(රොමේෂ් මධුෂංඛ)
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වෙයන් අද (12) වවුනියාව පෞද්ගලික හෝටලයකදි ආරම්භ වී තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය හා දෙමළ ජාතික සන්ධානයේ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදි සාකච්ජා කිරීමට නියමිත බැව් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පැවසූහ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජාවේදී මූලික වශයෙන් සාකච්ජා කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයෝ පැවසූහ.
ඊට අමතරව මේ වන විට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව වෙනම මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇති ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සම්බන්ධයෙන්ද අද අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
නමුත් මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් හෝ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාද සහභාගී වී සිටියේ නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අසන්නේ වෙනස, ව්‍යවස්ථාව ගැනයි. ඊට පෙර ඔබේ කණ්ඩායමේ ඒකීයත්වය හදන්න.
මම නම් හිතන්නේ ගිතක්කගේ ආසනය නැති වුණ එක නිසා කැඳවපු සාකච්චාවක් විය හැකියි කියලයි ..
සුළු දෙමළ සංවිධානවලත් එකමුතුවක් නැහැ. ලංකාවේ සිංහල ජනගහනය 75% දෙමළ... උතුරේ 7% සහ අනෙක් පළාත්වල 7%. මෙතරම් සුළු ජන කොටසක් උතුරු පළාත ඉල්ලා අරගල කරද්දී, අපේ සිංහල නායකයන් ඔවුන්ගේ ඡන්ද ටිකට කෙළහලමින් අපේ අයිතිය පාවාදීම නින්දා සහගතයි. වත්මන් නායකයිනි, කොළ, නිල් වශයෙන් රණ්ඩුවෙමින් ජාතිය පාවා නොදෙන්න. එසේ කළහොත් පණ පිටින් අපාගත වනු ඇත. මේ දෙමල පක්ෂ සම්බන්ධ කරගන්නේ නැතුව වෙනම තරඟ කරන්න දිය යුතුයි.