(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.





(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිව්වත් මේක නම් යහපාලනයක හොඳ ලක්ෂණයක්. මෙයට පෙර කවදාවත් අගමැතිවරයෙක් තම පාලන කාලය තුල මෙහෙම කොමිසමක් ඉදිරියට කැඳවලත් නෑ. සාක්ෂි දෙන්න සිය කැමැත්තෙන් ඇවිල්ලත් නෑ .
ජයින් ජයිම වේවා.!
අගමැතිතුමා විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කට උත්තර ලබාදීම සිදු කල යුතු වන්නේ එතුමා මෙරට මහජන මුදල් වලට වගකියුතු නිසා . රහස් පොලිසිය විසින් අනාවරණය කර ඇති කරුණු හමුවේ මෙතුමාට කට උත්තර ලබාදීම අනිවාර්යෙන්ම ජනපති කොමිසමට ලබාදීමට සිදුවෙනවා.
ඉතාම හොද පුර්වාදර්ශයක්; පසුගිය සමයේ සිදුවුන අකටයුතුකම් වලට මේවගේ කොමිසම් පත්කලනම්. හිටපු මැති, ඇමතිවරුන්ගෙන් 90% ඔය කොමිසම් හමුවට යන්න වෙනවා. මෙතන වී තිබෙන වංචාවේ සුලමුල හොයලා, තරාතිරම් නොබලා දඩුවම් කරන්න ඕනේ. ඒවගේම පසුගිය සමයේ සිදුවූ බරපතල වංචා දුෂනවලට වහාම නිතිය ක්‍රියාත්මක විය යුතුයි. යහපාලනය උතුරා දොරෙගලන බව හැමෝටම පේනවා.
අගමැතිගේ පිරිසිදුකම තවදුරටත් සනාථ කිරීමට මේක හොඳ අවස්ථාවක් .
නියම නායකයෙක්.
පූර්වාදර්ශයක්.
අපරාදේ අජිත්, අගමැතිතුමාට සුදු රෙද්දකුත් අරන් යන්න තිබුනේ, පිරිසිදුකම ඔප්පු කරන්න.
අගමැති අනිවාර්යයෙන්ම මේ කොමිසමකට කැඳවන්න ඕනේ. එක පූර්වාදර්ශයක් නෙවෙයි. එතුමාගේ දුර්වල කමක් නිසා. මොකද මහබැංකුව භාර මිනිස්ටර් තමයි අගමැති. මුදල් ඇමැති යටතේ තියෙන්න ඕනේ මහා බැංකුව තමන් යටතට අරන් කරපු මහා කොල්ලයට අනිවාර්යෙන්ම අගමැති වග කියන්න වෙනවා.
රටේ පළමු සහ දෙවන පුරවැසියන්... ජනපති හෝ අගමැති... අප නීතියට සහ ව්‍යවස්ථාවට ගරුකළ යුතුය.
මෙය රෙජීමය යටතේ කිසිසේත්ම සිදුනොවිය හැකි දෙයක්... මෙය අගමැතිතුමාගේ හොඳ උදාහරණයක් තමයි...
මේ තවත් කපටි රංගනයක්. ඔහු ලියවිල්ලකින් දුන් සාක්කිය තම කට හඬින්ම කියවා ස්ථිර කරන්නයි අද බැදුම්කර කොමිසමට ආවේ. එවිට අනාගත ආණ්ඩුවකට මොහුට විරුද්ධව චෝදනා ගොනු කල නොහැකියි. මේක තේරුම් ගන්න බැරි මෝඩ රැල... මොහුගේ මහත්මා ගතිය ගැන කියවනවා. අපේ සුන්දර රට මෙවැනි හොර තක්කඩියන්ගේ පාරාදීසයක් වෙලා අපේම කරුමෙට....
අගමැතිතුමාගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක්... ඔබතුමා වරදක් කර නොමැති බව අපි දන්නවා. ඔබට ජය ශ්‍රී !!!
