රංජන් කස්තුරි
විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ.
ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ඉකුත් දිනවල විභාග වංචා හා අක්‍රමිකතා රැසක් වාර්තා විය. ඒ පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලින් පසු රහස්‍ය අංශයේ ප්‍රධානියාගේද වැඩතහනම් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාද වග කිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේ නියමයන් අනුව කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද ඉවත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුරුම්පු ඔක්කොම දාලා ගේමක් ගහන්න වගේ ලැහැස්තිය.
ලොවම පිළිගන්න ලංකාවේ විභාගයන්ගේ තත්වය ආරක්ෂා කිරීමට ගත් මෙම නිර්භීත පියවර අප සියලු දෙනාම අගය කල යුතුයි.
ඕනෑම රටක මහා බැංකුව මෙන්ම ඉතාමත්ම සංවේදී ආයතන වලින් එකක් එහි අධ්‍යපන ආයතනය. ඒවයෙත් හොරකම්, වංචා සිදුවෙන්නේනම් එමගින් සිදුවන්නේ මිල කල නොහැකි පාඩුවකි. අවසානයේ විදේශ රටවල අපගේ අධ්‍යපන සහතික පිළිගැනුම ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක් නොවනු ඇත.
ඔන්න ඔය වගේම දුෂණ, වංචා, අක්‍රමිකතා, හොරකම් කරලා තියෙන ඇමතිවරුන්වත් ඉවත්කරන්න. ඉවත්කරලා එයාලටත් නිසි දඩුවම් දෙන්න අන්න එතකොට තමයි නියමම යහපාලනයක් තියනවා කියලා මිනිස්සු පිළිගන්නේ.
වංචා කරන අය යවන්නේ අධ්‍යාපන අමාත්‍යංශයටද?
ඔය වගේම ධිවර අධ්‍යක්ෂක ජෙනරාල්වත් මාරු කරන්න පුළුවන් නම් අපේ ධීවර අංශයත් ගොඩ..
යුරෝපයේ ඇමෙරිකාවේ විභාග දෙපාර්තුමේන්තු නැත. නමුත් සුවිශේෂ නිර්මාණකරුවන් ඇත.
රන්ජිත් මහත්මයා වෙතටයි මේ : අධ්‍යාපන අමාත්‍යංශයට අයත් දෙපාර්තමේන්තුවක් වන විභාග දෙපාර්තමේන්තුවේ යම් උසස් නිලධාරියෙකු කිසියම් වරදක් යයි සනාථ නොවුන හේතුවක් නිසා හෝ පරීක්ෂණයක් ,විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි නිගමනයකට එළැඹෙන තෙක් හෝ වහාම ක්‍රියාත්මක වන පරිද්දෙන් මාරු කරනු ලැබුවහොත් පත්කළ යුත්තේ එම අමාත්‍යංශයේම ඒ හා සමාන තනතුරකට බවයි මගේ වැටහීම. එසේ නැතිව ඔබ සිතන පරිදී වංචා කරන අයවලුන් අධ්‍යාපන අමාත්‍යංශයට දක්කනවා වගේ කටට ආවාට යමක් කීම, බොහෝ අයගේ වටිනා කියමන් හා අදහස් කියවන, එහෙත් හරියටම අවබෝධයක් නොමැති අය ( සා.පෙළ / උ .පෙළ හෝ ඊට අඩු සිසුවෙක් වැන්නෙකු ) නොමග යැවීමක් නේද ? අමාත්‍යංශයක උසස් නිලධාරියෙකු එක්වරම වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට නොහැකි බව ඔබ නොදන්නවා නොවෙයි නේද ? මා මෙසේ සඳහන් කළේ ඔබගේ අදහස ප්‍රශ්නාර්ථයක් ලෙස දක්වා තිබුන නිසා බවද කරුණාවෙන් සලකන්න. මාර්තෘකාව රටේ වැදගත් අමාත්‍යංශයක ඉතා වැදගත් තනතුරක් ගැන බවද කාරුණිකව සිතා බලන්නු මැනවි.
ඔය පුද්ගලයා පත්කරන කොටම සති අන්ත එක්තරා පුවත් පතක ඔහු දුෂිත පුද්ගලයෙක් කියල තිබුණා. එහෙම රාවයක් තියෙද්දිත් පසුගිය රජය මෙයා ඔය තනතුරට පත්කරා. රටේ මිනිස්සුන්ට තමයි මේකෙන් පාඩුව. නුසුදුස්සෝ සුදුස්සෝ කරනවා.
රන්ජිත්, එහෙම කරන අයව ලංකාවේ බොහෝ අය බොහොම කැමැත්තෙන් අරින්නේ පාර්ලිමේන්තුවට
අන්තිමට දෙසපලුවෝ සියබලා ගෙනල්ලම නැ.....????
මාරු කොරන්නේ ඇයි? වහාම පරීක්ෂණයක් තියලා වැරදිකරු වුනොත් ගෙදර යවන්න!
මම හිතන්නේ මොහුව පරීක්ෂණ ඉවර වෙන තුරු සේවයෙන් අයින් කර තිබිය යුතු බවයි. දුෂණ වලට සම්බන්ධ යයි සැක කරන පුද්ගලයෙකු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කිරීම කොහොමද හරිය කියන්නේ?
මේ පුද්ගලයා දූෂිතයෙක් කියන්න ඉක්මන් වෙන්න එපා. වෙනත් අයකු කරන ලද වරදකට ආයතන ප්‍රධානියා නිසා වන වගකීම හේතුවෙන් චූදිතයෙක් වෙලා තියෙන්නේ. යමි පුද්ගලයකුට හෝ පුද්ගල කොටසකට මොහුව ඉවත් කරන්න වුවමණාවක් තිබුණා වෙන්න පුලුවන්. සමහරවිට මොහු හොදින් වැඩකරන එකට අකමැති ඒ කරදරයක් වෙන දේශපාලකයින් ඇති. නැතිනම්, තනතුරට එන්න කැමති අය ලොකුතැන්වල ඉන්නවා වෙන්නත් ඇති.
මම දන්නා විදියට මේ පරීක්ෂණ විනිවිදබාවයකින් කරන්න තමයි මේ මාරු වීම දීල තියෙන්නේ. මාරුවීම සදහා පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීමක්ද තිබුනු බවටත් පුවත් ප්‍රකාශයකින් කියවුනා.කෙසේ වෙතත් විභාගවල රහසිගතබව හා විස්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම හොදයි.