IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හංගන්න දෙයක් නෑ - අගමැති

(හර්ෂණ තුෂාර සිල්වා) 
 
වැරැදීම් සිදුවිය හැකි නමුත් සැඟවීමට කිසිවක් නැතැයි ද යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන්නේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පැවැසීය.
 
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී පැහැදිලි කිරීම් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව ප්‍රකාශ කළේය. 
 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. 
 
“වැරදීම් වෙන්න පුළුවන්. අපි වැරැදි හදාගෙන ඉදිරියට යනවා. යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යනවා. මට අද ගොඩක් කරුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානිය ආදී බොහෝ දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නට මට අවස්ථාවක් ලැබුණා. මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මා කොමිසමේ සභාපතිවරයාට ස්තූතිවන්නත වෙනවා. 
 
අපේ යහපාලන ආණ්ඩුව දිගටම යනවා. අපිට සඟවන්න දෙයක් නැහැ. ඒ අවස්ථාවේදී ගත යුතුව තිබූ නිවැරැදිම හා හොඳම තීන්දුවක් රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තා. කඩා වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම අපි බාරගත්තා. අපි එම වගකීම නොපිරිහෙළා ඉටු කරනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. 
 
කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, සාගල රත්නායක, මංගල සමරවීර, ඩී.එම් ස්වාමිනාදන්, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, තිලක් මාරපන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, දයා ගමගේ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, පී හැරිසන්, චන්ද්‍රානී බණ්ඩාර යන අමාත්‍යවරුන්, මනෝ ගනේෂන්, රුවන් විජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්, තාරක හේමකුමාර, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් කොමිසමට පැමිණි අතර කොමිසම පිටතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිත විශාල පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ.    

 



අදහස් (47)

හංගන්න දෙයක් නෑ - අගමැති

Wijepala Monday, 20 November 2017 04:50 PM

ඔක්කොම එළි වුනාට පස්සෙ හංගන්න දෙයක් නෑ නේන්නං.

:       10       128

Appuhami Monday, 20 November 2017 04:51 PM

දැන් ඉතින් හංගන්න දෙයක් නෑ.............ජනතාව ඔක්කෝම දැනගෙන ඉවරයි....

:       10       110

Dias Monday, 20 November 2017 04:55 PM

ගත යුතුව තිබූ හොඳම නිවැරදිම තීරණේ අර්ජුන් මහ බැංකුවේ අධිපති කරල බැඳුම්කරේ සල්ලි වලින් ඡන්දෙ කරන එක නෙමේයි අගමැතිතුමා. අපි හිතුවා ඔබට උදව් කරන ව්‍යාපාරිකයන්ගෙන් උදව් ගනීවි කියල. ඔබේ උගත්කම සහ හැකියාව පාවිච්චි කරේ ඉක්මනින් ගොඩ යන්න. හරිම කණගා‍ටුයි.

:       0       105

Raveendra Monday, 20 November 2017 05:02 PM

ඇත්ත වක්කඩේ යකඩ වුනත් හංගන්න බැහැ. බාලංස පන්තියක දරුවෙකුටත් එය හොදින් තේරෙනවා. අත්දෙකේ ඇගිලි දහයෙන් විලි වහගන්න බැහැ කියලත් කිරි බොන දරුවෙකුත් දන්නවා මේ නොදරුව දන්නේ නැති වුනාට .

:       0       398

K Perera Monday, 20 November 2017 05:45 PM

ඔබ අවංක නායකයෙක් ඔබට දුෂණ වංචා නැහැ. ඔබට සල්ලාල දරුවන්ද නැහැ, මේක ජනතාව හොදට දන්නා දෙයක්.

:       784       12

horage amma Monday, 20 November 2017 05:53 PM

හොරාගේ අම්මගෙන් පේන අහළ වගේ..................

:       6       79

indra Monday, 20 November 2017 06:24 PM

සඟවන්න දෙයක් නෑ තමා ,රටේ නීතිය හොදට නමනවා ,මෙය නීති සංගමයටම කල අපහාසයක් ඇයි මෙතුමාට පමණක් වෙන නීති වේදියෙක් ?මේ හොරු රැළ පන්නා දමන්න ඕනෑ...........රටේ නීතිය හරිම අවිනීතයි ............. එන්නෙත් හොරු යන්නෙත් හොරු ජනතාව ඉතාමත් අසරණයි..........

:       9       212

ඔස්තාර් Monday, 20 November 2017 06:47 PM

මෙතරම් නිර්ලජ්ජී අයෙක් මා නම් දැක නැත! නුඹලාට හිතෙන්නේ කෙසේද?

