ඩයනා උදයංගනී
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
තවත් දින 5කට සරිලන තෙල් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර දැනට පැමිණෙමින් තිඛෙන තෙල් නැව එම දින 5 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
එම ඉන්ධන දිවයින පුරා නිසි අයුරින් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොර තෙල් නැව ප්‍රතික්ෂේප කර ඇත්තේ පාරිභෝගිකයා පිළිබඳ සිතා බව ද ලේකම්වරයා කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.