2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
2018 වසර සඳහා වන අයවැය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 10 වැනිදා සිට අද (16) දක්වා අයවැය පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙයි.
අයවැය දෙවැනිවර කියවීමෙන් පසුව අද (16) පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවැනිවර කියවිම හෙට (17) සිට ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට ඉඳලා ලංකාවේ ආර්ථිකයට උදව් කරන පිරිස් අමතකම වෙලා මේ පාර.... වෙනදා නම් මොකුත් නොකලත් හිත හැදෙන්න හරි මොනවා හරි දෙන්නම් කියලා හරි කියනවා...
ලංකා ඉතිහාසයේ විශිෂ්ටම අය වැය. වාහන මිල, බඩු මිල, බදු විශාල ලෙස අඩු කරලා. හැම දෙනාම ආණ්ඩුවට ස්තුති කරනවා. රාජපක්ෂ බද්ද ගහලා රටේ ණය බරත් අඩු කිරීම වටිනා දෙයක් ...
කොහොමද ටොයියන්ගේ වැඩ?
දැන් කරන්න තියෙන්නේ ලංකාවේ දේශපාලකයෝ රොත්තයි, සියලුම රජයේ සේවකයන්ටයි ලොකු ලොකු සල්ලි කාරයන්ටයි ඕන බම්බුවක් ගහගන්න කියලා පුද්ගලික අංශයේ සේවය කරන සියලුම දෙනාට පුළු පුළුවන් විදියට කොහේ හරි රටකට යන්නයි.
පිටරටවල් වල මිනිස්සු පිටිපස්සෙන් හිනා වෙනවා. ලංකාවේ වාහනේක ගණන් අහද්දී .. රත්තරන් වලින් හදපු වාහනද ඔච්චර ගණන් කියලත් අහනවා .. ඔච්චර ලොකු බද්දක් ආණ්ඩුව අරගෙනත් ඇයි රට ඔච්චර දුප්පත් කියලත් අහනවා .. ඒ රටවල් වල වාහනවලින් ගන්න බදු වලින් කරන්නේ පාරවල් වැඩිදියුණු කරන එකලු. ලංකාවේ මොකද කරන්නේ කියලත් අහනවා .. එතකොට මම කියනවා ලංකාවේ කරන්නේ ඒ ගන්න බදු සල්ලි වලින් දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ සැප ගන්න එකයි පඩි ගන්න එකයි කියලා ..
රටේ තියෙන ණය බරත් එක්ක හොඳ අයවැයක් කියලා කියන්න පුළුවන්.