:       11       306

dan Monday, 20 November 2017 07:17 PM

හංගන්න දෙයක් නැහැ. සල්ලි බෙදාගත්තේ සිංගප්පූරුවේදී බව රටම දන්නවා. ප්‍රශ්න පත්තරේ හැදුව නීති පති හැර.

:       8       155

Danushka Monday, 20 November 2017 08:50 PM

ඔක්කොම හෙළිවුනහම තව මොනවා හංගන්නද ?

:       7       55

nihal Monday, 20 November 2017 08:57 PM

පුලුවන්නම් කරපන් හරියට බැරිනම් පලයන් එලියට ......හතලිස් වසරක් තිස්සේ වැරදි හදාගන්න බැරි අයවලුන් හෙවත් දේශපාලඥයන් ඉහද පනුවෝ තවමත් රට කා දමින් ඉන්නේය ....

:       0       38

Sanjeewa Monday, 20 November 2017 09:56 PM

ඒක නම් ඇත්ත අගමැතිතුමා සඟවන්න දෙවක් නම් නෑ තමා.මුලු රටම දන්නවා දැන් බැදුම්කරේ ගැන.තව මොන කතාද?

:       22       267

Sanjeewa Monday, 20 November 2017 09:58 PM

හංගන්න දෙයක් නෑ.හැංගෙන්න තමයි වෙලා තියෙන්නේ.............

:       27       261

Kumara Monday, 20 November 2017 10:09 PM

මොයාලා ගංජා ගහලද අපි ගංජා ගහලද?

:       25       347

Thilak Tuesday, 21 November 2017 12:07 AM

ඓහෙනම් මොකෝ පුට් නොට් කල්ලිය දැම්මේ ?? දැන් පටි රෝල් උනාම බබා වෙන්න හදනවා ...

:       0       309

Manoj Tuesday, 21 November 2017 12:35 AM

හංගන්න දෙයක් නෑ මුලු ලංකාවම දන්නවා අලි බබා සහ හොරු 40 ගැන මහ දවල් බැදුම්කර කොල්ලය.............

:       0       305

anura Tuesday, 21 November 2017 12:36 AM

හංගන්න දෙයක් නැතිනම් ඇයි සභානායක උඩ පැන පැන කියන්නේ තොරතුරු හෙළි වීම හෝ කිරීම හොරුන්ගේ වරප්‍රසාද කඩ වීමක් කියා?

:       0       30

Bamunuarachchi Tuesday, 21 November 2017 12:52 AM

හංගන්න දෙයක් නැහැල්ලු ඕක අපි දන්නේ බොහොම ඉස්සෙල්ලා. . පළමු වෙනියා හැටියට කොමිසමේ සාක්කි දීල ඕක කීවානම් අපි එකඟයි. නමුත් මේවන විට කගේ කාගේත් රෙදි ගැලවුනා දැන් හංගන්න දෙයක් නැතිබව කවුරුත් දැක්කා. හැදුවේ මුලින්ම අතින් වහන්නයි. මොකක් වහන්නද වැඩේ හබක්. අර කට්ටිය මගුල් ගෙදර යන්න වගේ ඇවිත් ඉන්නේ මොකටද හොරකම් එළිවෙන කොට ජයවේවා කියන්නද? මෙරටේ එහෙමනේ හොරකම් කර අසුවන දේශපාලුවාටත් ජයවේවා කියන්න පට්ට මෝඩ හතිකරයක්නේ ඉන්නේ. මෙයා මෙතැ ඇවිත් සාක්කි දීල යාවි මොන බම්බුවකටද මුන්ට ආරක්ෂාව දෙන්න මහජන මුදල් වියදම් කර මෙතනට මේ දේශපාලුවෝ අවේ? හා හා ශිරන්තී රාජපක්ෂට ජයවේවා කියන්න මිනිස්සු ආවානේ එකයි මේ.

:       11       729

Bamunuarachchi Tuesday, 21 November 2017 01:11 AM

“වැරදීම් වෙන්න පුළුවන්. අපි වැරැදි හදාගෙන ඉදිරියට යනවා. " මේව වැරදීම්ද? අපිත් කොමිසමේ සාක්කි අහගෙන බලාගෙන සිටියා . මේවගේ තව වැරදීම් දෙකක් උනොත් මෙරට ඉතුරුවෙන්නේ නැත. මේවා වැරදීම නොවෙයි හිතා මතා කරපු මංකොල්ල කෑම්. නැතිනම් විදේශිකයෙක් බැංකු අදිපතියා කොරන්නේ මොන මෝඩයාද? හරියටම කිනවානම් අපිටයි වැරදීම උනේ අපි එ්ක හදාගත්ත බව ළඟදීම පෙන්වන්නම්. ඔබලාට වැරදි හදන්නත් බැහැ ඉදිරියට යන්නත් බැහැ. යන්නේ අපිවත් ඇදගෙන ආපස්සට.

