(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
එම පෙත්සමට මැදිහත්වීමට තමන්ටද අවර දෙන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතීඥවරියක් විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වලට අවසර දෙන්නේද යන්න පිළිබඳවද හෙට සලකා බැලීමට නියමිතය.
වතුගෙදර විජේරත්න මහතා ඇතුළු මහනුවර, ඇඹිලිපිටිය, කොළඹ, මාතර සහ හාලිඇල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කොට ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් පළාත් පාළන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ ඇත.
මෙම පෙත්සම ඇල්.ටී.බී. දෙහිදෙණිය, කුමුදිනි වික‍්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යනවිනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
පළාත් පළාන ආයතන වල සීමවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් 2017 පෙබරවාරී 17 වැනිදා අංක 2006/44 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් එහිදී වගඋත්තරකාර පළාත් පාලන ඇමතිවරයා විසින් සිය බලය අභිභවා යමින් බහුවිධ මන්ත‍්‍රී ආසන, කේවල මන්ත‍්‍රී ආසන වශයෙන් මාරු කළ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.
එබැවින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම විභාග කොට අවසන් කරන තෙක් ගැසට් නිවේදනය බලාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාලි ඇල ඇඹිලිපිටිය වගේ පළාත්වල අහිංසක මිනිස්සුන්ට මේ අසාධාරෙනේ තදින්ම දැනිල වගේ, පව් අනේ.
ඔබට තේරෙන්නේ නැහැ........හැම දේටම ලෙඩ අදාල මැතිවරණය කල් දායි.....
ඡන්දෙ පැවැත්වීම හොඳා , නමුත් මේ විදිහට සභිකයන් වැඩි කෙරුවොත් ඒ බරත් අපිටම තමා. තව බදු වෙඩි කරන්න වේවි . දැන්මම වෙනස් කෙරුවේ නැත්නම් පළාත් සභා වගේ බොරු වියදමක් තමා මේකත්.
පුදුම වෙන්න එපා. මැතිවරණ නම් ළඟකදී තියන්නේ නැතිබව පැහැදිලියි.
ඡන්දෙ කල් දාගන්න කරන තවත් මගෝඩි වැඩක්.
මේක සුවර් එකටම එකබ්දේ වැඩක් . ශ්‍රී ල.නි.ප ඡන්ද දෙකට කැඩුනම එ.ජා.ප එක නිකම්ම ගොඩ මහින්ද හොම්බෙන් යනවා . යථාර්තය එකයි.
ආයෙත් නාට්‍ය පටන් ගන්න වගේ හදන්නේ...
බොරුවට ගැලරියට කතා කලාට පොදු ජන "පොහොට්ටුව" ඡන්දෙට බයයි වගේ. අපිත් බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරු තමයි ඔබලාගේ කයිවාරු අවසන් කිරීමට. බොරුවට උසාවි ගොස් මෙය දික් නොකර ඡන්දෙකට ගොස් පසුව මෙය විසදා ගත්තනම් ඔබගේ බොරුවට හෝ අවංක කම පෙන්නනන්න තිබුනා. මේ ක්‍රියාවෙන් එකත් ඔබලා විසින් නැති කරගත්ත.
ඡන්දෙ දියන් දියන් කියලා ඉල්ලලා දැන් කල්දාගන්න උසාවි යනවා.
මුහන්, රුවන් ඔය දෙන්නටම වලිගෙ පෑගිලා. මේක එ්කාබද්ධයේ වැඩක් නෙවෙයි. හරි විස්තරය දැනගන්න දිවයින පත්තරේ බලන්න.
අපි ඡන්දයක ගැන වාද කරන්නවත්, බිය වෙන්නවත් අවශ්‍ය නැහැ. මොකද 2020 ජනාධිපතිවරණය හෝ ඊට පෙර ජනමත විචාරණය හෝ පැවැත්වෙනතෙක් වෙනත් කිසිදු ඡන්දයකට මුහුණ දිය යුතු නැහැ.