උදෑසන අටේ සිට වෛද්‍යවරු වැඩ වරති සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි. 21 June 2017
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි. 21 June 2017
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 June 2017
ඥානසාර හිමිට යළිත් ඇප සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය. 21 June 2017
ඥානසාර හිමි අත්අඩංගුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි. 21 June 2017
ඥානසාර හිමිට ඇප කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 21 June 2017
ඥානසාර හිමියෝ උසාවියට බාරවෙති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ. 21 June 2017
දූෂණ සෙවූ කමිටුවට නඩු දමන්න යයි දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කළ ත්‍රිපුද්ගල කමිටුව තමා සම්බන්ධයෙන් පදනම් විරහිත සාවධ්‍ය චෝදනා හා කරුණු ඇතුළත් කරමින් වාර්තාව සකස් කර ඇති බවත් මෙම කමිටුවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවත් උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් මහතා සදහන් කළේය. 20 June 2017
ආපදා පෙදෙස්වල සිසුන්ට සරසවි යන්න වරම් හතරක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 20 June 2017
ඩෙංගු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව කල් තැබේ පාර්ලිමේන්තු සභා ගැබේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද(20) පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය. 20 June 2017
පෝද්දල ජයන්තගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක් පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. 20 June 2017
විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය අස්කරගනී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත අද(19) දැනුම් දී තිබේ. 19 June 2017
ශ්‍රී ලන්කන් අධ්යක්ෂ මණ්ඩලය කැබිනට් රැස්වීමට කැඳවයි හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ. 19 June 2017
ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 June 2017
කොළඹ කුණු අස්කරන්න දින 3 ක් කල්දෙයි කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළි කසළ දින තුනක් ඇතුළත ඉවත් නොකරන්නේ නම් මහ ඇමැතිධුරයෙන් ඉවත් කරන බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ. 19 June 2017
ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 18 June 2017
උසස් පෙළ සිසුහු 700 ක් පැදුරේ උගනිති හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති. 18 June 2017
ආපදාවට ලක්වූ නිවාසවලට අත්තිකාරම් දෙන්න රජයෙන් කෝටි 15ක් ගංවතුර,නාය යෑම් හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් හානියට පත් නිවාස සහ ගෘහ උපකරණවලට ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් කෝටි 15ක මුදලක් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. 18 June 2017
ඩෙංගු මදුරු මර්දනයට බැක්ටීරියාවක් ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 17 June 2017
රාජකාරිය හරියට කරන බව විග්නේෂ්වරන් කියයි ‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා. මගේ සේවය දිගටම ජනතාවට ලබා දෙනවා. ‘ යැයි විශ්වාස භාගං යෝජනාවක් ඉදිරිපත් වී ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය. 16 June 2017
පිළියන්දල වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු රඳවාගැනීමට අවසර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද(16) අවසර දුන්නාය. 16 June 2017
කොන්දේසි සහිතව ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට පියවර අත් අඩංගුවට ගන්නා ලද පිළිවෙල අනුව සහ තවත් කොන්දේසි කිහිපයක් මත මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 June 2017
උතුරු මහ ඇමැතිගේ විශ්වාසභංගයට විරුද්ධව පෙත්සමක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාසභංගයට විරුද්ධව 15 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතා වෙත බාර දෙනු ලැබීය. 16 June 2017
මන්ත්‍රී වාහන බලපත් විකිණුයේ‘යැයි ගොණුකළ පෙත්සම ඉවතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. 15 June 2017
වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප්‍රකාශ කරයි. 15 June 2017
විග්නේෂ්වරන් ඉවත් කිරීමේ යෝජනාවක් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසියේදී මහඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි. 15 June 2017
උතුරු මහ ඇමැතිට විශ්වාසභංගයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 14 June 2017
සැකකරු මුදා හළ පොලිස් ලොක්කා නිදැල්ලේ යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයට දින නියම කර ඇතත් සැකකරුවකු මුදා හැරීමට ආධාර අනුබල දීමට සම්බන්ධ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ගැන නීතිපති උපදෙස් තවමත් නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 14 June 2017
හේන්දෙවිතාරණගෙන් පැය අටක් ප්‍රශ්න කරයි උතුරු නැගෙනහිර කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත් ආයතන කිහිපයකින් මිලියන ගණනක මුදල් සිය ගිණුමට බැර කරගෙන ඇතැයි කියන පැමි‚ල්ලක් මත ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය අද පැය 8 ට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය. 14 June 2017
නාමල් සමග අරණායක ගිය රාජ්‍ය නිලධාරීන් අමාරුවේ “අරණායකට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සමග වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින්ට නිතීය තදින්ම ක්රීයාත්මක කරන ලෙස කෑගල්ල දිසාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි. 14 June 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026