(සිරංගකා ලොකුකරවිට)
නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ.
ගාල්ලේ ගිංතොට, කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.
සිකුරාදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 19 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර පස් දෙනෙකු රෝහල්ගත කරන ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 19 දෙනාම මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.