(සිරංගකා ලොකුකරවිට)
නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ.
ගාල්ලේ ගිංතොට, කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.
සිකුරාදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 19 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර පස් දෙනෙකු රෝහල්ගත කරන ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 19 දෙනාම මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 දෙනාම සිංහල කියලයි ආරංචිය. සහජීවනේ නිසා කියන්නත් බැහැ. පුළුවන්ද හොයලා බලන්න.
සුළුතරය වෙලා මෙහම නම් තව පොඩ්ඩක් වැඩි වුණාම කොහොම තියේද? අර විල්පත්තු කෙනා මොකටද ගාල්ලේ හෝටලයක නැවතිලා ඉන්නේ? මෙතැන වැඩියෙන් අත්අඩංගුවට අරන් ඉන්නේ සිංහලයෝ. මගේ රටට දළදා හිමි සරණයි!!!
පහුගිය කාලේ විවිධ ජන කොටස් අතර විවිධ හේතුන් නිසා අර්බුද හට ගත්තා. දැන් එ්ක ජතීන් අතර වෛරයක් බවට පත් වීගෙන යන්නේ. පොඩි දේටත් කාකොටා ගන්නවා. මේකට වග කියන්න ඕනේ සුළුජාතික නායකයින් යැයි කියාගන්නා අමනයින්. මේ රටේ සුළු ජාතිය හෝ මහ ජාතිය කියලා වෙනසක් නැතුව හැමෝටම එකම විදියේ නිදහසක් තිබුණා. ව්‍යවස්ථාවේ බුද්ධාමට මූලිකත්වය දෙනවා කියලා ලියවිල්ලක් තිබූ පමණින් අනිත් අාගම් වලට බාධා කරලා තියනවා ද?. අැයි මේ විශේෂ දේවල් ඉල්ලන්නේ. සමාජයේ මේ ජනතාව ඉතා හොඳින් ජීවත් වුනා. ඔවුන් මේ කියන ව්‍යවස්ථාමය ගැටළු දන්නෙවත් නෑ. ඔවුන්ට තිබෙන්නෙ කන බොන එකේ ගැටලුවක්. හැබැයි දැන් මේ කොහේවත් නැති දේවල් එ් අතරේ ගෙනැල්ලා ජාතීන් අතර වෛරය වපුරනවා. මේ රටේ ජනතාව හරියට හිටියා නම් මේවා අවුලන අයටයි මෙහෙම ගහලා පන්නන්න ඕනේ. දැන් පාලකයන්ට මාරම සතුටු අැති. කට්ටිය මේකන් ගොඩ යන විදිය ගැන පිඹුරුපත් හදනවා අැති. කොටසක් තම නොහැකියාව නිසා දුක් විඳින ජනතාවගෙන් වහන් වෙන්නයි. අනික් අය තමන්ගෙ ගොඩ වැඩි කරගන්න විදිය හොයනවා අැති. ඔවුන්ට මේක වෙලාවේ හැටියට දෙයියෝ දුන්න දෙයක්....
මේ ජාතිවාදී ගැටළු ප්‍රබල ලෙසම පැන නගින්නේ... එක්සත් ජාතික පක්ෂයේ අත්තිවාරම හෙවත් ලංකා ජාතික සංගමයේ අාරම්භ වීමෙන් පසුව අපේ ජාතික වීරයෝ. මේ රට හා බලය ඔවුනොවුන් අතර බෙදා ගැනීමේ බල අරගලය තුල තමයි මේ ජාතිවාදී මතවාද පැන නැග්ගේ. එ්කේ උරුමය අපි ඔක්කොම වින්ඳා. ලෙයින් කඳුලින් වන්දි ගෙව්වා. සහජීවනය ගැන බණ කිව්වට වැඩක් නෑ. එතකොට මේ ගැටළු තියනවා කියලා දන්නැති අයත් දැනගෙන ඔවුනුත් මේ අරගලවලට එකතු වෙනවා. මේකට තිත තියන්නනම් හොඳින් බැරිනම් නරකින් හෝ අාගම්වාදී වර්ගවාදී දේශපාන පක්ෂ නැති කළ යුතුයි. සියළු ජන කොටස් රටපුරා විසුරුවා හැරිය යුතුයි. ජන කොටස් අතර අාවහ විවාහ වලට පවතින බැමි බිඳ දැමිය යුතුයි. දේවවරම්වාදී මිථ්‍යා මතවාද ප්‍රතික්ෂේප කරන, බුද්ධිමත් තරුණ පරපුරක් අධ්‍යාපනය හා විද්‍යාව තුලින් හැදිය යුතුයි. මේක හොඳින් නම් කරන්න වෙන එකක් නෑ. මේකට ලොකු කැප කිරීමක් හා ධෛර්යක් අවශ්‍යයි. නැත්තම් මේ ගැටලු මෙලෙසමයි. අනාගතයේත් ලේ කඳුළු ගලා යාවී. අපි රටක් විදියට වලපල්ලටම යාවි.
මුස්ලිම් ගමක් මැදින් පාරක් තිබුනොත් අනික් යට යන්න ඉඩ නැහැ මුළු පාරම අයිති කරගෙන. දෙපස වාහන නවත්තල වැඩිදෙනෙක් ඉන්නේ පාරේ. අනතුරක් වුනොත් මැරුම් කන්න තම වෙන්නේ. රජයක් විදියට මේවා අවම කරන්න කටුතු කල යුතුයි. සිංහල මිනිසුන්ට පුදුම අසාධාරණයක් වෙලා තියෙන්නේ.
ජනතා බලයක් නැති ආණ්ඩුව බලයේ රැදීමට ජාතිවාදය අවුලුවයි. සියලු ජාතින් සමගිව මේ ආණ්ඩුව ගෙදර යවමු.
සිංහලය ගැන නොසිතන, අනාගත සිංහල ගේ අයිතිය ගැන නොසිතන සිංහල දේශපාලන බල එරෙතයන්ට මෙන්ම තනතුර උසස් කර ගැනීමට හැම විටම සිංහලයා මත වරද පටවන එවුන්ට සාපම වේවා.
මේ ඔක්කොටම හේතුව ජාති ආගම් භේදයකින් තොරව රටේ නීතිය අකුරට ක්‍රියාත්මක නොවීමයි, මේකට ජනාධිපතිතුමා සම්පුර්ණයෙන් වගකියන්න ඕනා.