:       837       2323

Rohana Tuesday, 21 November 2017 01:12 AM

අගමැතිතුමනි, අපට ඕන කෙලින් පිළිතුරක්, ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්රශ්න වලට පිළිතුරු.., ඔබ මහා බැංකුවේ අධිපති ලෙස සිංගප්පුරුවේ පුරවැසියෙක් තෝරාගත්තේ ලංකාවේ සුදුසුකම් කුසලතා ඇති පුරවැසියන් නොමැති නිසාද? පත් කිරීමෙන් පසු ඔහුගේ රාජකාරි කටයුතු ගැන අධීක්ෂණය කලේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවූ පසු ඔබ ඔහුට රැකවරණය සැලසුවා නේද? ඊළඟට මේ ප්‍රශ්ණය මතුවූ අවස්ථාවේ ඔබ පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්රන් ආරක්ෂා වන පරදි ලොකු ප්‍රකාශයක් කළා නේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ බිලියන 59 පාඩුව අය කරගන්නේ කෙසේද? කොමිසමේ නිර්දේශයන් නීති පති දෙපාර්තුමේන්තුවට යොමු කරනවද? ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවද? ජනතාව හොද අවදියෙන් ඉන්නේ . ජනතාව රවට්ටන්න බැරිබව තේරුම් ගන්න.

:       540       1620

sarath Tuesday, 21 November 2017 01:33 AM

වැරදි සහ හොරකම දෙකකි .මහා බැංකුවේ මෙවැනි සිදුවීමක් වැරදි (අත්වැරැද්දක් ) ලෙස මෙතුමාට පෙනෙන්නේ නම් එය භයානක විහිලු වැකි.මිනිස්සුන්ට විඳවන්න බැරි තරමට ආර්ථිකය ,බැංකු පොලි එම හේතුව නිසාම ජනතාවගේ /ව්‍යාපාරිකයින්ගේ කටයුතුවලට ඇති වී ඇති බලපෑම සුළුපටු නොවෙයි.විහිළු සපයන්නේ නැතිව අලාභය හොරුන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන්න

:       131       523

ධම්මික Tuesday, 21 November 2017 01:36 AM

හංගන්න අගමැති තුමාට කොහොමත් දෙයක් නෑ

:       2       212

bamunuarachchi Tuesday, 21 November 2017 01:51 AM

"...පැමිණි අතර කොමිසම පිටතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිත විශාල පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ." අනේ මෙහරක් එන්නේ මොන සහයක් දෙන්නද. හා හා අපේ නායක තුමාගෙන් ඔය ප්‍රශ්නය අහන්න එපා කියන්නද? හරකුන්නේ මේක අපේ සහ අපේ දරුවන්ගේ රටය මොකා වැරද්දක් කලත් එය අපිට සහ අපේ උපදින්න ඉන්න දරුවන්ටත් බලපානවාය. මිනිසුන් මේ නායකතුමා ගැන හිතුවේ බොහොම හිතා මතා හරි තීන්දු තීරණ ගන්නා කෙනෙක් හැටියටය එය පුස්සක් විය,නමුත් වැඩිදෙනා 2005 සිට දැනගෙන සිටියා මෙයා හරි තීන්දු තීරණ ගන්න පුළුවන් කෙනෙක් නොවන බව. රටට මේසා විනාසයක් කල මේ නායක තුමා පසුපස යන නුඹලා මී හරක් නොවෙයිනම් වෙන මොක්කුද.?

:       98       441

Bamunuarachchi Tuesday, 21 November 2017 02:03 AM

"මට අද ගොඩක් කරුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානිය ආදී බොහෝ දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නට මට අවස්ථාවක් ලැබුණා." අපි දන්නා දේ නම් කොමිසමේදී සාක්කි දෙන මොන ජගතාට උනත් අහනදෙට හැරන්නට වෙන අනම් මනම් දොඩවන්න ඉඩ ලැබෙන්නේ නැත. මහා බැංකු කොල්ලය, විදේශිකයකු මහා බැංකු අදිපති හැටියට පත් කිරීම, රටේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානියට සම්බන්ද වෙන්නේ කොහොමද? අනික් සාක්කි කරුවන්ගේ සාක්කි සහ අසූ පරස්න පුවත් පත්වල පළවුණා නමුත් මෙයා ගැන කිසිම සටහනක් තවම දුටුවේ නැත. බලමු බලමු එක සිහිනෙන් එළිවෙන්නේ නහල්ලුනේ

:       85       511

ලුම්බිණි Tuesday, 21 November 2017 02:26 AM

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ටිකෙන් ටික හාස්‍යට පත් වෙමින් යන බවකුයි පෙනෙන්නේ.

