(කාංචන කුමාර ආරියදාස)
නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ පවසති.
තරුණයකු බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමේදී එහි රතු මිශ්‍ර පැහැයක් ඇති බව මෙහි සත්‍ය අසත්‍ය සොයාබැලීමට ගිය අවස්ථාවේදී දක්නට ලැබිණි.එහි භූමිතෙල් ගඳ වහනය වන බවද එම තරුණයා පැවසීය.
එම අවස්ථාවේ එහි පැමිණි විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා යැයි කියාගන්නා පුද්ගලයකුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන්ට එවැනි තොරතුරක් ලැබී පරික්ෂා කළ බවත් එහෙත් පෙට්‍රල්වල භූමිතෙල් ඇතැයි තමන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ය.
ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු යැයි පැවසූ පුද්ගලයකු පැවසුවේ භූමිතෙල් කලවම් වී වාහන නැවතී ඇත්නම් ඒවා පෙන්වන ලෙසයි.
මෙම ඉන්ධන සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බවුසර් රථයෙන් පෙට්‍රල් ලබාගත් සැනින් ගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගඳ වහනය වන පෙට්‍රල් ලබාදෙන්නේ ඇයිදැයි ඇසිය යුත්තේ පිරවුම්හල්වලින් නොව සංස්ථාවෙන් බව කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසිය.
එම ස්ථානයට නාවුල පොලිස් ස්ථානයේ කණ්ඩායමක්ද පැමිණි අතර වාහන හිමියෝ මේ බව ඔවුන්ට දැනුම් දුන්හ.
එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරකු බෝතලයක් ගෙන නාඋල නගරයේම පිහිටි වෙනත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් රැගෙනවිත් පොලීසියට සහ කළමනාකාරවරයාට පෙන්වූ අතර එහි වර්ණය සුදු පැහැති වූ නමුත් විවිධ සේවා සමුපකාර සමිතියේ පිරවුම්හලෙන් ලබාගත් පෙට්‍රල්වල රතු මිශ්‍ර පැහැයක් දක්නට ලැබිණි.
පොලීසියේ නිලධාරීන් ද පැවසුවේ එම සමිතියේ පිරවුම්හලේ පෙට්‍රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවයි.පෙට්‍රල් වාහනවලට ලබාගත් රියදුරෝ එම අවස්ථාවේම තම වාහනවලින් පෙට්‍රල් ඉවත් කළහ.
පොලිස් නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට උපදෙස් දී සිටියේ තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවතන ලෙසත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ය.



2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරලා‘
mohomed faizel Thursday, 23 November 2017 04:14 AM
සමුපකාර පිරවුම් හල් වල ඕව වෙනවා..............
jiffri Thursday, 23 November 2017 05:31 AM
මෙවැනි වංචනික ක්‍රියාවල යෙදන අයට නීතියෙන් උපරිම දඬුවම් දීලා රැකියාව අත්හිටවන්න ඕනේ.
lanka Thursday, 23 November 2017 07:14 AM
සමුපකාර පිරවුම්හල් වල නිතරම ඔය වගේ වැඩ වෙනවා. රාවතාවත්ත සමූපකාර පිරවුම්හලේත් හැමදාම වංචනික විදිහට තෙල් ගැසීම වෙනවා.
Hafeel Thursday, 23 November 2017 07:28 AM
රටේ හැමතැනම වගේ අද දුෂණය, වංචා, හොරකමින් පිරිලා. රට දැන් දුෂණයෙන් ස්වයං පෝෂිත වෙලා. ඇත්තටම මේක යහපාලනයද ?
බද්රානි Thursday, 23 November 2017 08:32 AM
සමුපකාරය කියන්නේ එදා ඉඳලම හොර ගුහාවක්, රජය සිල්ලර වෙලදාම් කරන්න ගියාම ඔහොම තමයි. ඕවල ඉන්නේ දේශපාලන ගැත්තෝ නිසා කිසිම පියවරක් ගන්නත් බැහැ