(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය.
‘ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම’ විසින් පවරනු ලැබ ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න මහතා, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ටී.එෆ්.එල්. සින්නයියා සහ නාවික හමුදාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ යන මහත්වරුන් නම් කරනු ලැබ ඇත.
තමන් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් හා ඒ සඳහා අවශ්‍ය ගිනි අවි සහ පතුරම් තබා ගනිමින් කුඩා ප‍්‍රමාණයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බව එම පෙත්සමේ සඳහන් වෙයි.
ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට මුහුදු ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් වසර 14ක පළපුරුද්දක් ඇති තම සමාගම එම ව්‍යාපාරය 2011 වසරේදී සංස්ථාපනය කළ බවත් ගොඩබිම් ආරක්‍ෂක කටයුතු වල නිරතව සිටි ‘රක්නා ලංකා’ සමාගමෙන් තමන් මුහුදු ආරක්‍ෂක කටවයුතුවලට අවශ්‍ය ගිනි අවි සහ පතුරම් ගෙවීමේ පදනම මත ලබාගත් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.
නමුත් පසු අවස්ථාවක ‘රක්නා ලංකා’ සමාගමෙන් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට මුහුදු ආරක්‍ෂාව ලබා දීම ආරම්භ කළ බවද එහි දැක්වේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මුහුදු ආරක්‍ෂක කටුයතු සඳහා ‘එස්.එස්. මහනුවර’ නැවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 නොවැම්බර් මස 13 වැනිදා නාවික හමුදාව විසින් ගාලූ වරායේදී අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් තමන්ට රුපියල් කෝටි 240කට අධික පාඩුවක් සිදුවු බවත් සඳහන් කරන පෙත්සම්කරු තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවන්ට් ගාර්ඩ් එකට නීති උපදෙස් අර පහුගිය අමතිතුමගෙන්ද දන්නේ නෑ.
අවනගාර්ඩ් ආයතනය රජයේ යුධ උපකරණ සාවද්‍ය ලෙස පරිහරණය කරමින් මුදල් ඉපයීම හා රජයේ දේපල අවභාවිත කිරීම මහජන මුදලින් රජයට ගෙන්වූ උණ්ඩ හා උපකරණ භාවිතා කරමින් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් නීති විරෝධී ව්‍යාපාරය කිරීම වෙනුවෙන් එම ආයතනය බ්ලැක් ලිස්ට් කර පරිපාලනයේ සිටි සියලු නිලධාරීන් හා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් වරයා වහාම අත්අඩංගුවට ගත යුතුය රජය විසින් මහජන මුදල් යොදවමින් මිලයට ගත යුධ උපකරණ පවතී යුද්ධය නිම කිරීම සදහා මිස පසුගිය රජයේ රජයේ ආරක්ෂක ලේකම්ට හා අවනගාර්ඩ් ආයතනයට ව්‍යාපාරය කිරීම සදහා නොවේ.......
ඔව් බොරුවට නඩු දාලා මිනිසුන්ගේ රස්සා නැති කළාට වන්දියක් දෙන්න ඕනි.
මේ ආණ්ඩුව ඇවිත් රටේ හැමදේම අවුල් කරා,ඒකට කියන්නේ යහපාලනය කියළලු..මෙම පාලනයේ මුලික සිද්ධන්ත කිහිපයකි.....ගොවියා අනාතකර කෘෂි කර්මාන්තය දියුණුකිරීමට සුපරි ගොඩනැගිල්ලක් රාජගිරියෙන් ලබාගැනීම,ගම්මිරිස් වගාව දිරිගැන්වීමට පිටරටින් ගංමිරිස් ගෙන්වීම, පරිබෝගිකයාට බදුබර පටවා ,ඇමතියන්ට සුපරි වාහන ගෙන්විම, හම්බන්තොට ගුවන්තොටුපලේ "වී' ගබඩා කොට,ඉතිරි "වී" ටික සත්ව ආහාර සකසා රටින් හාල් ඉම්පොර්ට් කරනවා, රසවත් ගුණවත් ක්රෝටන් කොළ සහ පුන්නකු මිනිසුන්ට ආහාර ලෙස පුරුදු කිරීම ,දියවැඩියාව පාලනයට පැනිබිමවලට බදු ගැසීම ,රටට ලැබෙන අදායම් මාර්ග සියල්ල අහුරා රටේ සම්පත් සියල්ල විකුණමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු දැක්විය හැක...කණගාටුවට කරුණ නම් මෙයාලගේ අවුරුදු 5 ඉවරවෙනකොට අපේ රටත් අවුරුදු 100කටම ඉවරයි .
සිය රට දේ ..සිරි සැප දේ ...කවදත් කලේ අපේ මිනිහව පාගා දැමීම තමයි...
මෙම රජය ආදායම් ලබන්නේ ප්‍රධාන වශයෙන් පසුගිය රජය හදපු වරාය , ගුවන් තොටුපොල , අැතුළු රජයේ සම්පත් විකිණීමෙන් . ඒවගේම පසුගිය රජය කාපට් කරපු පාරවල් වල ගමන් ගන්න වාහන වලින් පොලිසිය ලවා දඩ මුදල් එකතු කිරීමෙනුත් ය .
මේ නිවට ආණ්ඩුව රටට කලේ විනාශයකි.මේ දුෂ්ට ජඩ පාලක් දන්නේ පළි ගැනීමය.මුන්ගේ බත් බැලයන් මුන්ට කඩේ යන පිංගුත්තර නිවටයින් බවමහා ජනතාව තේරුම් ගත යුතුය.ඇවන්ට් ගාර්ඩ් එක ගැන ක්‍රියා කල අයුරින් මෙය පෙනී යයි.
පොඩ්ඩක් හිතන්න. ඔය ආරක්ෂාව සපයන කාර්ය නාවික හමුදාවෙන් නේද ඉස්සල්ලම කලේ. පත්තර වල තිබුනේනම් එහෙමයි. එහෙමනම් ඉස්සෙල්ල නාවික හමුදාවෙන් නේද අධිකරණයට යා යුත්තේ ?
යහපාලනයට හොඳ වැඩේ මෙයාලගේ නඩු වෙලාවට ඉවරකරන්නේ නැතුව ඩීල් දැම්මට...
ඔව් ඔව් කොහොම හරි මෙයාලගේ පාඩුව පියවන්න ඕන. කොහොම හරි ආපහු මේ අයටම දෙමුකෝ සල්ලි හොරකම් කළා මදිවට තවත් කියවන්න එනවා.