙකු කළ අනිසි බලපෑමක් ක්‍රියාත්මක නොකළ කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක පොලිස් පරීක්ෂකවරයකු කන්කසන්තුරේ කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 04 April 2017
පැකර්ට දුන් ඉඩම ගැන පරීක්ෂණයක් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 03 April 2017
මහබැංකු වංචාව ලෝකයේ ලොකුම කොල්ලකෑමක් - හිටපු ජනපති මහින්ද මහබැංකු වංචාව ලෝකයේ සිදු වූ ලොකුම කොල්ලකෑම්වලින් එකක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. චීනය හා ඉන්දියාව යුද්ධයට දුන්න සහය අගය කළ යුතු බවත් ණයට හෝ යුද්ධ කිරීමට හැකි වූයේ චීනය හා ඉන්දියාව සහායෝගය දුන් නිසා බවත් රාජපක්ෂ මහතා කියයි. තමන් ණය ගත්තේ ගෙවීමට හැකි නිසා බවද ඒ මහතා පවසයි. 03 April 2017
දවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති අමරපුර මහා සංඝ සභාවේ මහානායක දෙවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ (102) අපවත් වුහ. 03 April 2017
කුරුවිට පතලක් කඩා වැටී දෙදෙනෙක් මියයති කුරුවිට තෙප්පනාව කළුදෙණිය පාලම ආසන්න මැණික් ඉල්ලම් ගෙන අවසන් කළ පතලක් වැසීමට යාමේ දී අද (2) සවස එහි ඉවුරු කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 02 April 2017
මහාධිකරණ විනිසුරු ඉවත් කරන්නැයි විනිසුරුවරු ඉල්ලති පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධිකරණ සේවා කොමිසමට බලකිරීම ඇතුළු යෝජනා පහක් අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) විසින් සම්මත කරගනු ලැබ ඇත. 02 April 2017
අම්බලන්ගොඩ එජාප රැස්වීම දැඩි උණුසුම් වෙයි බලපිටිය, අම්බලන්ගොඩ, කරන්දෙණිය හා රත්ගම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙනට් පණියන්දූව මහතාගේ කාර්යාලයේ දී අද (1) පැවැති සාකච්ඡාවක් දැඩි උණුසුම් වචන හුවමාරුවකින් අවසන්වී තිබේ. 01 April 2017
මුලතිව් ඉඩම් අක්කර 279 ක් ජනතාවට මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පැවැති ඉඩම් ගැටළුවට විසඳුමක් ලෙස කේපාපිලව් සහ සීනියාමුඩෙයි ප්‍රදේශවලින් ඉඩම් අක්කර 279 ක් ඉඩම් අහිමි ජනතාවට ලබා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා සඳහන් කරයි. 31 March 2017
පියා වෙනුවට අත්අඩංගුවට ගත් පුතාට බලපෑම් පියා වෙනුවට බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් පුතකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යටපත් කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව එම දරුවාගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 March 2017
පාසලට ළමයින් ඇතුළත් කරන්න මුදල් ගත් කත අත්අඩංගුවට මීගමුව නගරයේ ජනප්‍රිය පාසැලක එක වසර සිට හය වසර ශ්‍රේණි සදහා පාසැල් ලමුන් 05 දෙනෙකු ඇතුළත් කරදීමට දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 10 කට අධික මුදල් වංචනික ලෙස ගත් බව කියන කාන්තාවක (39) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි. 31 March 2017
මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය. 30 March 2017
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026