:       41       66

vipula Tuesday, 21 November 2017 02:39 AM

මේවා කොහොමද මහත්තයෝ වෙන්න පුළුවන් වැරදි වෙන්නේ . දැන දැන නේද වැරැද්ද වෙලාතියෙන්නේ . ඔන්න අපේ ජනපති නම් දන්නේ නැහැ කියන්න පුළුවන්. එතුමා තොරතුරු දකින්නේ පත්තරෙන් නේ .

:       4       156

pitigala Tuesday, 21 November 2017 03:11 AM

වැරැද්ද නම් වෙලා තියෙනවා ආයේ ගොඩ එන්න බැරි විදිහට නේද සර්?

:       92       318

Ratnamalala Tuesday, 21 November 2017 03:12 AM

ඔව් ඔව් හංගන්න දෙයක් නැහැ. හත්පොලේම ගාගෙන ඉවරයි.

:       29       719

jana Tuesday, 21 November 2017 03:19 AM

දැන් ඔහොම බැලුවම මහින්දටත් පුළුවන්නේ ඇවිත් කියන්න වැරදීම් සිද්ධවෙන්න පුළුවන්, ඒත් හංඟන්න දෙයක් නෑ..වැරදි හදාගෙන ආයෙත් ආන්ඩුවක් කරනවා කියලා..

:       86       435

wedage Tuesday, 21 November 2017 03:22 AM

වැරදීම් උනේ මිත්‍ර සමාගම නිසා ශ්‍රිලංකාවේ පුරවැසියකු නොවන කෙනෙකුට මහා බැංකුවේ අදිපති කම දුන්නේ ඔබතුමාගේ බලවත් වුවමනාවට එහි නොමනා බව වැටහීමට තරම් ඔබ තුමාගේ බුද්දිය මද කම නිසා තමයි මේ සියලුම කරදර

:       72       191

Janahitha Tuesday, 21 November 2017 03:24 AM

"කේ. පාස්‌කරලිංගම් මහතා තමාගේ උපදේශකයකු ලෙස කටයුතු කරන බවත් නමුත් ඔහු එම රැස්‌වීමට සහභාගි වූ බව තමාව දැනුවත් කළේ නැතැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය." මේ අද පුවත්පතක තියන දෙයක්. රටකට ගිය කල අනේ අපොයි.

:       51       271

Senarath Tuesday, 21 November 2017 03:24 AM

හංගන්න දෙයක් නැහැ කියල මුළු රටටම තේරෙනවා. එකනේ ඊයේ අධ්‍යාපන ඇමැතිත් කිඋවේ " අගමැතිතුමාගේ සුඛවිහරණයට මුදල් හොරකම් කලේ නැහැ" කියල. මුළු රටම දන්නවා හතර ගාතෙන් වැටිලා තිබුණු එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ සල්ලි විසිකරලා හරි දිනන්න හදනවා කියල. මොකද මේ රට අවුරැදු 2 ට කරපු දෙයක් නැහැනේ, බිලියන දහස් ගණන් සල්ලි ණයට ගත්තට. ඇමතිලා, මන්තිරිලා ටිකට නම් වැඩක් උනා. මෙහෙම හොරකමක් මුළු ලෝකෙම වෙලා නැහැ. එත් තවමත් ලොකුකතා නම් තියෙනවා "ආර්ථිකේ හදල ඉවරඊ, දැන් තියෙන්නේ රට සංවර්දනය කරන්න " වගේ.

:       1012       1568

athura Tuesday, 21 November 2017 03:38 AM

වැරදි නැති නම් කොමිසමට නෙමෙයි අපායට වුනත් යන්න බයවෙන්න ඕන නැහැ.

:       2       78

AnuraTuesday, 21 November 2017 04:09 AM

දැන් එහාට තමයි යවන්න ඕන !

:       32       124

athuraTuesday, 21 November 2017 05:32 AM

දැන් ලංකාවේ ජීවත් වෙන බහුතරයක් යන්නේ අපායට තමයි.මෙතුමා ඇයි දන්නේ නැහැ අරය වගේ වහල්ලු ටිකක් ගෙනල්ල අප්පච්චි අප්පච්චි කියා ගත්තේ නැත්තේ.

