ඩයනා උදයංගනී
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
තවත් දින 5කට සරිලන තෙල් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර දැනට පැමිණෙමින් තිඛෙන තෙල් නැව එම දින 5 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
එම ඉන්ධන දිවයින පුරා නිසි අයුරින් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොර තෙල් නැව ප්‍රතික්ෂේප කර ඇත්තේ පාරිභෝගිකයා පිළිබඳ සිතා බව ද ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන්නේ කොහොමද ඉන්දියාවේ දේවල්වලට... අපොයි,.. අපි කිව්වා ඕක, දොස්තරලාත් ගේමු කියලනේ කියන්නේ සමහරු .. තෙල් නම් ගේද්දිම හොයාගත්තැහැකි. මිනිස්සු මැරෙද්දී තමා දොස්තරලා ගෙනාවොත් හොයාගන්න වෙන්නේ.. බලන් කඩතුරා හැර දෑසේ...
අපි මේවා දැන් විශ්වාස කරන්න හරි බයයි.
මෙහෙමත් රටවල් එක තෙල් නැවක් ප්‍රමාද වුනොත් තෙල් නැ, ආණ්ඩු මොකටද ? නිකන් තියන තෙල් ටැංකි ටික පුරවා ගන්නවත් බැ.
අයියෝ ලැජ්ජයි. පෙට්‍රෝලියම් එක ලාභ ලබන රජයේ ආයතනයක් නේද ...පෙට්රෝල් ලීටරයකට මොන තරම් ලොකු බද්දක් ජනතාවගෙන් අය කරනවද ? ඔය ලබන ලාබය මොනවටද කොහාටද වියදම් කරන්නේ ? මුළු රටම එක සතියක් දුවන්න ඕන කරන්නේ එක තෙල් නැවද? එහෙම එන නැවක් හදිසියේ හරි මගදී කැඩුනොත් රටේ ජනතාවට වෙන්නේ උඩ බලන් ඉන්නද ? මෙහෙම රටක් කරන්න ආණ්ඩුවක් ඕනද ? අපේ රට කරන්න කොහෙන් හරි රටකින් හොඳ කොම්පැනියක් හොයාගෙන බාරදුන්නොත් මෙයිට වඩා ලස්සනට කරලා පෙන්නයි ..
මේ වෙනකම් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බලධාරීයා කියල තියන බොරු හැටියට, අපිට ඔය කියන කතාවත් විශ්වාස කරන්නද කියන්නේ?
මේ සේරම වැඩ බැරි ඇමතියෙක් සහ එයාගේම සහෝදරයෙක් කරන වැඩ....
බෑ බෑ.. තෙල් ටැංකි ටික විකුනන්නමයි ඕන.. දැන් සැපද මිත්‍රවරුනි .. දැන්වත් ටිකක් මොලේ පාවිච්චි කරලා වැඩ කරමු.. රටේ සම්පත් රැක ගන්නවනම් මෙහෙම දෙවල් වෙන්නෙ නෑ.. තෙල් බලය අයිඕසී දුන්නොත් වෙන දේ දැන් හිතාගත්තැහැකි..
කුරුණෑගලට පෙට්‍රල් නැත
අපේ තෙල් සංස්ථාවට අවශ්‍ය තරම් ගබඩා කරගැනීමට තෙල් ටැංකි නැහැ. පහුගිය දවස්වල තෙල් සංස්ථාවේ යුනියන් වර්ජනය කලේ හම්බන්තොට තෙල් ටැංකි සහ ත්‍රිකුනාමලේ තෙල් ටැංකි සංස්ථාවට දෙන්න කියල අපිට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගබඩා කරගන්න. දැන් රජයේ සම්පත් විකුණගෙන කන එකේ ප්‍රතිපල භුක්ති විදින්න පටන් අරගෙන නේද?
අනේ අපොයි රටේ ජනතාව වෙනසක් කරන්න ගිහින් කරගත් විනාසයක මහත.
අයවයෙනුත් කරන්නේ ඉන්දියාවෙන් එන කබල් වාහන වල බදු අඩු කරන එක
මිනිස්සුන්ටත් හොඳයි යමක් තේරෙන්න.
ඉතා පහල මට්ටමක තිබෙන සැපයුම් ප්‍රතිපත්තියක් මත ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන බවකුයි පෙනෙන්නේ. අඩුම වශයෙන් මාස 3 කට වත් අවශ්‍ය ඛණිජ තෙල් රට තුල ගබඩා කල යුතු නේද? වෙන රටවල් වැඩ කරන විදිය බලලවත් ඉගෙන ගත යුතුනේද? ඛණිජ තෙල් ගෙන්වා අලෙවි කරන්න තව තව පුද්ගලික ආයතන වලට දෙන්න බැරි මොකද?
මග එන තෙල් නැවත් මේ තෙල්ම නම් මොකක්ද කරන්නේ? තිබෙන අර්බුධකාරී තත්වය නිසා මේ වතාවේ පමණක් භාරගන්නවා කියල භාර ගනී නේද ? ඒ මදිවට මුලින් තෙල් පරික්ෂා කල නිලධාරීන් රජය අපහසුතාවට පත්කිරීම සදහා බාල තෙල් බව පැවසුවද සිංගප්පුරුවට යැවූ සාම්පලය පරික්ෂාවේදී තෙල් හොද බවට සහතිකයක් ලැබුනා කියා ලංකාවේ පරීක්ෂාකළ නිලධාරියා ගෙදර යවා සියල්ල යට ගසාවි නේද ? එහෙම කරන්න දැනටත් ඉන්දියාවෙන් දැඩි බලපෑම් ඇති නේද ? අපි ඉන්දියාවට යටත්වෙලා ඉවරයි නේද ?