ඔබ සැමට ඉතා වැදගත් පුර්වාදර්ශයක් දී ඇත. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබට සදා ගරු කරමි. පෙර රජය මෙවන් දේ වලදී සොරුන් ආරක්ෂා කල අයුරු අපට ඉතා හොඳින් මතක ඇත.
අලුගෝසුවා එනවා මහා බැංකුවෙන් හොරකම්කළ සල්ලි ගැන සාක්කි දෙන්න ...!!!
අනාගත නායකයින්ටත් හොඳ ආදර්ශයක්....
මම කිසිම පක්ෂයකට කඩේයනවා නොවේ... අද රට තුළ නිර්මාණය වී තිබෙන තත්වය අනුව මැති ඇමතිවරුන් සිට පහලම ශ්‍රේණියේ නිලධාරියන් දක්වා යම්කිසි අයථා ගනුදෙනුවලට සම්බන්ධ වීමට පෙර දෙවරක් සිතාබලයි.... නීතිය සියලුදෙනාට යම්කිසි මට්ටමකට ක්‍රියාකරයි... මෙය රටේ ඉදිරි සංවර්ධනයට මහත් සේ රුකුලක් වනු ඇත.
හිතන්න එපා මේක අාදර්ශයක් පූර්වාදර්ශයක් කියලා. අගමැති අැතුළු සහචරයින් ලැජ්ජා වෙන්න ඕනෑ මේවට. ලංකාවේ වුණු ලොකුම බැංකු වංචාව. තමන්ගේ විජාතික හිතමිතුරන් රටේ මරමස්ථාන වලට පත් කරලා. ඒ අයගේ වංචාවලට කට උත්තර බඳින්නයි මේ යන්නේ. කෝප් කමිටුවේ අාණ්ඩුව නියෝජනය කරලා තියෙන්නේ හොරාගේ මිතුරෝ. හරියට නඩු අහලා හවසට විනිසුරා විත්තිකාරයට කෝල් කරනවා වගේ වැඩක් එතන වෙලා. අවසානේ හොරු අල්ලන්න අාපු අාණ්ඩුව හොරු එකතුවෙලා අාණ්ඩුව අැල්ලුවා. මේ යන ක්‍රමය තුළින් කවුරු අාවත් මේ රට ගොඩගන්න බෑ කියලා අපිට වඩා මේ පාලකයෝ දන්නවා. එ් නිසා ඔවුන් කරන්නේ රට ගොඩ දැමිල්ල තියලා, බලය ලබාගෙන එ්තුළින් ව්‍යාපාර අාරම්භ කර, මුදල් හම්බකර තම පවුල හා පරම්පරාව ගොඩ දැමීම පමණයි. එක අායතනයක් තියනවාද හොඳයි කියන මට්ටමේ...
අගමැතිතුමනි, ඔබතුමා බැඳුම්කර කොමිසමට මොනවා ප්‍රකාශ කලත් ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු.., ඔබ මහා බැංකුවේ අධිපති ලෙස සිංගප්පුරුවේ පුරවැසියෙක් තෝරාගත්තේ ලංකාවේ සුදුසුකම් කුසලතා ඇති පුරවැසියන් නොමැති නිසාද? පත් කිරීමෙන් පසු ඔහුගේ රාජකාරි කටයුතු ගැන අධීක්ෂණය කලේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවූ පසු ඔබ ඔහුට රැකවරණය සැලසුවා නේද? ඊළඟට මේ ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ ඔබ පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප්‍රකාශයක් කළා නේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ බිලියන 59 පාඩුව අය කරගන්නේ කෙසේද? කොමිසමෙන් බේරුණත් ජනතාවට වන්දි ගෙවන්න සිදුවේවි... !!!
එජාප ගොබ්බයින්ට මේවා මැජික් කම්බහොරුන් රඟපානවා කියන්නේ මේවට තමයි.