:       273       52

Thilina Tuesday, 21 November 2017 03:57 AM

අපිටත් වැරැදි නිවැරිදි කරගන්න ඉක්මනින් ජන්දයක් තියන්න ..මොන බොරු කිව්වත් රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ මහ බැංකු වංචාව නිසා කියලා අපි හැමෝම දන්නවා

:       324       400

athuraTuesday, 21 November 2017 05:29 AM

පහුගිය කලේ අපේ රටේ අර්ටිකය තිබ්බේ ලෝකේ අංක එකටනේ මහත්මයෝ.

:       246       238

SL Tuesday, 21 November 2017 04:24 AM

හොරු එලවන්න කියල බලයට ඇවිල්ල මාසයක් යන්න කලින් බිලියන ගානක හොරකමක් කරපුඑකම මදිද?

:       25       111

saliya Tuesday, 21 November 2017 04:34 AM

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොගෙවූ බිල් ගෙවීමටත් , රුපියල් 10,000 පඩි වැඩි වීමටත් හදිසි මුදල් අවශ්‍ය වූ බව නොරහසකි . හදිසි තීරණ ගැනීම හා ක්‍රියාමාර්ග ගැනීම නොවැලක්විය හැකිව තිබුණු බව පැහැදිලියි . එහෙත් ඒවා කිරීමේදී ඇතැමුන් සම්මත ක්‍රියා පටිපාට්යෙන් බැහැරව කටයුතු කිරීම මෙම විවේචන සියල්ලට මුලයි . මින් යුතු ලාබ ගත් අයගෙන් එය නැවත ලබා ගැනීම හා වැරදි කරුවන්ට දඬුවම් දීම කල යුතුයි .

:       28       102

ONE SRILANKAN Tuesday, 21 November 2017 04:48 AM

ගරු අගමැති තුමා ජනාධිපති කොමිසමට අාවේ රටේ ප්‍රගතිය කියන්නද..............බදුන්කර වංචාවට අදාළ කරුණකටද .............මටනම් පෙනෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි දෙයක් මෙතන.........අරමුණ ජනතා රැවටීම ....මට හිතෙනවා රනිල් තරම් අසාර්ථක කපටි ශ්‍රී ලංකිකයෙක් තවත් නැත කියල.............අපරාදේ අපි රැවටුණා.....මෙයා බොරු රගපෑමක් කළේ............කල් මරන්න ජනතාව ගොනාට අන්දන්න හරි දක්ෂය කියල හිතුවට ජනතාව මෝඩ නැහැ...............

:       20       137

caranolis Tuesday, 21 November 2017 05:15 AM

හන්ගන්ට බැලුව, හරි ගියේ නැහැ. පොතුත් ගැහුවා, නඩුත් දැම්ම එත් හරි ගියේ නැහැ.

:       0       72

asanga Tuesday, 21 November 2017 05:16 AM

වැරදීම් වලට දඬුවමුත් ලැබිය යුතුයි. ජනතාවට බර පටවන්න බැහැ.

:       0       65

athura Tuesday, 21 November 2017 05:27 AM

මේකේ අදහස් දාන නඩුකාරහාමුදුරුවරු නඩුව අහල මෙතුමාව වරදිකරුත් කරලා ඉවරයි.

:       561       141

Ravi Tuesday, 21 November 2017 07:08 AM

හංගන්න දෙයක් නෑ - අගමැතිතුමනි , ජනතාව දන්නවා ගජ මිතුරා කොහොමද ගැහුවේ කියල. ජනතාව බලාගෙන ඉන්නේ බිලියන 59 ක් රජයට සිදුකල පාඩුව අයකරගන්නා හැටි . .

:       0       14

saman Tuesday, 21 November 2017 07:39 AM

ඔව් ඉතින් !හංගන්න දෙයක් නැහැ .හොරකම වංචාව යහපාලනයේ තේමාවනේ!

:       0       18

janaka Tuesday, 21 November 2017 08:37 AM

රටේ අර්ටික අර්බුද ගැන රටේ සංවර්ධනය ගැන නෙමෙයි. හොරකම ගැන අහන්න කතා කරලා තියෙන්නේ මෙයා බයිලා ගහනවා...............

:       0       23

සෙනෙවි Wednesday, 22 November 2017 12:31 PM

වරෙල්ලකෝ ඔය පාර ඡන්දෙ ඉල්ලන්න.

:       0       106

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 46 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 35 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 222 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 302 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 130 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති
2025 මැයි මස 05 630 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1222 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site