(සිරාජ් හසීම්)
යාපනය වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සහායකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ.
යාපනයේ ප්‍රබලතම මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය දරණ එම මන්ත්‍රීවරයාගේ බිරිය මීට පෙරාතුව කිසිදු මැතිවරණයකට තරග කර නොතිබීම සහ ඇය තුළ දේශපාලන පලපුරුද්දක් නොමැතිවීම මත ඇය මෙම තනතුරට නුසුදුසු යැයි එම පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරු චෝදනා කර සිටිති.
ඇය මුලින්ම වලිකාමම් දකුණ බටහිර ප්‍රාදේශීය සභාවට තරග කරවීමට උත්සහා කර තිබෙන බවත් පසුව වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපතීත්වය සදහා නම් කර තරග කරවීමටත් දෙමළ ජාතික සන්ධානයේ එකඟතාවය පලවී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ මෙම උත්සහායට එරෙහිව වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සීතල යුද්ධයක් ගෙන යන බවද වාර්තා වේ
ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මාධ්‍ය සහාය ලබා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය මීට සහාය වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග කියා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සාහයකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ." අන්න මිනිස්සු! දෙමල මිනිසුන්ගෙන් පාඩම් ඉගෙන ගනීවි....
දේශපාලනයට කොහෙත්ම නුසුදුසු නම් ඒක තමා ඉහලම සුදුසුකම....
තාත්තාගෙන් පුතාට, අම්මගෙන් දුවට, මාමගෙන් නැන්දට..... රටවල් ගොඩගන්න බැරි එකේ මේ මිනිස්සුවත් කරනවා නම් ලොකු දෙයක්..