කම්බහොරු හිටියේ කොයි වකවානුවේද කියලා රටම දන්නවා. මෙහි ලියන සමහර අයගේ මතකයේ ප්‍රශ්නයක් තිබෙන බව පේනවා. කියන්න කොයි නායකයාද මේවගේ කොමිසමකට ගිහින් කට උත්තර දුන්නේ? ගිය ආණ්ඩුවේ අගමැති නෙමේ, ග්‍රාමසේවක කෙනෙක්වත් මේ වගේ යටහත් පහත්ව කටයුතු කලේ නැහැ. ආණ්ඩුවට ඕනෑ විදිහට ඕනදෙයක් කරපු කාලයට තිත තියලා ඉවරයි. මම හිතන විදිහට එ් වෙනසට කැමති නැති කොටසකුත් ඉන්නවා වගේ.
රටේ තියෙන සියලුම විමර්ශන සොයසොයා ගොස් සාක්කි දියයුතුය. එවිට අගමැතිතුමත්, යහපාලනයත් තව තවත් බැබළෙනු ඇත.
කොහොම හරි කමක් නැහැ... කාව කාව හරි ගෙන්නලා හොරා කාපු සල්ලි ටික අායෙත් ලැබෙන්න සලස්සන්න..! වෙන රටක නම් අගමැතිට චෝදනාව එල්ල වුණු ගමන් ඒ අය අගමැතිකම් අතහරිනවා.. එ්ත් ඉන්නේ අගමැටිලා..!
මෙයාට කොමිසන් වල උත්තර දීලා හොඳ පුරුද්දක් කොහොමත් තියනවනේ...
නිහාල්, පූර්ව අාදර්ශේ වෙන්නේ නඩුවෙන් පැරදිලා හිරේ ගියොත් විතරයි. ඕව බොරු සංදර්ශන, නිහාල් වගේ අයට ඕව මැජික්...
අලි බබයි, හොරු හතළිහයි වගෙයි.... හා හා හා
කොහොම කොහොම හරි යහපාලනෙන් අල්ලා ගත්තේ යහපාලනේ හොරු ටිකනේ... කෝ කලින් තිබුණු සහෝදර පාලනේ කාලේ හොර නඩේ කවුරුවත් තාම හරියට අල්ලා ගන්න බැරි වුණානේ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්තියක් වත් දන්නේ නැති නීතීඥයින් ඉන්න රටක්නේ කලින් ආණ්ඩුව කාලේ බිහිකලේ... හඳට එක එක දේවල් යවපු පුතාලා, හඳට යන එක එපා වෙලාද කොහේද දැන් සින්දු කියනවනේ...
ලෝකේ ලොකුම හොරකම !!! රජයේ නිලාරින් වැඩිම සම්බන්ධකම් තියෙන හොරකම, යහපාලනේ ලොක්කෝ දෙන්නා කිසිම දෙයක් නොදැන හිටිය හොරකම, හිතාමතාම පිටරැටියෙක් පත්කරවාගෙන සිදුකරපු හොරකම, මැති ඇමති හැමෝටම යහමින් ලැබුණු හොරකම, මේ වගේ දේවල් නොදැන ඉන්නද ලොක්කෝ දෙන්නාව පත්කරගත්තේ? මේකද යහපාලනේ? මෙතුමාට කටඋත්තර දෙන්න වුනේ බරපතල චෝදනාවක් නැතුව නොවේනේ... එහෙනම් මෛත්‍රී මහතාවත් කැඳවන්න ඕනෙනේ.... රවී මහතාගේ නම කියපු ගමන් මතක්වෙන්නේ හොර නාමයයි ඉතින් එහෙම එකේ එතුමලා වගේ කට්ටිය මුදල් ඇමතිලා කරනකොට මෙයාලා නිදාගෙන හිටියද? මහින්ද මහතා හොරකම් කරන්න ඇති...., තව මගෝඩි වැඩ කරන්නත් ඇති, නමුත් වසර 32 තිබුණු යුද්ධය නැතිකරපු එක ලොකු පිනක්, එහෙම නොවුණානම් මේ ලෝකේ වෙන කිසිම ජගතෙක් කොටින්ට අත තියන්නේ නැහැ. අපි ඇත්ත ඇති හැටියෙන් කතාකරන්න ඕනේ. අද අපිට කෝ සහනයක්? වතුර, ටෙලිෆෝන් විදුලි හා අනෙක් බිල්වල වැඩිපුරම තියෙන්නේ බදු විතරයි. යලිත් අපේ රටේ තේ, පොල්, රබර් ලැබෙන්නේ නැහැ. ඒක මොන ආණ්ඩුව ආවත් ගොඩගන්න බැහැ. ඕක තමා තිත්ත ඇත්ත. මහින්ද මහතා වැරදි හදාගෙන හොරගෙඩි පන්නලා.., මෝඩ පුත්තු ටික දේශපාලනෙන් අයින්කරලා අායිත් අාවොත් වරදින එකක් නැහැ....
