(දයාසිලි ලියනගේ )

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී  තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය.

අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සියලු පළාත් පාලන ආයතනවලට බලපාන එකක් නොවන අතර,එය ප්‍ර දේශ කිහිපයකය පමණක් බලපාන එකක් බවද මොහොමඩ් මහතා කීය.

හෙට කොමිසම රැස්වී මැතිවරණය පැවැත්වීම පිළිබඳව හෙට සාකච්ඡා කර  තීරණය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.