හොරුන්ව පත් කරලා හොරුන්ව ආරක්ෂා කරලා එ්කට කට උත්තර දෙන්න එන එක ආඩම්බර වීමට හෝ ආදර්ශයට ගන්න දෙයක් නැහැ... ලැජ්ජා වෙන්න ඕනේ ... අාවේ කොහොම ජාති කියලද ..? එ්කෙන් පහුගිය ආණ්ඩුවේ හොර වැඩ කිසිසේත්ම අනුමතද නොකළ යුතුය..
හොරුත් එක්කම කොමිසමට ඇවිත් කියනවා හොරුත් එක්කම යහපාලනය ඉදිරියට ගෙනියනවලු... බැංකු හොරකම කියන්නේ යහපාලනයද? දැන් ඇති ඊජිප්තුව වගේ කොළඹ වට කරන්න කලින් ඉල්ලලා අස්වෙන්න.
අවසන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නෙන් පසුව බලාගන්න පුළුවන් කවුරු කවුරු ඉදිරියේදී අධිකරණයට රස්තියාදු වෙනකම් බලන්න. අද මහින්ද වගේ ඉදිරියේදී රනිල්. ගෞරවය තියාගෙන පක්ෂ නායකත්වය සුදුසු කෙනාට බාර දීල ගියානං, අද මෙහෙම වෙන්නේ නැහැ.
මෙයා තමයි සිංගප්පූර් පුරවැසියෙක් මේ තනතුරට පත් කලේ..සැම දෙයක්ම කලේ දැනගෙන, සැලසුම් සහගතව බව හොඳට පැහැදිලියි. වංචාව පෙරදැරිව විදේශ මුදලට මේ රට විනාශ කරන මොහු අද සිටිය යුත්තේ හිරකුඩුවේය. මොවුන්ගේ හෙන්චයියලා යහපාලනයේ හොඳ නිසා තමයි බය නැතුව යන්නේ වගේ මොනවා කීවත් මේ බත් බැලයන්ට මේ රටට වන විනාශය නොපෙනීම අපරාධයකි. මේ වගේ තත්වයක් ලෝකේ වෙන තැනක සිදු වුනිනම් ඔවුන් ඉල්ලා අස් වී හමාරය. මේ රට විනාශ කරන, රටේ මුදල් හොරාකන පින්ගුත්තරයන්ට නියම විය යුත්තේ හිර දඬුවමයි. හොරා කෑ මුදල් වහා අය කර ගත යුතුයි.
පාර්ලිමන්ට් එකේ ඉන්න සේරම එජාප කාරයෝ ටික එක්කගෙන ආවේ කොමිසම බය කරන්න වෙන්න ඇති. කතා කෙරුවානම් මෛත්‍රි ජනාධිපතිවත් එක්කගෙන එන්න තිබුණා. කතා කරන්නේ චන්ඩි වගේ. තනියමනේ යන්න තිබුනේ....
අනේ මට පේන්නේ මෙහෙමයි... ඉහත සියළු දෙනා කියන පරිදි ... මහින්ද මහත්තයා 30 අවුරුදු යුද්ධය ජයග්‍රහණය කර රට බේරා ගත්තා. හොරකම් කරන්නත් ඇති. ඒ හොරු අල්ලනවා කියලා ආපු රනිල් මහත්තයා බේරාගත් රටක් නැත. අල්ලපු හොරෙක්ද නැත. බේරාගත් ඒවත් ආපසු යන පාටයි. ඔහු සහ ඔහුගේ පිරිස මෙතෙක් සිදුවූ ලොකුම හොරකමට සම්බන්ධ වී ඇත. කරුණාකර දෙපැත්ත සසඳා බලන්න.
පිංතුරේ ඔක්කොමලා නැමි නැමී බලන්නේ කලිසම නැහැ වගේ පේන නිසාද මන්දා....
බබා, තොත්ත බබාලා ලඟදිම එනවා. පළමු දැක්ම බබා ලන්තයේදී, දාගත්ත අං තට්ටුව පැළඳගෙන නරඹන්න.
විදේශිකයෙක්ට තමන්ගේ රටේ මුදල් ටික හොරකන් කරගෙන යන්න ඉඩ දීලා, ඔයාලා වගේ අයව අන්දන්න තමයි ඔතෙන්ට මුණ දාන්න ගියේ. කට්ටිය ගානට ඇන්දිලයි ඉන්නේ. ලැජ්ජයි. අපේ රටට ගොඩ යාමක් නැත.
මේක හොර ජාලයක්... එකිනෙක බැඳුණු පොලිසිය අධිකරණය, දේශපාලකයෝ මේවට සම්බන්ධ... මේ හොර ජාලය මැඩලිය යුතුයි.
අනෙක් අය දීර්ඝ ප්‍රශ්න කිරීම් වලට ලක් වුනද අගමැති තුමාට නම් එසේ නැත. පැයකට අඩු කාලයකින් මෙම නාටකය නිම වී ඇත.... සැරදේවා ලක් මවුනි ගරු....!!!
හොරෙක් වුනත් ඉන්නේ මැති සබයේ නම් "එතුමා" කියා අමතන්න තරම් ජන මාධ්‍යය සදාචාරයක් තියෙන රටක් මේක. ජනතාවට ගරු කරන්න බැරිනම් අඩු තරමින් ජන මාධ්‍යයට හෝ ගරු කරන්න අපේ රටේ දේශපාලකයින් කිසිදාක ඉගෙන ගත්තේ නැහැ. එදාට වඩා අද විවේචනයට ඉඩක් ලැබී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට දුන් මැතිවරණ පොරොන්දුවක් නිසයි. නිදහස "වල් බූරු" නිදහසක් කරගත් ආණ්ඩුවේම ඇතැමුන් ප්‍රබල ජන මාධ්‍යය ඉදිරියේ පවා නිරුවත ප්‍රදර්ශනය කරන්න ඉදිරිපත් වීම "පුර්වා දර්ශයන්" ලෙස හුවා දක්වන්න උත්සාහ කරන්නේ තම පක්ෂයේම ඇට්ටම්බියන් මය. වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භයේ ලොකුම ඛේදවාචකය හොරුන්ටත් ගරු සරු දැක්වීමයි. "බලන් කඩතුරා හැර දෑසේ".
රනිල් හොරකම් කරන මිනිහෙක් නොවන බව මුළු ලෝකයම දන්නවා. ජනාධිපති ඔය කොමිසම පත්කලානම් 2010 සිටම කරපු බැඳුම්කර ගනදෙනු පිළිබඳව සොයන්න. බලාගන්න තිබුණ රටේ සිදුවෙලා තිබුනේ කුමක්ද කියලා.
ඔබට සදා ජය....!!!
අජිත් කතා කරන්නේ මොන පිරිසිදු කමක් ගැනද ...